කඩා වැටිලා තිබුණ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට තාවකාලික පැලැස්තර යෙදීම අානිසංස ඊයේ අත්වින්දා. එ් තවත් ලැජ්ජා සහගත පරාජයක් පාකිස්තානයට එරෙහිව ලබලා. පාකිස්තානය අතින් වයිට්වොෂ් වෙන්න ලංකාවට සිද්ධ වුනා. මේ අවුරුද්දේ 3 වෙනි වතාවට තමයි එක්දින තරඟයකදී ලංකාව වයිට් වොෂ් වුනේ.
අවසන් එක්දින තරඟයේ කාසියේ වාසිය දිනුව තරංග මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ලංකාවේ පලවෙනි කඩුලු 4 ලකුණු 8 තුලදී දවා ගන්න උස්මාන් ඛාන් සමත් වුනා. එ් ඔහු යවපු පලවෙනි පන්දුවාර 2 දීම. සදීර, චන්දිමාල් සහ දික්වැල්ල ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට ගියා. තරංග ලකුණු 8 යි. අායෙත් ක්‍රියාත්මක වුන උස්මාන් 5 වෙනි කඩුල්ල විදියට මිලින්ද සිරිවර්ධව ලකුණු 6 කට දවා ගත්තා. එ් වෙද්දී ලංකාවේ ලකුණු පුවරුව දැක්වුනේ 20 විදියට. තිරිමාන්න 4 පහර 3 ක් සමඟින් ලකුණු 19 යි. සීක්කුගේ ලකුණු 16 යි. වේගයෙන් ලකුණු රැස් කර තිසර පෙරේරා ලකුණු 25 යි. ඔහුගේ ඉනිමට 4 පහර 3 ක් සහ එක් හයේ පහරක් අැතුලත් වුනා. චමීර ලකුණු 11 යි.
ලංකාවේ සියලුම ක්‍රීඩකයන් ලකුණු 103 ක් වෙද්දී දවා ගන්න පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුනා. ලංකාවේ පිතිකරුවන්ගේ භීතිකාව වුන උස්මාන් ඛාන් ලංකාවේ මුල්ම කඩුලු 5 දවා ගත්තා. හසන් අලී සහ ෂදාබ් ඛාන් කඩුලු 2 යි.
ලකුණු 104 ක ඉතා පහසු ඉලක්කයක් ලැබුණ පාකිස්තානය එක් කඩුල්ලක් විතරක් දැවී එම ඉලක්කය සපුර ගත්තා. එ් සදහා ඔවුන්ට පන්දුවාර 21 විතරයි වැය වුනේ. ඉමාම් උල් හක් නොදැවී ලකුණු 45 යි. එ් හතරේ පහර 4 ක් සහ එක් හයේ පහරක්ද අැතුලත්ව. වේගවත් ඉනිමක් ක්‍රීඩා කල ෆකාර් සාමාන් ලකුණු 48 යි. ඔහුගේ ඉනිමට 4 පහර 4 ක් අැතුලත් වුනා. මේ ජයග්‍රහණයත් එක්ක එක්දින තරඟාවලිය 5 – 0විදියට ජයග්‍රහණය කරන්න පාකිස්තානයට පුළුවන් වුනා. උස්මාන් ඛාන් තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තා. තරඟාවලිය පුරාම පිත්තෙන් දස්කම් දක්වපු බාබර් අසාම් තරඟාවලියේ වීරයා සම්මානය දිනා ගත්තා.
පිට පිටම 12 වෙනි පරාජයත් තමන්ගේ ඉදිරියේ ලියා ගන්න සිද්ධ වුනා. ඊළඟට තියෙන්නෙ විස්සයි විස්ස තරඟාවලිය. මේ පරාජයේ අවනම්බුව යන්තම් හරි වහගන්න නම් විස්සයි විස්ස තරඟාවලිය ජයග්‍රහණය කරන එක අනිවාර්ය දෙයක්. එ් වගේම මේ පරාජයෙන් ක්‍රීඩකයින් වගේම බලධාරීනුත් හොද පාඩමක් ඉගෙන ගන්න අැති. දැන්වත් තාවකාලික පැලැස්තර දෙන එක නවත්තලා ස්ථීර දීර්ඝ කාලීන සැලැස්මක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් යොදා ගන්න කාලය හරි. නැත්තම් ශ්‍රී ලංකා ක්‍රිකට් නැත්තටම නැති වෙන දවස වැඩි අෑතක නෙවෙයි.