අද 2017 ඔක්තෝම්බර් මාසයේ 22 ඉරිදා
රාහු කාලය පෙ.ව 04.23 සිට 05.55
සුභ දිශාවදකුණ
මරු සිටින දිශාව උතුර

වරින් වර බාධක ප්‍රශ්න ගැටළු මතු වුවත් සුභ අසුභ මිශ්‍රව ගමන් කරන දිනයක්. ඔබ මංගල කටයුතු වලට මුහුණ දීමේ හැකියාව තිබෙන අතර මංගල යෝග උදා වෙන බවක්ද පෙන්නුම් කරනවා. ඥාතීන් හිතවතුන් මැද සතුටින් කාලය ගෙවිය හැකියි. නමුත් දුර බැහැර ගමන් බිමන් යන්න නම් ජල පිඩා ඇති බැවින් පෙඅවේසම් විය යුතුයි. මෙතෙක් කරගෙන ආ වැඩ කටයුත්තක් නිමා කර ගැනීමට විදේශගත වීමකට ඉඩ තිබෙන නිසා එවැනි දේවල් වලින් ඔබට සාර්ථක ප්‍රථිපල අත්කර ගත හැකියි. දුරදිග හිතා බලා කටයුතු කරන්න. සුළු සුළු මතභේද හෝ චිත්ත පිඩා ඇති වේවි. නව ආදායම් මාර්ග ඇති වේවි. හිතවතුන් ගෙදරට පැමිණේවි.
ජය වර්ණය රතු පැහැය ජය අංකය 05

උත්සාහය උනන්දුව ඇති වුවත් වරෙක බාධක ඇතිවිය හැකියි. මංගල්‍යමය ගමන් බිමන් වලදී ප්‍රවේසම් විය යුතුයි. පෙම් සම්බන්ධතාවක් කඩ වීමක් ඇති නිසා කලකිරීම් මතු වෙනවා. විශේෂයෙන් උදරාබාධ උෂ්ණ රෝග ඇති අය ප්‍රවේසම් වන්න. අධ්‍යාපන කටයුතු කලා ක්ෂේත්‍රයේ කටයුතු වලින් යහපත උදාවන අතර නැටුම් ගැයුම් වැයුම් ආදී දෙයින් ඔබගේ නම ප්‍රසිද්ධවන අතර ඔබගේ බලය සහ මුදල් ලාභ ලබා ගැනීමට හැකි වෙනවා. ඉවසීම තුලින් කතාවෙන් ප්‍රවේසම් විය යුතුයි. අස්ථාන චෝදනා ඇති වීමට ඉඩ තිබෙනවා. කල්පනකාවෙන් කටයුතු කරන්න.
ජය වර්ණය කහ පැහැය ජය අංකය 02

උගත් දෙයින් ප්‍රයෝජනයක් ගැනීමට හැකියාවක් තිබෙන අතර උසස් අයගෙන් ප්‍රශංසා හිමි වෙනවා. උෂ්ණ රෝග උදරාබාධ හෝ සුළු සුළු සැත්කම් වලට ඉඩ තිබෙන නිසා සැලකිලිමත් වන්න. වරෙක ඔබ සිත සතුටින් කරන දේ ඔබටම එපා වීමට ඉඩ තිබෙනවා. අනුන්ගේ කිම් මත බොහෝ දෙනාගේ චිත්ත පීඩාවකට ලක්වන නිසා ඒ ගැන සැලකිලිමත් වන්න. ඥාතීන් හෝ අසල්වැසියන්ගෙන් ප්‍රවේසම් වන්න. චිත්ත පිඩා මතුවිය හැකියි. දුරදිග බලා තීන්දු තීරණ ගන්න.
ජය වර්ණය කහ පැහැය ජය අංකය 05

බොහෝ දෙනාගේ කටයුතු ඔබ මතට පැටවීම නිසා විවේකය අඩු වීමත් ව්‍යාපාරික තත්වය වැඩි කර ගැනීමටත් නව ව්‍යාපාරයක් අරඹන්න සිතා සිටියේ නම් ඒ පිලිබදව සිතා බැලීමත් කරන්න. ගෙදරදොරට අමුත්තන් පැමිණේවි. දුරබැහැර හෝ රටින් පිට වීමට ගෙදරින් බැහැරව කටයුතු කිරීමට සිදු වේවි. දරුවන්ගේ කටයුතු හෝ ඥාති කටයුතු ආශ්‍රිතව කරගෙන යන්නාවූ දේකට බාධා වීමක් සිදුවන නිසා ඔවුන්ගෙන් චිත්ත පිඩා මතු වීමට ඉඩ තිබෙනවා. ඒ ගැන සිතාබලා කටයුතු කරන්න.
ජය වර්ණය ක්‍රීම් පැහැය ජය අංකය 02

