දවසේ වැඩ ඉවර කරලා නිදා ගන්න අැදට යන්න කලින් එක එක අය විවිධ වැඩ කරනවා. සමහරු වතුර බොනවා, අාගම සිහි කරනවා, පොත් කියවනවා වගේ විවිධ වැඩ කරනවා. ලොක.ප්‍රසිද්ධ අය රෑට අැදට යන්න කලින් මොනවා කරනවා අැතිද? අපි එ් ගැන මොයලා බැලුවා. මේ තියෙන්නෙ විවිධ ක්ෂ්‍රේත්‍ර වල ඉන්න ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෝ 10 දෙනෙක් නිදා ගන්න යන්න කලින් කරන දේවල්.
1. බිල් ගේට්ස්
මයික්‍රොසොෆ්ට් සමාඟමේ අයිතිකාරයා, බිල් ගේට්ස් අැදට යන්න කලින් හැමදාම පැයක් විතර පොත් කියවනවලු. ඔහු වැඩියෙන්ම කියවන්න කැමති දේශපාලනය හා සම්බන්ධ පොත්. එ්වගේ ලෝකයේ අරුම පුදුම දේවල් ගැන තියෙන පොත් කියවන්නත් ගොඩක් අාසයිලු. බිල් ගේට්ස් නිදා ගන්න යන්න කලින් අනිවාර්යෙන්ම ළමා කතා පොතකුත් කියවනවා. “The Flower Of SeveN Colour” පොත හොදට කට පාඩම්.
2. අැන්ජලීනා ජොලී
අැන්ජලීනා නිදා ගන්න කලින් එයාලේ දුරකතනය ඕෆ් කරනවලු. එ් විතරක් නෙවෙයි ඕෆ් කරලා වෙනින් කාමරයකින් ගිහින් තියනවලු.
3. ජොයෙල් ගැස්කෝර්න්
Buffer කියන ප්‍රසිද්ධ සමාජ ජාලයේ C.E.O තමයි ජොයෙල් ගැස්කොර්න්. 24 හැවිරිදි ඔහු නිදා ගන්න කලින් ටිකක් අැවිදිනවලු. එහෙම අැවිදින කොට අලුත් අදහස් එනවා කියලයි ඔහු කියන්නෙ.
4. වේරා වැංග්
වේරා වැංග් අැමරිකානු ජාතික නිරූපණ ශිල්පිණියක්. අැය නිදා ගන්න කලින් කරන්නෙ චිත්‍රයක් අඳින එක. රෑට නිදා ගන්න කලින් චිත්‍රයක් අැන්දම මුළු දවසෙම හිතේ තිබ්බ කරදර අමතක වෙනවා කියලයි අැය කියන්නෙ.
5. කෙනත් චෙනෝල්ට්
American Express සඟරාවේ සී.ඊ.ඕ කෙනෙක් වුන කෙනත් නිසා ගන්න කලින් ඊලග දවස සැලසුම් කරනවලු. එ් නිසා තමයි එයා ලෝකයේ පොහොසත්ම විසි දෙනා අතර ඉන්නෙ.
6. ෂාරුක් ඛාන්
ෂාරුක් ගැන නොදන්න කෙනෙක් නෑනේ. ෂාරුක් නිදා ගන්න කලින් හොඳට රත් වෙන්න අයන් කරපු පිජාමා එකක් අඳිනවලු. ඊට පස්සේ දෙවියන් යදිනවාලු.
7. මාක් සකර්බර්ග්
සකර්බර් කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඔහුට ඉස්කෝලේ කාලේ ඉදන්ම කියලා තියෙන්නෙ “වවුලා” කියලා. එ් රෑටත්, දවල්ට වගේම වැඩ කරන නිසා. සකර්බර්ග් කියන විදියට අලුත් පරිගණක වැඩසටහන් හදන්න හොදම වෙලාව රෑලු. එ් නිසා තාමත් ඔහු නිදා ගන්න කලින් පැයක් දෙකක් පරිගණක වැඩසටහනක් හදනවලු.
8. මෙලනියා ට්‍රම්ප්
ඩොනල් ට්‍රම්ප්ගේ බිරිද තමයි මෙලනියා ට්‍රම්ප් කියන්නෙ. අැය නිදා ගන්න කලින් විදේශ රූපවාහානී නාලිකාවල ප්‍රවෘති අහන්නලු කැමති. එ් ප්‍රවෘත්ති අතරේ අැය ගැන මොනවාද කියන්නෙ කියල බලන්න. ට්‍රම්ප් ජනාධිපති වුනාට පස්සෙ තමයි අැයට මේ පුරුද්ද අැති වෙලා තියෙන්නෙ.
9. කිම් කාර්ඩාෂියන්
නිරූපණ ශිල්පිණයක් වුන කාර්ඩාෂියන් නිදා ගන්න කලින් කරන්නෙ දවස පුරාම මුහුණේ අාලේප කරපු මේකප් අයින් කරන එකලු. මේ වැඩේට අැයට විනාඩි 45 ක් විතර යනවලු. එ් වෙලාවට තමයිලු අැය යාලුවෝ එක්ක දුරකතනයෙන් කතා කරන්නෙත්.
10. ජෙෆ් බෙසෝස්
Amazon. com වෙබ් අඩවියේ සී.ඊ.ඕ තමයි ජෙෆ්. ඔහු හරියටම පැය 6 ක් විතරයි දවසකට නිදා ගන්නෙ. කරදරයක් නැතුව නිදා ගන්න ඕන නිසා ඔහු කාමරේ දොරවල් හොදට ලොක් කරනවලු. ඊට පස්සේ රිලැක්සේෂන් සංගීතයක් පසුබිමින් වාදනය වෙන්න අැරලා නිදා ගන්නවලු.