අද 2017 ඔක්තෝම්බර් මාසයේ 23 සදුදා
රාහු කාලය පෙ.ව 07.26 සිට 08.56
සුභ දිශාව නැගෙනහිර
මරු සිටින දිශාව වයඹ

චිත්ත පිඩා මානසික අසහනකාරී තත්ව කොන්ද තුනටිය ආශ්‍රිත රෝග තත්ව රථවාහන අනතුරු ඇති වීමේ ඉඩකඩක් පවතිනවා. පරිපාලනමය ගැටළුකාරී තත්ව ඇති වෙනවා. ඉහල නිලධාරීන් සමග බාධාකාරී තත්ව ඇති කරනවා. සේවක ගැටළු සහගත තත්ව පිලිබදවත් ඔබ පිඩාවට පත් වෙනවා. මනස සන්සුන්ව පවත්වාගෙන යන්න උසස් ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යන්න. දුර බැහැර ගමන් යන්න ආරාධනා ලැබෙනවා. කේන්ති සහගත තත්ව පාලනය කර ගැනීම අත්‍යවශ්‍යයි.
ජය වර්ණය ක්‍රීම්පැහැය ජය අංකය 07

විවාහ කටයුතු වලට ප්‍රේමනීය කටයුතු වලට කායික ශක්තියට බාධා පැමිණේවි. කල්පනාකාරී වීම වඩාත් වැදගත්. වචන භාවිතා කරද්දී දුරදිග බලා කටයුතු කරන්න. සියුම් සතුරු කරදර පැන නගිනවා. ඒ පිලිබදව අවබෝධයෙන් කටයුතු කරන්න. වික්‍රමාන්විත ලීලාවෙන් කටයුතු කරන්න. අන් අයගේ ආකර්ෂණය හිමි වෙනවා. දරුවන් පිලිබදව සතුටුදායක දේ අහන්න ලැබෙනවා. පුංචි හෝ චිත්ත පිඩා මතු විය හැකියි. දුරබැහැර ගමන් වලින් කායික පිඩා ඇති වෙනවා. වියදම් පාර්ශවය ඉහල යනවා.
ජය වර්ණය ලා දම්පැහැය ජය අංකය 03

කායික ශක්තිය නිරෝගිමත් කරගන්න යම් හැකියාවක් පවතිනවා. අමශගත රෝග තත්ව ස්නායුගත රෝග තත්ව ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. අන් අයව විශ්වාස කරලා කරන කටයුතු වලින් තරමක් කල්පනාකාරී වෙන්න. ජලාශ්‍රිත පරිසර වලින් දියරමය දේ ආශ්‍රිත කටයුතු වලදී ආර්ථිකයට යම් බාධා ඇති කරනවා. වියදම් පාර්ශවය වැඩි වෙනවා. වැඩිහිටියන් සමග කරන ගණුදෙනු වලදී උපදේශනාත්මක වෘත්තීන් වලදී යම් සහනශීලි තත්වයක් ඇති කර ගන්න පුළුවන්.
ජය වර්ණය විසිතුරු පැහැය ජය අංකය 08

දේපල පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් දක්වන දවසක්. මව්පස ඥාතීන්ට උදව් උපකාර කරන්න පෙළඹෙනවා. ඔවුන්ගේ සෞඛ්‍ය පීඩාකාරී තත්ව මුලික කරගෙන තමන්ගේ දෛනික කටයුතු වෙනස් කර ගන්න සිදු වේවි. අධ්‍යාපනික කටයුතු වලට බාධා කම්කටොලු පැන නගිනවා. ජලයෙන් හානිකාර තත්ව ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. කායික ශක්තිය මානසික ශක්තිය දියුණු වෙනවා. ජයග්‍රාහි සිතුවිලි වර්ධනය කරගත හැකියි. අත්සන් තැබීම ආදී කටයුතු වලින් දියුණුවක් ඇති වෙනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් යම් සහනයක් අත්කර ගත හැකියි. පරිපාලනමය හැකියාව දියුණු වෙනවා. වාණිජ කටයුතු වෙළද ව්‍යාපාර කටයුතු ගිණුම්කරණ ආදී කටයුතු වලට යහපත් දාවසක්.
ජය වර්ණය ලා නිල් පැහැය ජය අංකය 07

