තාක්ෂණයේ දියුණුවත් එක්ක මිනිස්සු ගමනා ගමනයටත් දියුණු ක්‍රම හොයා ගත්තා. ඉස්සර ගොනෙක් බැදපු කරත්තෙක සතියක් විතර ගාල්ලේ ඉදන් කොළඹට ගියපු මිනිස්සු අද අධිවේගී මාර්ගයෙන් පැයෙන් කොළඹට යනවා. හැබැයි සංවර්ධිත රටවල ඊටත් වඩා ඉක්මනට යන්න පුළුවන් ක්‍රම තියෙනවා.
විදුලි දුම්රිය කියන්නෙ ලෝකයේ තියෙන වේගවත්ම ප්‍රවාහන ක්‍රමය කිව්වට වරදක් නෑ. එ් වුනාට ජපානය, අැමරිකාව, ජර්මනිය වගේ රටවල් කිහිපයක විතරයි තාම විදුලි දුම්රිය තියෙන්නෙ. හැබැයි නුදුරු අනාගතයේදීම ලංකාවටත් එනවා. පානදුර ඉදන් වේයන්ගොඩ දක්වා තමයි මේ විදුලි දුම්රිය මාර්ගය හදන්නෙ. මේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතියත් හිමි වෙලා තියෙනවා. අාසියානු සංවර්ධන බැංකුවේ ණය අාධාර වලින් තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නෙ. 2023 දී විදුලි දුම්රිය මාර්ගය හදන්න පටන් ගන්නවා කියලයි රජය කියන්නෙ.
කොහොම වුනත් උදේට ට්‍රැෆික් එකේ පැය ගණනක් ඔෆිස් එකට එන අයට නම් මේක හොද ප්‍රවෘතියක් වේවි. හැබැයි ඉතිං දවසට දුම්රිය අනතුරු 2, 3 ක් සිද්ද වෙන ලංකාවට විදුලි දුම්රිය කොච්චර ගැලපෙනවද කියලා හොයලා බලන එකත් වටිනවා.