ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්දින තරඟාවලියේ නිමාවෙන් පස්සෙ ICC ය අලුත්ම ශ්‍රේණිගත කිරීම් නිකුත් කරලා තියෙනවා. පාකිස්තාන ක්‍රීඩකයින්ට උසස් වීම් දීලා ලංකාවේ ක්‍රීඩකයින්ව නම් පහතට අැදලා දාන්න ICC ය කටයුතු කරලා තියෙනවා. කොහොම වුනත් එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වල වෙනසක් වෙලා නෑ. පාකිස්තානය 6 වෙනි ස්ථානයෙත්, ලංකාව 8 වෙනි ස්ථානයෙත් රැදී ඉන්නවා.
බාබර් අසාම්ව එක්දින පිතිකරණ වර්ගීකරණයේ 4 වෙනි ස්ථානය දක්වා ලොකුවටම උසස් කරන්න ICC ය කටයුතු කරලා තියෙනවා. හැබැයි ලංකාවේ පිතිකරුවන්ගෙන් තරංග හැරෙන්න අනිත් සියලුම දෙනාට පහළට බහින්න සිද්ධ වෙලා තියෙනවා. 22 වෙනි ස්ථානයේ හිටපු මැතිව්ස් 25 වෙනි තැනටත්, 34 හිටිය කුසල් මෙන්ඩිස් 39 ටත් පහළට වැටිලා තියෙනවා. 37 වෙනි තැන හිටිය දික්වැල්ල 43 දක්වාම පහතට වැටිලා තියෙනවා. කොහොම වුනත් 66 වෙනි ස්ථානයේ හිටිය උපුල් තරංගට ස්ථාන 21 ක් උඩට එන්න අවස්ථාව ලැබිලා තියෙනවා. තරංග දැන් ඉන්නෙ 45 වෙනියට. 53 හිටිය තිරිමාන්න තාමත් එ් ස්ථානය අාරක්ෂා කරගෙන ඉන්නවා. හැබැයි කලින් පළවෙනි 100 දෙනා අැතුලේ හිටිය මිලින්දට සහ අසේලට ශ්‍රේණිගත කිරීම් වල ස්ථානයක් අහිමි වෙලා තියෙනවා.
ආවේගශීලි විදිහට ශ්‍රී ලංකා කඩුලු දඩයම් කරපු හසන් අලි පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල 1 වෙනි ස්ථානයට එන්න සමත් වෙලා. එතකොට 39 වෙනි ස්ථානයේ හිටිය සුරංග ලක්මාල්ට ස්ථාන 3 ක් උඩට එන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ලක්මාල් දැන් ඉන්නෙ 36 වෙනි ස්ථානයේ. ලසිත් මාලිංගට 9 ඉදලා 64 දක්වා පහතට බහින්න සිද්ධ වෙලා තියෙනවා. 65 වෙනි ස්ථානයේ හිටිය කුලසේකර 70 වටත්, 84 වෙනියට හිටිය අකිල ධනංජය 91 වෙනි ස්ථානයටත් පහතට බැහැලා තියෙනවා. තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් වල 4 වෙනි ස්ථානයේ හිටිය මැතිව්ස්ට තවදුරටත් ඔහුගේ ස්ථානය අාරක්ෂා කර ගන්න හැකි වෙලා තියෙනවා.
ලංකාවේ කිසිම පන්දු යවන්නෙක්ට හරි පිතිකරුවෙක්ට හරි ICC එක්දින ශ්‍රේණිගත කිරීම් වල පළවෙනි 20 අතරට එන්න බැරි වෙලා තියෙනවා. එ් කියන්නෙ තමන්ගේ පෞද්ගලික දක්ෂතා පෙන්නන්න වත් ලංකාවේ ක්‍රීඩකයන්ට බැරි වෙලා තියෙනවා. සමහර වෙලාවට ක්‍රීඩකයිනුත් චෝදනා කරනවා බලධාරීන්ගේ වැරදි නිසා තරඟ පැරදෙනවා කියලා. එ්ත තමන්ගෙන් වෙන්න ඕන දේවල් හරියට ඉටු කරලා තියෙනවද කියලත් ක්‍රීඩකයින් හිතලා බැලුව නම් තමයි හොද.