ශ්‍රී ලංකාව අද ලැබුණ අන්තිම අවස්තාවටත් පයින් ගැහුවා. එ් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අන්තිම එක්දින තරඟයේදී. සාජා ක්‍රීඩාංගණයේදී අාරම්භ වුන තරඟයේ කාසිය වාසිය දිනා ගත්තා.
මුලින්ම ලකුණු රැස් කරන්න පිටියට අාපු ශ්‍රී ලංකා කණ්ඩායමේ පළවෙනි කඩුල්ල ලකුණු 1 වෙද්දී පළවෙනි ඕවරයේදීම බිඳ වැටුණා. සිය දෙවෙනි එක්දින තරඟයට ක්‍රීඩා කරන සදීර ලකුණ නොලබාම දැවී ගියා. එ් ඕවරයේම 6 වෙනි පන්දුවේදී චන්දිමාල් ලකුණු නොලබා දැවී ගියා. තරඟයේ තුන්වෙනි ඕවරයේදී නැවත්ත ක්‍රියාත්මක වුන උස්මාන් ඛෙන් තවත් කඩුලු 2 ක් දවා ගත්තා. 3 වෙනි කඩුල්ල විදියට තරංග ලකුණු 8 කටත්, 4 වෙනි කඩුල්ල විදියට දික්වැල්ල ලකුණු නොලබාම දැවී ගියා. මිලින්ද ලකුණු 6 යි. තිරිමාන්න 4 පහර 3 ක් සමඟින් ලකූණු 19 යි. සීක්කුගේ ප්‍රසන්න ලකුණු 16 කට දැවී ගියා. වේගයෙන් ලකුණු රැස් කල තිසර පෙරේරා ලකුණු 25 යි. ඔහුගේ ඉනිමට හතරේ පහර 3 ක් සහ එක් 6 පහරක් අැතුලත් වුනා. වැන්ඩර්සි ලකුණු 2 යි. චමීර ලකුණු 11 කට දැවී ගියා. විශ්ව ප්‍රනාන්දු නොදැවී ලකුණු 7 යි.
තමන් යවපු පළවෙනි ඕවර් 3 දී ලංකාවේ මුල්ම කඩුලු 5 ම දවා ගන්න උස්මාන් ඛාන් සමත් වුණා. ෂදාබ් ඛාන් සහ හසන් අලී කඩුලු 2 බැගින් ලබා ගත්තා. පාකිස්තාන පන්දු යවන්නන් ඉදිරියේ දණ ගහපු ලංකාව ලකුණු 103 කට අවසන් වුනා. මේ තරඟයේ පරාජයත් මේ වෙද්දිම ලියවෙලා අවසානයි. දැන් ලංකාවට කරන්න තියෙන්නේ පුළුවන් තරම් පාකිස්තානයේ කඩුලු දවා ගන්න එක විතරයි