අතීතයේ ඉදන්ම හින්දු දේවස්තාන වල බිලි පූජා කරනවා. සමහර හින්දු පූජා වලදී දහස් ගණනක් ඉදිරියේ ප්‍රසිද්ධියේ සිය ගණනක් සත්තු ඝාතනය කරනවා.
හැබැයි යාපනයේ මහාධිකරණ විනිසුරුතුමා ඊයේ අාන්දෝලනාත්මක නියෝගයක් කරා. එ් තමයි මීට පස්සේ හින්දු දේවස්ථාන වල බිලි පූජා තියන්න බෑ. මේ නියෝගය කරේ කවුරුත් යුක්තිගරුක නීතීඥයෙක් විදියට හදුන්වන යාපනයේ මහාධිකරණ විනිසුරු මානික්කවාර්ගර් ඉලංචේලියන් මහතා. කාවුනාවත්තේ නාරසිම්මර් කෝවිලේ වාර්ශිකව පැවැත්වෙන බිලිපූජා කර්මයට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ පැවැත්වුන නඩු තීන්දුවක් තමයි මේ විදියට ඔහු දුන්නෙ.
නඩුවේ තීනදුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා කිව්වෙ මිනිස්සු දහස් ගණනක් ඉන්න තැනක ප්‍රසිද්ධියේම සත්තු මරණ එක දඩුවම් ලැබිය හැකි වරදක් කියලා. හැබැයි බිලි පූජාවට පක්ෂව කරුණු දක්වපු පාර්ශවය කිව්වේ මේක අවුරුදු 300 ක් විතර පැරණි චාරිත්‍රයක් කියලා. එ් නිසා මේ තීන්දුව යුක්ති සහගත නෑ කියලා. නමුත් එ්කට එරෙහි වුන විනිසුරුවරයා කිවවේ මෙච්චර කාලයක් බිලි පූජා කරලා තියෙන්නේ මස් කඩ නීතිය අනුව කියලා.
2014 දී බිලි පූජා කරන්න මල්ලාකම් මහේසත්‍රාත් අධිකරණය අවසර දීලා තිබ්බා. හැබැයි මහේස්ත්‍රාත් අධිකරණයට එ් සදහා බලයක් නෑ කියලා මහාධිකරණ විනිසුරුතුමා කිව්වා. මහාධිකරණයකට, අභියාචනාධිකරණයකට හරි ශ්‍රේෂ්ඨාධීකරණයකට විතරයි එ් සදහා බලය තියෙන්නෙ කියලා එතුමා වැඩිදුරටත් කිව්වා.
කොහොම වුනත් මේ සේරම කරුණු සලකා බලපු විනිසුරුතුමා යාපනය අධිකරන බල ප්‍රදේශ තුලදී මීට පස්සේ බිලි පූජා තියන එක තහනම් කියලා නියෝග කරා. කවුරු හරි මේ නියෝගය කඩ කලොත් වහාම ඔවුන්ව අත්අඩංගුවට ගන්න කියලා උතුරු පළාත් භාර පොලිස්පතිතුමාට නියෝග කරා.
තව කෙනෙක්ගේ ජීවිත්යක් නැති කරලා අපේ අාශිර්වාද ගන්න පුළුවන්ද? මේ ප්‍රශ්නය ඔබ ඔබගෙන්ම අහලා බලන්න