20වෙනි සියවසේ මහා බුද්ධිමතා විදියට හදුන්වන්නේ ඇල්බට් අයින්ස්ටයින්. ඔහුගේ කටින් පිටවුන සෑම වචනයක වගේම ලියපු සාම සටහනකම ලෝකයාට ඉගෙන ගන්න දෙයක් තියෙනවා.
ඇල්බට් අයින්ස්ටයින් ලියපු සතුටින් ජීවත් වීමේ උපදේශයක් අඩංගු සටහනක් ජෙරුසෙලමේදී වෙන්දේසි කෙරුවා. ඩොලර් මිලියන 1.56 මුදලකට තමයි මේ සටහන වෙන්දේසි වුනේ. 1922 වසරේ ජපානයේ ටෝකියෝ නුවර සංචාරයක නිරත වෙලා ඉන්නකොට පණිවිඩකරුවෙක් අයිස්ටයින්ව හොයාගෙන ඇවිත් තියෙනවා. හැබැයි ඒ වෙලේ පණිවිඩකරුවාට දෙන්න අයින්ස්ටයින් අතේ මුදල් තිබිලා නෑ. ඒ වෙලේ තමයි පණිවුඩකරුවට සන්තෝසම් මුදලක් වෙනුවට අයින්ස්ටයින් මේ සටහන දීලා තියෙන්නෙ.
මේ සටහන දීලා පණිවුඩකරුට අයින්ස්ටයින් කියලා තිබ්බේ “ඔහු වාසනාවන්තයෙකු නම් යම් දිනක එම සටහනට වටිනාකමක් ලැබෙනු ඇති” කියලා. “සාර්ථකත්වය හඹා යාමත් ඒ සමග ඇති වන නිරන්තර වෙහෙසකාරීත්වයටත් වඩා , සන්සුන් සහ නිහතමානී ජීවිතයක් විසින් වැඩි සතුටක් ළඟා කරනු ඇත” කියලා තැනමයි ජර්මන් භාෂාවෙන් ලියපු ඒ සටහනේ තියෙන්නෙ.
ඒ මොහොතේ අයින්ස්ටයින් තබපු තවත් සටහනක දැක්වෙන්නේ “අධිෂ්ඨානය ඇත්නම් මගකුත් තිබේවි” කියලා. ඒ දෙවෙනි සටහන ඇමරිකානු ඩොලර් 240,000 අලෙවි වුනා කියලා වෙන්දේසි සමාගම කියනවා. ඇස්තමේන්තු මුදලට වඩා ඉතාමත් වැඩි ලංසු මුදලක් සටහන් දෙකටමලැබුණා කියලයි ඔවුන් වැඩිදුරටත් කිව්වේ. මේ සටහන් දෙක වෙන්දේසි වුන මුලින්ම හිතා ගන්න පුළුවන් නේද අයින්ස්ටයින්ගේ බුද්ධියේ තරම වගේම ඔහුගේ වටිනා කමත් කොච්චරද කියලා.