අද 2017 ඔක්තෝම්බර් මාසයේ 26 බ්‍රහස්පතින්දා
රාහු කාලය ප.ව 01.23 සිට02.53
සුභ දිශාවඋතුර
මරු සිටින දිශාව දකුණ

තරමක කාර්යබහුල ස්වභාවයක් ගන්නවා. තරමක වෙනස් පරිසරයක කල් ගත කරන්න ඔබට සිදු වෙනවා. උදෑසන කාල පරිච්චේදය අලුත් අත්දැකීම් බුක්ති අවස්ථාව ලැබෙනවා. ඇතැම් පීරිස් ඔබගෙන් සමාව ඉල්ලන තත්වයට පත් වෙනවා. කායික ශක්තිය වර්ධනය වෙනවා. මානසික ශක්තිය වර්ධනය වෙනවා. දුර බැහැර ගමන් යන්න ආරාධනා ලැබෙනවා. එවැනි පුද්ගලයන්ව දැන හදුනා ගන්න අවස්ථාව උදා වේවි. මේ සියල්ල සමග වෘත්තිමය කටයුතු පිලිබදව අලුත් මානයකින් අලුත් සැලසුමක් අනුව සිතන්න කරන්න අවස්ථාව උදා වෙනවා.
ජය වර්ණය ලා කහ පැහැය ජය අංකය 03

උදෑසන ඔබගේ විවාහ ජීවිතය සහ ප්‍රේමනීය සබදතා ශක්තිමත් කර ගැනීමට යෝග්‍යයි. හවුල් ව්‍යාපාර කටයුතු වලින් පවා යම් ශක්තියක් උදා කර ගැනීමේ හැකියාව පවතිනවා. හිත තුල නොනිමෙන දුකක් අද දවසේදී ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. අන් අයව විශ්වාස කරලා අත්සන් තැබීම ආදී කටයුතු වල නිරත වීම එතරම් යහපත් නොවේ. කායික මානසික ශක්තිය දියුණු වෙනවා. බොහෝ කටයුතු යලි ආරම්භ කරන්න ඔබට අවස්ථාව උදා වෙනවා.
ජය වර්ණය ලා දම්පැහැය ජය අංකය 08

වෘත්තිමය කටයුතු වගේම ඔබගේ ව්‍යාපාරික කටයුතු වලටත් ඔබ අවධානය යොමු කරනවා. ගේදොර කම්කටොලුකාරි තත්වයන් ඇති වෙනවා. ඔබගේ යන්ත්‍ර සුත්‍ර ආදී දේවල් වලට අලාභ හානි ඇති වෙන්න පුළුවන්. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කරන කටයුතු වලින් නම් ඔබට යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ නිසා කල්පනාකාරීව කටයුතු කිරීම වඩාත් වැදගත්. ඔබගේ මෙවලම් වලට ගැටළු ඇති වුනත් ඔබ කරන වෘත්තියට ජයග්‍රහණයක් අත්කර ගන්න පුළුවන්. සැලසුම් සහගතව දවස් සකස් කර ගන්න. ඉවසිලිවන්තව කටයුතු කරන්න.
ජය වර්ණය විසිතුරු පැහැය ජය අංකය 07

විජයග්‍රහී ලීලාවෙන් කරන කටයුතු සිදු කර ගන්න පුළුවන්. තරගකාරි කටයුතු වලට අද දවස යෝග්‍යයි. අධ්‍යාපනික කටයුතු වලට නම් එතරම් යහපත් නොවේ. තමන්ගේ දු වරුවන් පිලිබදව වෙනදට වඩා සැලකිල්ලක් දක්වනවා. ජලාශ්‍රිත පරිසර වලදී උස් ස්ථාන වලදී තමන්ගේ දූදරුවන් වගේම තමන්ගේ ආරක්ෂාව පිලිබදවත් වෙනදට වඩා සැලකිලිමත් වෙන්න. අඩමානයට අවධානයෙන් කරන කටයුතු වලදී ඔබගේ ආරක්ෂාව ඔබගේ සෞඛ්‍ය පිලිබදව අනිවාර්ය අවධානයක් යොමු කරන්න. පෞරුෂත්වය ඉතාමත්ම උසස් මට්ටමක පවතින නිසා අසල්වාසීන් සහ වෘත්තිමය කටයුතු වලදී ඔබගේ පෞරුෂත්වය ඉහල නංවා ගන්න ඔබගේ හැකියාව වර්ධනය කරගන්න අන් අයගේ ආකර්ෂණය දිනා ගන්න හැකි වෙනවා. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලටත් සුභයි.
ජය වර්ණය ලා කොළ පැහැය ජය අංකය 07