සෙම් සහිත රෝග වලින් පිඩා ඇතිවිය හැකියි. වෙනදට වඩා තමන්ගේ භුමිය හා වාසස්ථාන සම්බන්ධ කටයුතු වලට උනන්දුවක් දක්වනවා. ඉදිකිරීම් සම්බන්ධ කටයුතු වලට බාධා කම්කටොලු ඇති වෙනවා. තමන්ගේ සෞඛ්‍ය පිලිබදව පිරිහීමක් ඇති වේවි. තමන්ගේ මව්පස ඥාතීන්ට මවට සෞඛ්‍ය පිඩා මතු වෙනවා. පපුව ආශ්‍රිතව රෝග තත්ව ඇති වෙනවා. වියදම් පාර්ශවය වැඩි වෙනවා. තද හිතින් කරන කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. තමන්ගේ අරමුණ සෘජුව පවත්වා ගන්න පුලුවන්නම් වාසනාව තමන් සතු කරගත හැකියි. කායික ශක්තිය වර්ධනය කර ගන්න පුළුවන්. තමන්ට එරෙහිව දුර්වල සතුරන් ඇති වෙනවා.
ජය වර්ණය ලා කොළපැහැය ජය අංකය 07

පුංචි පීඩාකාරී තත්ව සෞඛ්‍ය පීඩාකාරී තත්ව ඇති වෙන්න පුළුවන්. රාජ්‍ය පරිපාලන අර්ධ රාජ්‍ය කටයුතු වලටත් මව්පස ඥාතීන් සම්බන්ධ කටයුතු වලටත් සෞඛ්‍ය පීඩාකාරී තත්ව ඇතිවිය හැකියි. සෙම් සහිත රෝග වලින් පවා පපුව ආශ්‍රිත රෝග වලින් පවා තමන්ගේ සෞඛ්‍යට හානි ඇති කරනවා. තරමක බාධාකාරී තත්ව වියදම් ඉහල යාමේ තත්ව ඇති කරනවා. ඉහල නිලධාරීන් සමග මතගැටුම් ඇති කරනවා. විද්‍යාව කායික ශක්තිය දියුණු වෙනවා. සමාජ ශක්තිය දියුණු කරගන්න හැකියාව පවතිනවා. අඩුවෙන් වචන බාවිතා කර කල්පනාකාරීව ඉවසිලිවන්තව කටයුතු කරන්න. පරිණතභාවයෙන් යුක්තව තීන්දු තීරණ ගැනීමත් අත්‍යවශ්‍යයි.
ජය වර්ණය ලා කහ පැහැය ජය අංකය 03

තීන්දු තීරණ ගනිද්දී වචන භාවිතා කරද්දී කල්පනාකාරී වෙන්න. ඉවසීම වඩාත් වැදගත්. රිය ධාවනය කිරීමේදී වෙනදට වඩා සැලකිලිමත් වෙන්න. නීතිමය ගැටලුකාර තත්ව ඇතිවීමේ අවධානම් ඇති වෙනවා. පාද ආශ්‍රිත රෝග ඇති වෙන්න පුළුවන්. තාක්ෂණික මෙවලම් වලට යාන වාහන වලට අතුරු අන්තරා ඇති වෙනවා. ඉහල නිලධාරීන්ගේ ආකර්ෂණය හිමි වෙනවා. වෘත්තිමය කටයුතු නිසා කාර්යබහුලතාවයකට පත් වේවි. බාධා කම්කටොලු ඇති වෙනවා. ඉවසීම වඩා වැදගත්.
ජය වර්ණය ලා කොළ පැහැය ජය අංකය 04

තමන්ගේ සෞඛ්‍යට පරිපාලනමය තත්වයන්ට පිඩා එල්ල වෙනවා. මනසට ගැටලුකාර තත්ව ඇති වෙනවා. නීතිමය ගැටලුකාර තත්ව වලට ඇති වෙනවා. ගැටුම්කාර පරිසර පුළුවන් තරම් මග හරින්න. දියරමය දේවල් අලෙවි කිරීම් ආදී කටයුතු වලින් බාධා කම්කටොලු ඇති වෙනවා. අලෙවි ක්ෂේත්‍ර මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වගා කටයුතු වලින් බාධා ගෙන දෙනවා. ප්‍රේමනීය සබදතා වලින් පවා තමන්ට එරෙහිව බාධා කම්කටොලු ඇති වෙනවා. විවාහ ජීවිතය ආශ්‍රිතව ගැටළු ඇති වෙනවා. පියපස ඥාතීන් තමන්ට එරෙහිව නැගී සිටීමේ අවධානමක් පවතිනවා.
ජය වර්ණය ලා රතු පැහැය ජය අංකය 09