යානවාහන සම්බන්ධ කටයුතු වලදී ප්‍රවේසම් වන්න. මන්දෝත්සාහි ගතියක් හෝ පාඩු හානියක් මතු වීමට ඉඩ තිබෙන නිසා ප්‍රවේසම් වන්න. ඥාතීන් හෝ මව් වෙනුවෙන් වඩාත් සැලකිල්ලක් දැක්වීමක් හෝ මව් ගේ අසනීප තුලින් ඔබට කලකිරීම් හෝ විය පැහැදම් වැඩි වීමට ඉඩ තිබෙනවා. ගෙයක් දොරක් මිලදී ගැනීම හෝ යාන වාහන මිලදී ගැනීමදි වඩාත් කල්පනාකාරී විය යුතුයි. යටි කුට්ටු උපක්‍රම සතුරු කරදර මතු වීමට ඉඩ තිබෙනවා. අත්සන් කිරීම් අත්සන් තැබීම තුලින් ඔබට නීති ප්‍රශ්න ඇතිවීමට ඉඩ තිබෙනවා. දුරබැහැර ගමන් බිමන් වැඩි දිනයක්. මංගල කටයුතුත්තකට හෝ රැකියා කටයුත්තකට ඩායම් වීමට ඉඩ තිබෙනවා.
ජය වර්ණය රන්වන් කහපැහැය ජය අංකය 05

ලැබීම අතින් යහපත් වෙනවා. ඔබ ක්ෂණික තීරණ ගන්නා කෙනෙක් නම් එයින් තරමක අයහපතක් උදා වෙන්න ඉඩ තියෙනවා. කරගෙන යාන්නාවූ වැඩ කටයුතු සාර්ථකව ඉක්මන්ව කිරීමට යොමු වුවත් නොයෙක් බාධා මතු වෙනවා. ගෙදරදොරට අමුත්තන් පැමිණීමක් හෝ උත්සව අවස්ථාවකට සහභාගී වීමට සිදුවන නිසා ඔබට බොහෝ වැඩ කටයුතු පැවරෙනවා.අධ්‍යාපනික අංශ වලදී ඔබට උනන්දුව උද්‍යෝගය ඇතිවීමට ඉඩ තිබෙනවා. වරින් වර බාහිර අයගෙන් ප්‍රශ්න ගැටළු මතු වුවත් ඔබ දවස ශක්තිමත් කරගත හැකි වෙනවා.
ජය වර්ණය කහ පැහැය ජය අංකය 02

ලැබීම අතින් අයහපත්වන අතර හදිසි ධන ලාභ ධන හානි මිල මුදල් වංචා වලට හසු වීමට ඉඩ තිබෙන නිසා ඉවසිලිව්නත්ව කටයුතු කරන්න. බාහිරව හිතවතෙකු කල දෙයක් නිසා එය ඔබ මතට පැටවීම නිසා චිත්ත පිඩා ඇති වේවි. ඇසුරු කරන්නන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි. ගෙදරදොර අවුල් සහගත තත්වයක් හෝ චිත්ත පිඩා මතුවන නිසා ගෙදරදොරින් බැහැරව කටයුතු කිරීමට සිදු වේවි. පුණ්‍යකාමී සිතුවිලි ඇති නිසා එවැනි දේකට සහභාගී වීමට ඉඩ තිබෙනවා. චිත්ත පිඩා මතු වේවි.
ජය වර්ණය සුදු පැහැය ජය අංකය 07

සුළු සුළු බාධා පැමිණීමට ඉඩ තිබෙන නිසා ඉවසිලිවන්තව හා බුද්ධියෙන් කටයුතු කරන්න. කලක් කරගෙන ගිය ව්‍යාපාරයක් හෝ අධ්‍යාපනයක් වෙනස් කිරීමක් තුලින් ඔබ අපහසුතාවයකට පත් වේවි. අන්‍යන්ගේ ප්‍රශ්න ගැටළු මතු වීමට ඉඩ තිබෙනවා. රටින් පිටව සිටින්නේ නම් තරමක් දුරට වාසි සහගත තත්වයක් මතුවන අතර තමන් උපන් දේශයේ සිටින කෙනෙක් නම් ඉවසිලිවන්තව කටයුතු කල යුතුයි. දරුවන්හේ කටයුතු යහපත්ව විසදා ගන්නවා. ගෙදරදොර ව්‍යපාර කටයුතු හා සම්බන්ධයෙන් යම් යහපතක් උදා වෙනවා. ව්‍යාපාර කටයුතු හා සම්බන්ධයෙන් යම් යහපතක් උදා වෙනවා. මෙතෙක් කලක් කරගෙන ගිය දෙයක් වෙනස් කිරීමක් හෝ බාහිර අයට වුවමනා ආකාරයට වෙනස් කිරීමට යාමෙන් වලකින්න. ඉක්මන් කේන්ති ගැනීම් වලින් වලකින්න.
ජය වර්ණය රතු පැහැය ජය අංකය 02

