News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

එක්දින තරඟාවලිය පැරදුන හේතුව නව තේරීම් කමිටු සභාපති කියයි.

3043 Views


එක්දින තරඟාවලිය පැරදුන හේතුව නව තේරීම් කමිටු සභාපති කියයි.

ලැබ්රෝයිගේ සභාපතිත්වයෙන් යුතු නව තේරීම් කමිටුවේ පළවෙනි වැඩේ වුනේ පාකිස්තානය සමඟ තරඟාවලියට යන කණ්ඩායම තෝරණ එක. හැබැයි ඔවුන් තෝරපු කණ්ඩායම අසාර්ථක වුනා. තරඟාවලිය 5 – 0 විදියට පරාජය වුනා. මේ පරාජයට හේතුව මෝකක්ද කියලා ග්‍රැහැම් ලැබ්රෝයි ඊයේ තිබ්බ මාධ්‍ය හමුවේදී කිව්වා.

ඔහු කියව විදියට නම් තරඟාවලිය පරාජය වෙන්න ප්‍රධානම හේතුව පාකිස්තානය ශ්‍රේණිගතකිරීම් වල ලංකාවට වඩා ඉහළින් ඉන්න එක. හැබැයි ටෙස්ට් තරඟාවලිය ජය ගත්තේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පරතරය අඩු නිසාලු. “තේරීම් කමිටුව කණ්ඩායමක් තෝරද්දී එ සදහා සහායක මණ්ඩලය, පුහුණුකරු වගේම කණ්ඩායමේ නායකයාගෙන්ද නිර්දේශ ලබා ගන්නවා. අපි පුළුවන් තරම් දෙන්න හදන්නෙ නායකයාට සහ පුහුණුකරුට ඕන කණ්ඩායම” ලැබරෝයි වැඩි දුරටත් එහෙම කිව්වා.

එ් වගේම ඉස්සරහට ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරඟ සදහා වෙන වෙනම කණ්ඩායම් හදනවා කියලත් තේරීම් කමිටු සභාපතිවරයා කිව්වා. ක්‍රීඩකයන් දක්ෂතා පෙන්නවන තරඟ කාණ්ඩය අනුව එ් කණ්ඩායමට විතරක් ඔවුන්ව ක්‍රීඩා කරවනවා කියලයි ඔහු කිව්වෙ. දේශීය පළමු පෙල තරඟ සදහා රෝස පන්දුව භාවිතා කරන්නත් සූදානමක් තියෙනවා කියලා සභාපතිවරයා කිව්වා.

කොහොම වුනත් අලුත් තේරීම් කමිටුව පත් වෙලා තාම වැඩි කාලයක් නෑ. එ් නිසා ටික කාලයක් බලාගෙන ඉමු ඔවුන්ගේ අලුත් වෙනස්කම් වලට ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න පුළුවන් වෙයිද කියලා.

 


News Articles
Latest Videos
Most Popular Post