News Line| Off Air
Generic placeholder image

Nov
14

විශ්වාසභංග යෝජනාවෙන් මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලය පරාදයි – කතානායක කරූ ජයසුරිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියයි

Generic placeholder image

කතානායකවරයා විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ පාර්ලිමේන්තු බහුතරය පෙර පැවති ආණ්ඩුව සතුව පවතින බව අද පාර්ලිමේන්තු රැස්වීමේදී සනාථ වූ බවයි. ඒ සම්බන්දව නිකුත් කල නිවේදනය පහතින්….


Nov
14

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තව පිරිසක් එජාපයට එනවා

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් අද හෙටම ආණ්ඩුවට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර පවසා සිටිනවා. මුදල් තනතුරු හා වරප්‍රසාද ලබා දෙමින් පාර්ලිමේන්තුවේ 113 කගේ බහුතරය සැදීමට ගත් උත්සහා කළ බවත් එය සිදුනොවූ තැන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩු පක්ෂය කටයුතු කළ බවත් ඔහු පාර්ලිමේන්තු රැස්වීම අවසානයේ පැවති […]


Nov
14

පාර්ලිමේන්තුව අසළ උණුසුම්කාරී තත්ත්වයක්

Generic placeholder image

පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව අසල මේ වනවිට උණුසුම් තත්වයක් හටගෙන ඇති බවයි සියත 24 වාර්තාකරුවන් පවසන්නේ. දේශපාලන පක්ෂවල ආධාරකරුවන් පැමිණිම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි. මේ නිසා එම ප්‍රදේශයේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.


Nov
14

විශ්වාසභංග යෝජනාවට පක්ෂව මන්ත්‍රිවරු 122ක් අත්සන් කරලා

Generic placeholder image

විශ්වාසභංග යෝජනාවට පක්ෂව මන්ත්‍රිවරු 122ක් අත්සන් කළ ලිපියක් කථානායක කරු ජයසූරිය මහතාට ලබාදුන් බවත් අනෙක් පාර්ශ්වය එය පිළිගන්නේ නොමැතිනම් හෙට දිනයේදි යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. “අගමැතිවරයෙක් ඉවත් කිරීමේ හා පත්කිරිමේ ගැසට් නිවේදන ප්‍රතික්ෂේප වුණා. කාඩ්බෝඩ් කැබිනට් මණ්ඩලයට බලයක් නෑ. ඒක රජයේ නිලධාරීන්ටත් පොලීසියට ත් මතක් කරන්න කැමතියි.විශ්වාසභංග යෝජනාවට බහුතරයක් […]


Nov
14

අපි ආණ්ඩුව දිගටම කරගෙන යනවා තිලංග කියයි

Generic placeholder image

“අපිට බහුතරය තිබෙනවා. ආණ්ඩුවට විශ්වාසය පළ කිරීමේ තත්ත්වයක් නෑ. අපි රජය, ආණ්ඩුව කරගෙන යනවා. රජයට විරුද්ධව විශ්වාසභංගයක් කියලා කඩදාසියක් ඉදිරිපත් කළා. ඒ ගැන විවාදයක් කරලා ඡන්ද විමසීමක් කරන්න ඕන.” යැයි හිටපු නියොජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පවසනවා.


Nov
14

වඩුවේල් සුරේෂ් නැවතත් එක්සත් ජාතික පක්ෂයට…?

Generic placeholder image

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා එක්වූ වඩුවේල් සුරේෂ් මහතා යළිත් එක්සත් ජාතික පක්ෂය හා එක්වූ බව හර්ෂද සිල්වා මහතා පවසනවා.


Nov
14

අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව මෙන්න

Generic placeholder image

අද දවසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාවේ පිටපතක් මේ වන විට නිකුත් වී තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එයයි..


Nov
14

මම ජනාධිපතිට ඉල්ලා අස්වීමේ ලියුම දෙනවා ඇමති වසන්ත සේනානායක කියයි | Audio

Generic placeholder image

තමන් ආණ්ඩුවට සහයෝගය දැක්වූයේ බහුතරය තමන් සතුව ඇතැයි ආණ්ඩුව පැවසු නිසා බවත් අද දිනයේ ඔවුන්ට බහුතරය පෙන්වීමට නොහැකි වූ නිසා ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යොමු කරන බවයි වසන්ත සේනානායක පවසා සිටියේ.  


Nov
14

මහින්ද රාජපක්ෂ මහතා විශ්වාසභංගයෙන් පරාජයි කිරි ඇල්ල කියයි

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයෙන් ඔහු පරාජයට පත්වූ බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා පැවැසීය


Nov
14

ෆවුසිත් එක්සත් ජාතික පෙරමුණට..? විපක්ෂයේ අසුන් ගත් අනිත් මන්ත්‍රීවරු මෙන්න

Generic placeholder image

අද පාර්ලිමේන්තුව ආරම්භ වූ සැණින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහයෝගය පලකල පියසේන ගමගේ, මනුෂ නානයක්කාර සහ ඒ.එච්.එම් ෆවුසි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභා ගර්භය හරහා ගොස් විපක්ෂයේ අසුන් ගත්තා.


Nov
14

අද පාර්ලිමේන්තුවේ මොකද උනේ..? මෙන්න විස්තරය

Generic placeholder image

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව සභාවට ඉදිරිපත් කිරීම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් සිදුකර තිබෙනවා. මේ අතර විජිත හේරත් එය ස්ථිර කල අතර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීමට අදාළ යෝජනාව සම්මත වී තිබෙනවා. කතානායක වරයා සඳහන් කළේ යෝජනාවට ඡන්ද විමසිමක් පවත්වන බවයි. ඉන් පසුව පාර්ලිමේන්තුවේ ඇති වූ දැඩි නොසන්සුන්කාරී තතත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට  පෙරවරු […]


Nov
14

පාර්ලිමේන්තුව හෙටට කල් තැබේ

Generic placeholder image

හෙට උදෑසන 10 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායකවරයා තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post