News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
25

ලග්න දෙකකට රැකී රක්ෂා වල දියුණුවක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

1693 Views


ලග්න දෙකකට රැකී රක්ෂා වල දියුණුවක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 25 බදාදා

රාහු කාලය පෙ.ව 11.54 සිට 01.24

සුභ දිශාව උතුර

මරු සිටින දිශාව නිරිත

 

මේෂ ලග්නය

තරමක කම්මැලි සහගත ස්වභාවයක් ඇති වෙනවා. වෘත්තිමය කටයුතු පිලිබදව මන්දගාමී තත්වයක් පෙන්නුම් කරනවා. ව්‍යාපාරික කටයුතු වලට නම් යහපත්. ජලාශ්‍රිත කටයුතු වලට දියරමය දේ අලෙවි කිරීම ආදී කටයුතු වලට යෝග්‍යයි. මව්පස ඥාතීන් පිලිබදව වැඩි උනන්දුවක් ඔබ තුල උදා වෙනවා. තව දුරටත් සිතේ කලකිරීම් තත්ව ඇති වෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු ප්‍රේමනීය සබදතා වලට යම් සහනශීලි තත්වයක් උදා වෙනවා. ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු කරගන්න වුවමනාවක් පවතිනවා. අලුත් වගකීම් පැවරෙනවා. ඒ නිසා කලකිරීම් ඇති වෙනවා.

ජය වර්ණය රන්වන්පැහැය                       ජය අංකය 08

වෘෂභ ලග්නය

පෙරපින ඉස්මතු වෙනවා. ආගම දහමෙන් පවා උදව් උපකාර ඔබට පිරිනැමෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. සිතේ කලකිරීම් සම්බන්ධ කටයුතු ඇති වෙනවා. කල්පනාකාරී වෙන්න. තීන්දු තීරණ ගැනීමේදී ඔබ අන් අය පිලිබදව සිතුවත් අන් අය ඔබ පිලිබදව සිතන්නේ නැහැ. සෞඛ්‍යට අසුභයි. ස්නායුගත රෝග සෙම් සහිත රෝග වලින් වැඩි පීඩා ගෙන දෙනවා. වික්‍රමාන්විතව කටයුතු කරන්න ඔබ තුල උනන්දුවක්  පවතිනවා. එහෙත් ඔබ ගන්න තීන්දු තීරණ නිසා කායික පිඩා වගේම මානසික පීඩා ඇතිවිය හැකියි. ආකර්ෂණ ශක්තිය තවමත් උදා වෙලා පවතිනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වර්ධනය වෙනවා. සුරතල් සතුන් පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් දක්වනවා.

ජය වර්ණය ලා කහ පැහැය                        ජය අංකය 08

 

මිථුන ලග්නය

ගන්න තීන්දු තීරණ පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වෙන්න. උසස් නිලධාරීන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලබා ගන්න උත්සහ කරන්න. හවුල් ව්‍යාපාර ප්‍රේමනීය සබදතා පිලිබදව එක හිතකින් පසු වෙන්න බැරි ස්වභාවයක් පෙන්නුම් කරනවා. වෘත්තිමය කටයුතු උසස් මට්ටමකට පත් වෙනවා. අලුත් වගකීම් පැවරෙනවා. කායික ශක්තිය දියුණු වෙනවා. ආමාශගත රෝග තත්ව ඇතිවීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. රථවාහන ගමන් පිලිබදව උනන්දුවක් ඇති කරනවා. එවැනි රථවාහන මිලදී ගන්නත් උත්සහ දරන දවසක්. වාසස්ථාන පිලිබදව පුංචි හෝ බාධාකාරී තත්වයක් ඇතිවිය හැකියි.

ජය වර්ණය විසිතුරු පැහැය                      ජය අංකය 03

කටක ලග්නය

ප්‍රේමනීය සබදතා පිලිබදව කලකිරුණු ස්වභාවයක් පෙන්නුම් කරනවා. කායික ශක්තිය වර්ධනය වෙනවා. ජවසම්පන්න කටයුතු වලට කැමැත්තක් උනන්දුවක් පෙන්නුම් කරනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් යම් ආකාරයක දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. අධ්‍යාපනික කටයුතු වල මන්දගාමී ස්වභාවයක් යම් ආකාරයක දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. දරුවන්ගේ කටයුතු වල කලකිරුණු ස්වභාවයක් ගන්නවා. දුර බැහැර ගමන් යන්න ආරාධනා ලැබෙනවා. මනස එක අරමුණකට තබා ගැනීමට නොහැකි තත්ව උදා කරනවා.

