මුරලි කියන්නෙ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක්. එ් වගේම ලෝකයෙ ඉන්න හොදම දඟ පන්දු යවන්නා. හැබැයි මුරලි ලෝකයේ හොදම දඟ පන්දු යවන්නා දක්වා අාපු ගමන නම් සුන්දර එකක් නෙවෙයි. ඔහුගේ දියුණුව බලන් ඉන්න බැරි වුන බටහිර රටවල් මුරලිගෙ ගමන නවත්තන්න නොකරපු දෙයක් නෑ.
ඩැරල් හෙයාර් කියන්නෙ මුරලිට වැඩියෙන්ම කකුල් මාට්ටු දාපු විනිසුරුවරයා. මුරලි පන්දුව දමලා ගහනවා කියලා තුන් පාරක්ම චෝදනා කරා. හැබැයි එ් චෝදනා සේරගෙන්ම ජය ගන්න මුරලිට පුළුවන් වුනා. හැබැයි මුරලිට චෝදනා කරපු ඩැරල්ට නම් දැන් කල කම් පල දීලා. ඩැරල් හෙයාර් ඔහු වැඩ කරපු අායතනයේ හොරකම් කරලා අහුවෙලා තියෙනවා. ඔහු සේවය කල අායතනයෙන් මේ අවුරුද්දෙ පෙබරවාරී 25 ඉදන් අප්‍රේල් 28 දක්වා කාලය තුල ඕස්ට්‍රේලියානු ඩොලර් 9000 ක් හොරකම් කරලා. එ් වගේම 65 වැනි වියේ පසුවන ඩැරල් අධික ලෙස ඔට්ටු අල්ලන්න පුරුදු වෙලා කියලා අධිකරණයේදී ඔප්පු වෙලා. කොහොම වුනත් ඕස්ට්‍රේලියානු අධිකරණය ඩැරල් හෙයාර්ට තරයේ අවවාද කරලා මාස 18 ක් විශේෂ සුපරීක්ෂා කාලයකටත් යටත් කරලා තියෙනවා.
ඩැරල් නිකරුනේ චෝදනා කරපු මුරලි දැන් ලෝක පූජිත ක්‍රීඩකයෙක්. හැබැයි ඩැරල් දැන් හොරකමකට අහුවෙලා. නිවැරදි මිනිස්සුන්ට බොරු චෝදනා කරන අයට මේක හොද පාඩමක් වේවි.