News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
25

“මම ආසාර්ථකයි. හැබැයි නායකත්වයෙන් ඉල්ලා අස් වෙන්නේ නැහැ” – උපුල් තරංග කියයි.

2263 Views


“මම ආසාර්ථකයි. හැබැයි නායකත්වයෙන් ඉල්ලා අස් වෙන්නේ නැහැ” – උපුල් තරංග කියයි.

ක්‍රිකට් පරාජයට මේ වෙද්දී කෙලින්ම ඇගිල්ල දික්වෙලා තියෙන්නේ පරිපාලනයට, පුහුණුකරුවන්ට සහ නායක තරංගටයි. අද දිනපතා පුවත්පත් හැම එකකම වගේ ක්‍රීඩා පිටුවලින් මේ ගැන දිගට හරහට කතා කරලා තිබුනා. මේ කොහොම වුණත් කණ්ඩායම අසීරු අවස්ථාවකට වැටිලා තියෙන වෙලාවේ නායකත්වයෙන් ඉල්ලා අස් වෙන්න හිතන්නේ නැහැ කියලයි උපුල් මාධ්‍යට කිවුවේ.

“මම පිළිගන්නවා අපි කණ්ඩායමක් විදිහටත් අසාර්ථක වුණා. ඒ වගේම මම නායකයෙක් විදිහටත් අසාර්ථක වුණා. හැබැයි මේ අමාරු වෙලාවේ මම කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස් වෙන්න හිතන්නේ නැහැ. මම දිගටම තියාගන්නවද? නැද්ද? පරිපාලනයේ තීරණය කරයි. එතකන් මම මගේ කණ්ඩායම එක්ක ඉන්නවා. ලාහෝර් නොයා ඉන්න තීරණය කරේ මම තනියම. එදා ඒ සිද්ධියට මම මුහුණ නොදුන්නත් තාම ඒ සිදුවීම අහපු දැකපු වෙලාවේ ඇති වුනු බලපෑම තාම මට තියෙනවා. ඉස්සරහට පකිස්ථානයේ සංචාරයකට එකතුවෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. එත් එකට තව කාලයක් ඕන”

ඔන්න ඔය ටික තමයි තරංග මාධ්‍යට කිවුවේ.


News Articles
Latest Videos
Most Popular Post