ජය වර්ණය ලා තැඹිලි පැහැය                   ජය අංකය 03

 

සිංහ ලග්නය

ඥාන ශක්තිය ඉතාමත්ම උසස් මට්ටමක පවතිනවා. කායික ශක්තිය නිරෝගී මට්ටම නම් එතරම් යහපත් වන්නේ නැහැ. අන්ත්‍රගත රෝග ආමාශගත රෝග ඇති වෙනවා. සියුම් සතුන්ගෙන් පවා පීඩාවලට ලක් වීමේ ඉඩකඩ පෙන්නුම් කරනවා. අතපය හිරි වැටීම් ආශ්‍රිත තත්ව ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. කල්පනාකාරීව කටයුතු කරන්න. අලුත් වගකීම් වගේම බලාපොරොත්තු ඉෂ්ට වීමක් පිලිබදවත් පෙන්නුම් කරනවා. ඉවසිලිවන්ත වීම අත්‍යවශ්‍යයි. වචන භාවිතා කරද්දී නම්‍යශීලි වන්න.

ජය වර්ණය ලා කහ පැහැය                        ජය අංකය 03

 

කන්‍යා ලග්නය

වෙනදට වඩා අධ්‍යාපනික කටයුතු පිලිබදව උනන්දුවක් දක්වනවා. සමාජයෙන් කොන් වෙලා දුරස් වෙලා හරි තමන්ගේ අධ්‍යාපනික කටයුතු සාර්ථක කරගන්න ඔබ කැමැත්තක් දක්වනවා. අන් අයගේ ආකර්ෂණය ඔබ තුලට යොමු වෙනවා. වෘත්තිමය කටයුතු වල මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කරනවා. ප්‍රේමනීය සබදතා වලටත් එතරම් යහපත් නොවේ. යහළුවන් සමග මිතුරු ලීලාවෙන් කටයුතු කිරීමේ හැකියාව දුරබැහැර ගමන් යන්න සැලසුම් කිරීමේ හැකියාව ඉතාමත්ම යහපත්. භුමිය හා සම්බන්ධ කටයුතු වලිනුත් කල්පනාකාරී වෙන්න.

ජය වර්ණය ලා නිල්පැහැය                        ජය අංකය 08

තුලා ලග්නය

ඔබගේ යානවාහන සම්බන්ධව වෙනදට වඩා ගැටලුකාරී බවක් පැන නගිනවා. වාසස්ථාන සම්බන්ධව අර්බුධ ඇතිවිය හැකියි. ඔබ ඔබගේ වාසස්ථානයක් හෝ ඉඩමක් විකුණන්න බලාපොරොත්තුවක් තිබුණානම් එවැනි කටයුතු වලට ගැටළු ඇති වෙනවා. සෙම් සහිත රෝග වලින් බාධා කම්කටොළු ඇති වෙනවා. ඉවසීම අත්‍යවශ්‍යයි. කේන්ති සහගත සිතුවිලි ඇතිවිය හැකියි. කලකිරුණු ස්වභාවයක් නිර්මාණය වෙනවා.

ජය වර්ණය ලා කහ පැහැය                       ජය අංකය 08

 

වෘශ්චික ලග්නය

 

තමන්ගේ සහෝදරයන් පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති වෙනවා. ඔවුන්ගේ කටයුතු වලට වැඩි වශයෙන් මහන්සි වෙන්න කාලය මිඩංගු කරන්න ඔබට සිදු වෙනවා. ඒ අයත් සමග කරන ගණුදෙනු වලින් යම් සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. තමන්ගේ සෞඛ්‍ය පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වෙන්න. අත්සන් තැබීම ආදී කටයුතු වලින් වගේම වගකීම් සහිත කටයුතු වලදී කල්පනාකාරී වීම වැදගත්. මුල්‍ය පරිපාලන කටයුතු වලදී තමන්ට එරෙහිව චෝදනා ඇතිවිය හැකියි. කොන්ද තුනටිය ආශ්‍රිත රෝග තත්ව ඇතිවිය හැකියි. තමන්ට එරෙහිව රහසිගත සතුරන් ඇති වෙනවා.

