News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

වෙඩි කන්න හරි මම ලාහෝර් තරඟයට යනවා – ක්‍රීඩා අැමතිතුමා ලාහෝර් තරඟය ගැන කියන කතාව මෙන්න.

2085 Views


වෙඩි කන්න හරි මම ලාහෝර් තරඟයට යනවා – ක්‍රීඩා අැමතිතුමා ලාහෝර් තරඟය ගැන කියන කතාව මෙන්න.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර විස්සයි විස්ස තරඟාවලිය අද අාරම්භ වෙනවා. තරඟ 3 කින් සමන් විත තරඟාවලියේ පළවෙනි තරඟ 2 තියෙන්නෙ අබුඩාබියේ. අන්තිම තරඟය පාකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවැත්වෙන්නෙ.

හැබැයි පාකිස්තානයේ අාරක්ෂාව මදී කියලා ජේෂ්ඨ ක්‍රීඩකයෝ රැසක්ම තරඟාවලියට සහභාගී වෙන්නෙ නෑ. එ් වගේම කණ්ඩායමේ පුහුණුකරු සහ භෞත චිකිත්සකත් පාකිස්තානයේ තරඟයට යන්නෙ නෑ. ක්‍රීඩා අමාත්‍ය දායාසිරි ජයසේකර මහතා නම් පාකිස්තානයේ තරඟයට යනවලු. අැමතිතුමා කියන්නෙ වෙඩි කන්න හරි ක්‍රීඩකයන් වෙනුවෙන් ඔහු යනවා කියලයි.

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පාකිස්තානයේ ලාහෝර්හි අාරක්ෂක තත්වය හොදයි කියලා වාර්තාවක් දීලා තියෙනවා. ඊට අමතරව මම පොලිස්පතිතුමා දැනුවත් කරා. එතුමා මට වෙනම වාර්තාවක් දෙනවා. පාකිස්තානය රාජ්‍ය නායකයෙක්ට ලබා දෙන ප්‍රභූ අාරක්ෂාව අපිට දෙනවා. එ් වගේම පාකිස්තානය අපිට ලොකු සහයෝගයක්, ශක්තියක් දීපු රටක්. අපි එ්ක මතක තියා ගන්න ඕන. එ් නිසා තරඟ තුනම සෙල්ලම් කරන්න බැරි අය අයින් කරලා හොද කණ්ඩායමක් නම් කරා. පුහුණුකරුවන් ගැන ක්‍රිකට් අායතනය තීරණයක් ගන්න ඕන.” කියලයි ක්‍රීඩා අාමාත්‍යවරයා කිව්වෙ.

කොහොම වුනත් ලාහෝර් තරඟය නම් ගොඩාක් උණුසුම් තරඟයක් වෙයි කියන එක නම් අවිවාදයෙන්ම කියන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post