වියදම් පාර්ශවය ඉහල යනවා. කලාකාමී කටයුතු වලට අවධානය වැඩි වශයෙන් යොමු වෙනවා. ගෙදර පරිසරය තමන් අවට පරිසරය සතුටින් පවත්වාගෙන යන්න වගේම විනෝදකාමී තත්වයන් පවත්වා ගන්න උත්සහ කරනවා. දකින දකින දේ මිලදී ගන්නත් ඔබට සිතේවි. ඔබගේ මුදල් පසුම්බියට නම් එතරම් යහපත් නොවේ. වියදම පිලිබදව වඩාත් සැලකිලිමත් වෙන්න. ආදායම් තත්වය පහල වැටෙනවා. ව්‍යාපාරික කටයුතු වෘත්තිමය කටයුතු නිසි වගකීමකින් ඉටු කරන්නත් හිතට ගන්න. නීතිමය ගැටලුකාරී තත්ව පැවතුනානම් පුංචි හෝ බාධාකාරී තත්වක් අද දවසේදී ඇති වීමේ ඉඩකඩක් පවතිනවා. වාසස්ථාන වෙනස් වීමේ ඉඩකඩක් පවතිනවා.
ජය වර්ණය ලා කහ පැහැය ජය අංකය 03

මානසික සෞඛ්‍ය ඉතාමත්ම යහපත්. නිතර කෙළිදෙලෙන් ගත කරන්න ඔබට අවස්ථාව උදා වෙනවා. අලුත් අලුත් දේවල් හිතන්න ලියන්න යහපත් දවසක්. තමන්ගේ දැනුම වර්ධනය කර ගැනීමේ ඉඩකඩ වෙලා පවතිනවා. ඒ වගේම වාසස්ථාන සම්බන්ධව නම් පුංචි ගැටළුකාරී තත්වයක් ඇතිවිය හැකියි. අසල්වාසීන් සමග කරන ගණුදෙනු කිරීම් වලින් ප්‍රවේසම් වෙන්න. ඉහල නිලධාරීන් සමග කරන ගණුදෙනු කිරීම් වලදී වඩාත් සැලකිලිමත් වෙන්න. සෙම් සහිත රෝග වලින් ඔබගේ සෞඛ්‍ය පීඩා වෙන්න ඉඩ තියන්නෙපා.
ජය වර්ණය විසිතුරු පැහැය ජය අංකය 06

කලාකාමී කටයුතු වලට තරමක බාධා ඇති වෙන්න පුළුවන්. තමන්ගේ හිතුමතේට ගන්න තීන්දු තීරණ වරදින්න ඉඩකඩක් පවතිනවා. කල්පනාකාරී වීම වඩාත් වැදගත්. උස් ස්ථාන තෙත් සහිත ස්ථාන අවධානම් සහිත ගමන් වලදී කල්පනාකාරී වෙන්න වම අත වම් පාදය බිදීමකට ලක් වෙන්න පුළුවන්. ඔබගේ වියදම් පාර්ශවයත් ඉහල යනවා. අත්‍යවශ්‍ය ලියකියවිලි වලට අත්සන් තබන්න ඔබ හිතන්නවත් එපා. මව්පස ඥාතීන් සමග පවත්නා ගැටුම්කාරී තත්ව ඇතිවිය හැකියි. සෙම් සහිත රෝග වලින් පිඩා ඇතිවිය හැකියි. ජීවිතය පිලිබදව වචන භාවිතා කිරීම පිලිබදව වෙනදට වඩා සැලකිල්ලක් දක්වන්න අත්‍යවශ්‍ය වෙනවා.
ජය වර්ණය ලා කහ පැහැය ජය අංකය 03