ජය වර්ණය ලා නිල්පැහැය                       ජය අංකය 07

ධනු ලග්නය

නිතර සිනාසිලා ප්‍රීතියෙන් කටයුතු කරන්න ඔබ කැමැත්තක් දක්වනවා. බොහෝ කටයුතු වලට බාධා කම්කටොලු ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. ඔබ නිවැරදිව වචන භාවිතා නොකිරීම ඔබගේ අදහස් පැටලිලි සහගත වීම මේ තත්වයට හේතු වෙනවා. යමක් කාටහරි ප්‍රකාශ කරන්න පෙර කල්පනාකාරී වෙන්න. ඉවසිලිවන්ත වෙන්න. සැලසුම් සහගතව ඔබේ ප්‍රකාශයන් නිකුත් කරන්න. එවිට පුළුවන් ඔබට තියෙන බාධාකාරී තත්ව අවම කරගන්න.  ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් ජයග්‍රහණ හිමි වෙනවා. මුල්‍ය පරිපාලන කටයුතු වලින් වගේම මුල්‍ය කළමනාකරණ කටයුතු වලින් ඉතාමත්ම යහපත් වෙනවා. රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා ආදී කටයුතු වලිනුත් යමක් දිනා ගැනීමේ ඉඩකඩ පවතිනවා.

ජය වර්ණය ලා කොළ පැහැය                   ජය අංකය 07

 

මකර ලග්නය

පුංචි පුංචි චිත්ත පිඩා ඇතිවීමේ ඉඩකඩක් ඇති වෙනවා. කාන්තා පාර්ශවයන් සමග ඇතිවෙන මත ගැටුම් වලින් බාධා කම්කටොළු වගේම පරාජයන් අත්විමේ ඉඩකඩ පවතිනවා. තමන්ගේ වෘත්තිමය කටයුතු වෙනස් වෙන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. වෘත්තිමය කටයුතු වලදී නිරුත්තර ස්වභාවයක් ඇති වෙනවා. ඒ නිසාම තීන්දු තීරණ ගනිද්දී හිතලා බලලා කටයුතු කරන්න. මානව සම්පත් කළමනාකරණය ඇගලුම් ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. සන්නිවේදන ආශ්‍රිත කටයුතු වලදී ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලදී කල්පනාකාරී වන්න. හවුල් ව්‍යාපාර කටයුතු වලදී තරමක් කලපනකාරී වෙන්න. භාෂා බාවිතා කිරීම ආදී කටයුතු වලට ඉතාමත්ම යහපත් මට්ටමක් පෙන්නුම් කරලා පැවතුණත් ඉවසිලිවන්ත ස්වභාවය අත්‍යවශ්‍ය වෙනවා.

ජය වර්ණය ලා නිල්පැහැය                        ජය අංකය 03

කුම්භ ලග්නය

අන් අයට උදව් උපකාර කරන වෘත්තීන් සෞඛ්‍ය සේවා වැනි කටයුතු හෙද සේවා වැනි කටයුතු වලට ඉතාමත්ම යහපත්. එවැනි කටයුතු වලින් ඔබ සමාජ ගෞරවය ඉස්මතු වෙනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් සමාජ ගෞරවය පිරිහෙනවා. සතුරු කරදර යටපත් කර ගැනීමේ හැකියාව පවතිනවා. කායික ශක්තිය දියුණු වෙනවා. මානසික ශක්තිය දුර්වල විය හැකියි. රැකිරක්ෂා වෙළදාම් කටයුතු ආශ්‍රිතව යම් දියුණුවක් අපේක්ෂා කල හැකියි. ගුප්ත ශක්තිය විශ්ව ශක්තියත් සමග කරන කටයුතු වලින් යම් ජයග්‍රහණ හිමි වෙනවා. තමන්ගේ සුරතල් සතුන් පිලිබදව වැඩි අවධානයක් යොමු කරනවා.

ජය වර්ණය ලා කොළ පැහැය                    ජය අංකය 07

මීන ලග්නය

රැකි රක්ෂා වෙළදාම් කටයුතු පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් දක්වනවා. අත්සන් තැබීම ආදී කටයුතු වලට යෝග්‍යතාවක් පෙන්නුම් කරන්නේ නැහැ. තමන්ගේ මිතුරන්ගෙන් පවා තමන් බලාපොරොත්තු වන ආකාරයට උදව් උපකාර හිමි නොවීමේ තත්වයක් පෙන්නුම් කරලා පවතිනවා. මනස තව දුරටත් පිඩාවට පත් වෙනවා. කායික ශක්තිය දුර්වල වෙනවා. අත්‍යවශ්‍ය කටයුතු කල් දැමීමේ ස්වභාවයක් ඔබ තුල ඇති වෙනවා. දේශපාලනික ව්‍යාපාරික කටයුතු වලට ඉතා යෝග්‍යයි. වෘත්තිමය කටයුතු වලට යෝග්‍ය නොවේ.

ජය වර්ණය විසිතුරු පැහැය                        ජය අංකය 08

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය : 0766 765 353


News Articles
Latest Videos
Most Popular Post