ක්‍රිකට් තරඟ වලටත් දැන් සූදුව අැවිත් තියෙන්නෙ. පහුගිය කාලය පුරාම ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් තරඟ පාවා දීමේ චෝදනාවට අහු වුනා. එ් වගේ පුවතක් අායෙත් වාර්තා වෙලා තියෙනවා. එ් ශ්‍රී ලංකා ව සහ පාකිස්තානය අතර එක්දින තරඟාවලියේදී.
මුදලට තරඟ පාවා දෙන්න ඔට්ටුකරුවන්ගේ නියෝජිතයෙකු තමන්ට යෝජනා කරා කියලා පාකිස්තාන ක්‍රිකට් නායකයා කියනවා. ඒ නියෝජතයා තමන්ට තෑග්ගක් දෙන්න උත්සහා කරා කියලයි සර්ෆ්‍රාස් කියන්නෙ. ඔහු එ් ගැන පාකිස්තාන ක්‍රිකට් අායතනයට දැනුම් දීලා තියෙනවා. කොහොම වුනත් සර්ෆ්‍රාස්ගේ මේ හෙළිදරව්ව එක්ක ICC දූෂණ මර්ධන එ්කකේ නිලධාරීන් වගේම අාරක්ෂක නිලධාරීනුත් කලබල වෙලා කියලයි අාරංචි වෙන්නෙ. “මේ වෙද්දි එ් සම්බන්ධව නියමිත ක්‍රමවේදයට පරීක්ෂණ කරනවා. කොහොම වුනත් අපි සර්ෆ්‍රාස්ට විශාල ගෞරවයක් පුද කරනවා ක්‍රීඩකයෙක් විදියට වගේම නායකයෙක් විදියට එ් උත්සහය වැලැක්වුවාට. ක්‍රීඩාවේ ගෞරවය රැක ගන්නේ කොහොමද කියල හොද අාදර්ශයක් දීලා තියෙනවා ඔහු.” කියලයි පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කිව්වේ.
පාකිස්තාන කණ්ඩායමේ නායකයාට මෙම තෑග්ග දෙන්න උත්සහ කරලා තියෙන්නේ ඩුබායි වලම ජීවත් වෙන කෙනෙක් කියලයි අාරංචි වෙන්නෙ. පාකිස්තාන කණ්ඩායමේ අනිත් ක්‍රීඩකයින්වත් මේ පුද්ගලයා හොදින් අදුනනවා කියලයි සදහන් වෙන්නෙ. කොහොම වුනත් සර්ෆ්‍රාස්ගේ මේ ක්‍රියාව නිසා ඔට්ටුකරුවන්ගේ දූෂිත ක්‍රියාවක් වැලැක් වුනා. හැබැයි පාකිස්තානයෙන් කර ගන්න බැරි වුන දේ ලංකාවෙන් කර ගන්න ඔවුන් උත්සහ කරන්න පුළුවන්. එ් නිසා ලංකාවේ ක්‍රිකට් බලධාරීනුත් හොද අවදානමකින් හිටියා නම් තමයි හොද.