News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

අලුත් නායකයෙක්, අලුත් කණ්ඩායමක් එක්ක T20 සටනට එන ලංකාවට අද මොනවා වෙයිද? සවිස්තරාත්මක විශ්ලේෂණය මෙන්න.

2143 Views


අලුත් නායකයෙක්, අලුත් කණ්ඩායමක් එක්ක T20 සටනට එන ලංකාවට අද මොනවා වෙයිද? සවිස්තරාත්මක විශ්ලේෂණය මෙන්න.

එක්දින තරඟාවලියේ දී පාකිසතෙනය අතින් වයිට් වොෂ් වුන ලංකාව අද T20 තරඟයට සහභාගී වෙනවා. විශේෂත්වය තමයි ජේෂ්ඨ ක්‍රීඩකයින් කවුරුවත් නැතුව තමයි අද තරඟයට ලංකාව සහභාගී වෙන්නෙ. කණ්ඩායමේ නායකත්වය හිමිවෙලා තියෙන්නෙ තිසර පෙරේරාට. නවන ක්‍රීඩකයින් රැසක් ඉන්න ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරඟය පහසු එකක් වෙවිද කියලා අපි හොයලා බැලුවා.

ලංකාව සහ පාකිස්තානය මීට කලින් T20 තරඟ 15 කදී මුණගැහිලා තියෙනවා. හැබැයි තරඟ 10 ක් පාකිස්තානය දිනද්දී ලංකාවට තරඟ 5 ක් විතරයි දිනන්න පුළුවන් වෙලා තියෙන්නෙ. එ් වගේම ලංකාව මේ අවුරුද්දේ T20 තරඟ 9 කට සහභාගී වෙලා ඉන් තරඟ 5 ක් දිනලා 4 ක් පරාජය වෙලා තියෙනවා. පාකිස්තානය අන්තිමට ක්‍රීඩා කරපු T20 5 න් 2 ක් විතරයි දිනලා තියෙන්නෙ.

කොහොම වුනත් මේ තරඟයට තිසර පෙරේරා හැරුණම අනිත් හැම ක්‍රීඩකයෙක්ම අත්දැකීම් අඩු අය. එක අතකින් එ් වාසිය ලබා ගන්න පුළුවන්. මොකද පාකිස්තානය එ් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාසය ගැන හරි අවබෝධයක් නෑ. එ් වාසිය හරි හැටි ලබා ගන්න එක ක්‍රීඩකයන්ගේ අතේ තියෙන වැඩක්.

අද තරඟය පවත්වන ශේක් සයිඩ් ක්‍රීඩාංගණයේදී මීට කලින් ලංකාව සහ පාකිස්තානය T20 තරඟයකදී හමුවෙලා තියෙන්නෙ එක සැරයක් විතරයි. එ් තරඟය කඩුලු 5 කින් පාකිස්තානය ජයග්‍රහණය කරලා තියෙනවා. කොහොම වුනත් ශේක් සයිඩ් පිටියේදී පාකිස්තානය තරඟ වැදුණු T20 5 න් 2 ක් විතරයි දිනලා තියෙන්නෙ. එ් නිසා ලංකාවට අනවශ්‍ය බියක් අැති කර ගන්න වුවමනාවක් නෑ. මේ ක්‍රීඩාංගනයේ තරඟ ඉතිහාසය අරන් බැලුවොත් දෙවෙනි වර පන්දුවට පහර දෙන කණ්ඩායමට වැඩි වාසියක් තියෙනවා.

පාකිස්තාන කණ්ඩායම T20 ලෝක ශූරතාව එක වරක් ස අනු ශූරතාව එක වරක් බැගින් දිනාගෙන තියෙනවා. ඔවුන් මේ වෙද්දි ඉන්නෙ T20 ශ්‍රේණිගත කිරීම් වල 2 වන ස්ථානයේ. T20 ශූරතාව එක වරක් සහ අනු ශුරතාව දෙවරක් දිනා ගන්න ලංකාවට පුළුවන් වෙලා තියෙනවා. එ් වුනත් ලංකාව මේ වෙද්දී ශ්‍රේණිගත කිරීම් වල ඉන්නෙ 8 වන ස්ථානයේ. අලුත් නායකයෙක් අලුත් කණ්ඩායමක් එක්ක තරඟ වදින ලංකාවට අලුත් අාරම්භයක් ලබා ගන්න මේක හොද අවස්ථාවක්.


News Articles
Latest Videos
Most Popular Post