News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

උතුරේ අලුත් වීරයෙක් බිහිවෙයි. ගැටුම් වළක්වන්න පොලීසියත් යොදවලා.

3734 Views


උතුරේ අලුත් වීරයෙක් බිහිවෙයි. ගැටුම් වළක්වන්න පොලීසියත් යොදවලා.

කාලෙන් කාලෙට එක එක වීරයෝ බිහි වෙනවා. සමහරු සුපිරි බල තියෙන අය. සමහරුන් නම් අැගේ ශක්කියෙන් වීරයෝ වුන අය. උතුරු පළාතෙත් මේ දවස්වල වීරයෙක් බිහිවෙලා ඉන්නවා. මේ වීරයා කොච්චර ජනතාවගේ ප්‍රසාදය දිනාගෙන තියෙනවද කියනවා නම් ඔහුගේ අඩි 25, 30 උස පුවරු පවා උතුරු පළාත පුරාම හදලා තියෙනවා.

උතුරු පළාතේ උන්මාදයක් අැති කරපු වීරයා තමයි දකුණු ඉන්දීය සුපිරි නළු විජෙයි. ඔහු රංගනයෙන් දායක වෙන “මර්සල්” චිත්‍රපටය මේ දවස්වල උතුරේ සිනමා ශාලා වල ප්‍රදර්ශනය වෙනවා. විජෙයි කොච්චර උන්මාදයක් උතුරේ අැති කරලද කියනවා නම් ඔහුගේ අඩි 25, 30 උස පුවරු සෑම සිනමා ශාලාවක් ඉදිරිපිටම ඉදි කරලා තියෙනවා. සමහර සිනමා ශාලා වැහිලා තරමටම මේ පුවරු සිනමා ශාලා ඉදිරිපිට ඉදිකරලා තියෙනවා. හැබැයි මේ පුවරු සිනමා ශාලා හිමියන් හදපුවා නම් නෙවෙයි. විජෙයි උන්මාදයෙන් ඉන්න උතුරේ තරුණ තරුණියෝ තමන්ගේම මුදලින් තමයි මේ විශාල පුවරු හදලා සිනමා ශාලා ඉදිරිපිට තියලා තියෙන්නෙ. සාමාන්‍යයෙන් චිත්‍රපට නළුවන්ගේ මේ වගේ විශාල පුවරු දකින්න ලැබෙන්නෙ ඉන්දියාවේ. එ්ත් දැන් උතුරේ තරුණ තරුණියනුත් තමන්ගේ වීරයන්ගේ විශාල පුවරු හදන්න පටන් අරන්.

විජෙයිගේ මේ චිත්‍රපටය කොච්චර උන්මාදයක් වුනාද කියනවා නම් චිත්‍රපටය එන්නත් කලින් තමයි සමහර ටිකට් වෙන් කරලා තියෙන්නෙ. එ් වගේම සමහරු උදේ ඉදන් රෑ වෙනකන් ටිකට් ගන්න පෝලිම් වල ඉන්නවා. ටිකට් ඉවරවෙලා චිත්‍රපටය බලන්න බැරිවුණ අය ගැටුම් පවා අැති කරලා තියෙනවා. එ් නිසා චිත්‍රපටද ප්‍රදර්ශනය කරන වෙලාවට සිනමා ශාලා අසල පොලිස් අාරක්ෂාව යොදවන්නත් කටයුතු කරලා තියෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post