පාකිස්තානය එක්ක තියෙන තරඟ 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ අද සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අාරම්භ වෙනවා. පළවෙනි තරඟ 4 ම පැරදිලා ඉන්න ලංකාවට මේ තරඟය ජයග්‍රහණය කරන එක ඉතාම වැදගත්.
මේ අවුරුද්ද අාරම්භයේ ඉදන්ම දකුණු අප්‍රිකාවට එරෙහිව 5 – 0 සහ ඉන්දියාවට එරෙහිව 5 – 0 විදියට පූර්ණ තරඟාවලි 2 ක් පරාජය වුණා. එ් නිසා අද තරඟයත් ලංකාව පැරදුනොත් මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් පැරදුණ 3 වෙනි පූර්ණ තරඟාවලි පරාජය වෙනවා. ලංකාව මීට කලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී තරඟ 5 කින් සමන්විත එක්දින තරඟාවලි 2 කට සහභාගී වෙලා තියෙනවා. එ් තරඟාවලි 2 ම පවත්වලා තියෙන්නෙ පාකිස්තානය සමඟමයි. එ් තරඟාවලි දෙකේම එක තරඟය බැගින් ජයග්‍රහණය කරලා තියෙනවා.
පහුගිය සිකුරාදා තිබ්බ 4 වෙනි තරඟයේ පරාජය වාර්තා වුනේ පිට පිටම ලංකාව පැරදුණ 11 වෙනි තරඟය විදියට. ලංකාවේ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට වැඩිම පරාජය වුන තරඟ ගණන 14 ක්. එ් 1987 ජනවාරි වල ඉදලා 1988 ජනවාරි දක්වා කාලයේදී. ලංකාවට අද තරඟය දිනන් බැරි වුනොත් එ් වාර්ථාව බිඳ වැටීමේ අවධානමකට ලක් වෙනවා. මොකද මේ තරඟාවලියෙන් පස්සෙ ලංකාවට අායෙත් තියෙන්නෙ ප්‍රභල ඉන්දියාව එක්ක තරඟාවලියක්. එ් තරඟාවලිය පවත්වන්නේ ඉන්දියාවේ නිසා ලංකාවට අවධානම තවත් වැඩි වෙනවා. එ් නිසා කොහොම හරි අද තරඟය දිනන එක තමා ලංකාවට තියෙන හොඳම අවස්ථාව.
හරි පිතිකරණ අනුපිළිවෙලක් නැති වීම ලංකාවට තරඟ පරාජය වෙන්න ලොකු හේතුවක්. එ් වගේම අසාර්ථක වුන ක්‍රීඩකයින්ට දිගින් දිගටම අවස්ථාව දුන්න එකත් ලංකාවේ පරාජයට හේතුවක්. දක්ෂ වේග පන්දු යවන්නන් කිහිප දෙනෙක් ඉන්න පාකිස්තාන කණ්ඩායමට මුහුණ දෙන්න ලංකාවට කිසිම සැලැස්මක් තිබ්බෙ නෑ කියලා තරඟාවලිය පුරාම දැක්කා.
පාකිස්තාන තරඟාවලියේ තරංග හැරුණම ලංකාවේ සාර්ථක වුන එකම පිතිකරුවා වුනේ ළහිරු තිරිමාන්න. ලංකාවේ පරාජය ගැන ඔහු කිව්වෙ පිතිකරුවන් මීට වඩා වගකීමෙන් ක්‍රීඩා කරන්න ඕන කියලයි. ” මේ තරඟාවලියේදීම පන්දුවාර 35 ක් ඉවර වෙන්න කලින් අපේ හොදම පිතිකරුවෝ දැවී යනවා. මමත් අැතුලුව සෑම ක්‍රීඩකයෙක්ම එ් ගැන වගකීම භාර ගන්නවා. පිතිකරුවන් 6 දෙනෙක් ක්‍රීඩා කරනවා, අවම වශයෙන් 6 දෙනෙක්වක් ලකුණු අතරට එන්න ඕන. එහෙම නැතුව තරඟයක් දිනන්න බෑ.” කියලයි තිරිමාන්න කිව්වෙ.
කොහොම වුනත් අද තරඟය ලංකාවට ලැබෙන අන්තිම අවස්ථාව. අපි බලමු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනීවිද කියලා.