තරමක පීඩාකාරී තත්වයකින් අත් මිදීමේ හැකියාව පවතිනවා. වියදම් පාර්ශවය ඉහල යාම තරමක බාධා වෙනවා. දුර බැහැර ගමන් යන්න ආරාධනා ලැබෙනවා. කායික ශක්තිය ඉහල මට්ටමක පවත්වා ගන්න පුළුවන්. රාජ්‍ය අර්ධ රාජ්‍ය බැංකු ක්ෂේත්‍ර වැනි කටයුතු වල නිතර වෙලා ඉන්න කෙනෙක් නම් වෙනදට වඩා සැලකිලිමත් වෙන්න. තාක්ෂණික මෙවලම් ජලය ආශ්‍රිත පරිසර වලින් යම් ලාභයක් ලැබීමේ හැකියාව පවතිනවා. වැඩිහිටි ඥාතීන් සමග ආරවුල් ඇති වෙනවා. පිය පාර්ශවයේ ඥාතීන් සමග විරෝධතා ඇති වීමේ ඉඩකඩක් පවතිනවා.
ජය වර්ණය ලා කහ පැහැය ජය අංකය 08

අලුත් අලුත් දේවල් ඔබේ මනසට එනවා. වෘත්තිමය කටයුතු වලදී වගකීම් පැවරෙනවා. කාර්යබහුල ස්වභාවය ඉහලයි. විනෝද වෙන්නත් ඔබට කැමැත්තක් උනන්දුවක් ඇති වෙනවා. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග තත්ව වලින් පුංචි හෝ බාධාවක් ඇති වෙනවා. පාද ආශ්‍රිත රෝග තත්ව වගේම වැඩිහිටියෙකුගේ රෝග තත්වයක් මුල් කරගෙන වියදම් පාර්ශවය ඉහල යනවා. සුරතල් සතුන්ගෙන් තරමක් ප්‍රවේසම් වෙන්න.
ජය වර්ණය විසිතුරු පැහැය ජය අංකය 08

පුංචි පුංචි චිත්ත පිඩා මානසික අසහනකාරී තත්ව ඇති වෙනවා. අධික කාර්යබහුලතා නිර්මාණය වෙනවා. මානව සම්පත් කළමනාකරණය ඇගළුම් ක්ෂේත්‍රය ආශ්‍රිත කටයුතු වලට ඉතාමත්ම යහපත්. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු සන්නිවේදන කටයුතු යන්ත්‍රසුත්‍ර අලෙවි කිරීම් ආශ්‍රිත කටයුතු වලිනුත් යම් ධන ශක්තියක් උත්පාදනය වෙනවා. තමන්ගේ යාලුවන්ව තමන්ගේ සතුරන් බවට පත් වෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු වලදී සැක සංකා සහිත තත්වයන්ට ඔබට මුහුණ දෙන්න සිදු වේවි.
ජය වර්ණය ලා දම් පැහැය ජය අංකය 03

කලාකාමී කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. තමන්ගේ මව පිලිබදව සුභවාදී කටයුත්තක් අහන්න දකින්න වාසනාව පවතිනවා. රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා වැනි කටයුතු වලට ඉතාමත්ම යහපත්. ඔබ කරන බොහෝ කටයුතු පිලිබදව අන් අයගේ ප්‍රසාදයට පත්වෙන දවසක්. අන් අයගේ ආකර්ශනයත් තවමත් ඔබ වටා ගොඩ නැගෙනවා. මුල්‍ය ශක්තිය ඉහල මට්ටමකට පවත්වාගෙන යන්න පුළුවන්. ආදායම් තත්වය වර්ධනය වෙනවා. කොමිස් මුදල් වගේ දේවල් ලැබීමේ ඉඩකඩ පවතිනවා. ජලාශ්‍රිත පරිසර වලින් පවා බොහෝ දේවල් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලටත් ඉතාමත්ම යෝග්‍යයි.
ජය වර්ණය ලා නිල්පැහැය ජය අංකය 07

ප්‍රේමනීය සබදතා ශක්තිමත් වෙනවා. අන් අයගේ ආකර්ෂණය තමන්ට දිනා ගැනීමේ හැකියාව පවතිනවා. වැඩිහිටියන් පවා ඔබගේ කටයුතු වලට උපකාර කරනවා. ජලාශ්‍රිත පරිසර වලදී ප්‍රේමනීය පරිසර වලදී වඩාත් සාර්ථකත්වය අත්පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. කොන්ද තුනටිය ආශ්‍රිත රෝග තත්ව වලින් පුංචි පුංචි බාධාකාරී තත්ව ඇති වෙනවා.
ජය වර්ණය ලා නිල්පැහැය ජය අංකය 03
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක
දුරකථන අංකය : 0766 765 353