ඉක්මන්කාරී බවක් හා ක්ෂණික තීරණ ගැනීමට ඔබ පෙළඹෙනවා. මංගල්‍යමය ගමන් බිමන් වැඩි නීති ප්‍රශ්න ආදියද යෙදෙන නිසා කාර්යබහුලත්වය වැඩියි. බොහෝ විට ඔබ බාහිර කෙනෙක් නිසා තරමක් දුරට ගැටලුකාරී බවක් උසුලන්න සිද්ධ වෙනවා. කතාවෙන් හා ක්‍රියාවෙන් ඔබට ගැටළුවක් ඇති වීමට ඉඩ තිබෙනවා. එබැවින් ප්‍රවේසම් විය යුතුයි.විශේෂයෙන් වන්දනා ගමන් දුර බැහැර ගමන් බිමන් වැඩි දිනයක් නිසා එවැනි දෙයක් තුලින් ඔබට සිතේ සතුට ඇති කර ගත හැකියි. ගෙදර දොර සිටීම තරමක් දුරට ගැටළු සහගතයි. කරදරකාරී වාතාවරණයක් හෝ රෝග පිඩා වලට ගොදුරු වීම නිසා ඔබට චිත්ත පිඩා මතු වේවි. කතාවෙන් හා ක්‍රියාවෙන් ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය කහ පැහැය ජය අංකය 06

උනන්දුව උත්සාහය ක්‍රියාශීලි බවකින් යුතුව කටයුතු කරන ඔබ අද නව රැකියා ලාභියෙක් නම් එවැනි රැකියාවකින් තෘප්තිමත් විය හැකියි. අතමිට මුදල් සරු වේවි. ලැබීම අතින් යහපත් වෙනවා. වියපැහැදම් වැඩි වෙනවා. ආගමික පසුබිමක් ඇතිවීමට ඉඩ තිබෙන නිසා සහනයක් දැනේවි. මිල මුදල් තත්වය සැලකිලිමත් වන්න. කරගෙන යන වැඩ කටයුතු වෙනස් මගකට යොමු කිරීමක් හෝ අසාර්ථකත්වයට පත් වීම තුලින් කලකිරීම් මතු වේවි. උද්‍යෝගය හා උනන්දුව තුලින් යහපතක් උදා කර ගත හැකියි.
ජය වර්ණය නිල් පැහැය ජය අංකය 01

වෙනදා නොවූ විරු තරම් ගැටළු ඇති වේවි. සමාජ සේවා කටයුතු තුලින් තමන්ගේ ශක්තිය ඇතිකර ගැනීමටද ඒවගේම අධ්‍යාපනික ගමන් බිමන් ක්‍රීඩා තරග ආදියෙන් යහපත උදා කර ගැනීමටද හැකියාව ලැබෙනවා. නව ව්‍යාපාරයක් ඇරඹීම හෝ එවැනි දේකට මිල මුදල් යෙදවීමද තුලින් යහපතක් උදා වෙනවා. ඥාතීන් උදෙසා කරන කටයුතු වලදී බොහෝ විට කතාවෙන් ප්‍රවේසම් විය යුතුයි. පාද ආශ්‍රිත රෝග තත්ව උෂ්ණ රෝග ඇති අයද වාහන පදවන්නන්ද සැලකිලිමත් විය යුතුයි. එවිට ඔබට සාර්ථක දවසක් ලැබේවි.
ජය වර්ණය සුදු පැහැය ජය අංකය 02

උනන්දුව උත්සාහය ඇතත් සුළු සුළු බාධා මද්‍යයේ කටයුතු කිරීමට සිදු වේවි. මංගල්‍යමය ගමන් බිමන් වැඩි වුවත් එවැනි දෙකින් ඔබට සහනයක් ලැබුනත් විශේෂයෙන් අඹුසැමියන් අතර ප්‍රශ්න ගැටළු මතු වීමද ඒ වගේම මංගල කටයුතු ප්‍රශ්න මතු වීමටද කරදරකාරී තත්ව මතු වීමටද ඉඩ තිබෙනවා. ඔබ අනවශ්‍ය අය ඇසුරු කරන්නෙක් නම් චිත්ත පිඩා ඇතිවිය හැකියි. කරගෙන යන වැඩ කටයුතු වඩාත් තීව්රව හා දුරදිග බලා කිරීමෙන් සාර්ථක විය හැකියි. නව අදහස් මතු වෙනවා. දරුවෙක් නිසා සතුටක් හෝ තරග විභාග ජයක් හෝ ලැබෙනවා. අලුතෙන් යමක් මිලදී ගන්න සුභයි.
ජය වර්ණය ලා නිල්පැහැය ජය අංකය 02
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : චින්තා වික්‍රමසිංහ
දුරකථන අංකය : 0112 509 386