පීඩාකාරී ස්වභාවය උච්ච වෙනවා. සෙම් සහිත රෝග වලින් මානව සම්පත් කළමනාකරණය ආශ්‍රිත පරිසර වලදී කායික ශක්තිය දුර්වල වීම සියුම් සතුරු කරදර නීතිමය ගැටලුකාරී ස්වභාව රථවාහන අනතුරු කියන කාරණා තදබල ආකාරයට ඇති වෙනවා. තෙත් සහිත උස් ස්ථාන විදුලිය හා සම්බන්ධ වන කටයුතු වලදී කල්පනාකාරී වෙන්න. තමන්ගේ මවට බොහෝ පීඩාකාරී තත්ව ඇති වෙවී. සෞඛ්‍ය දුර්වල වෙනවා. කායික ශක්තිය දුර්වල වෙනවා. විවාහ ජීවිතය ආශ්‍රිත කටයුතු වලට බාධා ඇති වීමේ ඉඩකඩක් පවතිනවා.
ජය වර්ණය ලා දම් පැහැය ජය අංකය 08

ජලාශ්‍රිත පරිසර දියරමය දේවල් අලෙවි කිරීම් වැනි කටයුතු වලදී මානව සම්පත් කළමනාකරණය ගල් වැලි සිමෙන්ති වගේ දේවල් අලෙවි කිරීම් වැනි කටයුතු වලදී යම් සහනයක් ලබා ගන්න පුළුවන්. ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු වල දීප්තිමත්භාවයක් ලබා ගත හැකියි. පරිපාලන කටයුතු වලදී කලපනකාරී වන්න. කාන්තාවන් සමග කරන ගණුදෙනු වලදී ඉවසිලිවන්ත වෙන්න. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු බහුල කරනවා. රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා කටයුතු වලත් යම් ආකාරයක කාර්යබහුලතාවක් පෙන්නුම් කරනවා. උපදේශනාත්මක කටයුතු පරිපාලන කටයුතු ඉහල නිලධාරීන්ට යම් ආකාරයක බධාති වීමේ ඉඩකඩක් පවතිනවා.
ජය වර්ණය ලා කොළ පැහැය ජය අංකය 08

ව්‍යාපාරික කටයුතු වලදී වෘත්තිමය කටයුතු වලදී අධික කාර්යබහුලතාවයක් ඇති වේවි. කායික ශක්තිය වර්ධනය වෙනවා. සමාජ ශක්තිය වර්ධනය වෙනවා. අන් අය වෙනුවෙන් පෙනී සිටින්න සිදු වෙනවා. මානව සම්පත් කලමනාකරණය නිතර පිඩාවට පත් වුණු මහජනතාව සමග කරන කටයුතු වලින් යම් සාර්ථකත්වයක් ලබා ගත හැකියි. වෛද්‍යවරුන්ට යෝග්‍යයි. වැවිලි කර්මාන්ත ක්ෂේත්‍ර වල කටයුතු කරන්නන්ට යෝග්‍යයි. ඉවසිලිවන්තව දුරදිග බලා කටයුතු කරන්න. කල්පනාකාරීව කටයුතු කිරීම වඩාත් වැදගත්. දුර බැහැර ගමන් යන්න ආරාධනා ලැබෙනවා. මිත්‍රයන්ගේ කටයුතු වලට වැඩි වශයෙන් දායක වෙනවා.
ජය වර්ණය ලා නිල්පැහැය ජය අංකය 07

අන් අයට සාපේක්ෂව නම් යම් සහනදායක තත්වයක් අත්කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ආගම දහමින් දුරස් වීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. තමන්ගේ වාසියට ආගම දහම යොදා ගන්නවා. කල්පනාකාරීව කටයුතු කරනවා. ඉවසිලිවන්ත වීම වඩාත් වැදගත්. යාලු මිත්‍රාදීන්ව විශ්වාස කරලා කරන කටයුතු වලදී ගුරුවරුන් නිසා අතගහන කටයුතු වලින් යම් ආකාරයක බාධා කම්කටොලු පැන නගිනවා. විවාහයෙන් පසු ඥාතීන් සමග පවා පුංචි මතභේද ඇති වීමේ ඉඩකඩ පවතිනවා. වචන භාවිතා කිරීමේදී කල්පනාකාරී වෙන්න. ඉවසිලිවන්ත වෙන්න.
ජය වර්ණය විසිතුරු පැහැය ජය අංකය 09
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක
දුරකථන අංකය : 0766 765 353