News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
14

ජන්ද විමසීමක් සිදු උනොත් මම නිර්පාක්ෂික වෙනවා ඇමති වසන්ත සේනානායක කියයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂය බහුතරය පෙන්වීමට කටයුතු කළහොත් තමන් අපක්ෂපාතිව සිටින බව අමාත්‍ය වසන්ත සේනානායක පාර්ලිමේන්තුවේදී පවසා සිටිනවා.තමන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරයෙක් සහ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වීම නිසා පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට කටයුතු කරන බවයි ඇමැතිවරයා කියා සිටියේ. තමන් කිසි කලකත් මුදල් ලබා නොගත් බවත් එසේ මුදල් ලබා ගැනීමක් සිදුකළා නම් මුදල් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට නොහැකි බවයි ඔහු […]


Nov
14

පියසේන ගමගේ එක්සත් ජාතික පෙරමුණට…?

Generic placeholder image

පියසේන ගමගේ එක්සත් ජාතික පෙරමුණට එක්ව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරනවා.


Nov
14

පාර්ලිමේතුව ආරම්භයට පෙර ජායාරූප මෙන්න

Generic placeholder image

පාර්ලිමේන්තු රැස්වීම අද උදෑසන දහයට ආරම්භ උනා. මේ එය ආරම්භවීමට පෙර සමාජ ජාල මාධ්‍යන්හි පළ වූ ජායාරූප කිහිපයක්.


Nov
14

පාර්ලිමේන්තු ආරම්භය උදෑසන දහයට

Generic placeholder image

පාර්ලිමේන්තුව අද උදෑසන දහයට රැස්වීමට නියමිතයි. ඒ අනුව දැනටමත් බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීන් පාර්ලිමේන්තු සංකීරණයට පැමිණ ඇතැයි සියත 24 පාර්ලිමේන්තු වාර්තාකරුවන් පවසා සිටියා. අද දවසේ කතානායක වරයාට ජනතා විමුක්ති පෙරමුණ නව රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්ද භාර දී තිබෙනවා.


Nov
14

ශ්‍රී ලංකන් නව සභාපති පත්වීම ප්‍රතික්ෂේප කරයි

Generic placeholder image

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපති ලෙස පත්කෙරූ ශ්‍රී ලන්කන් හා මිහින් ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා තම පත්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.


Nov
14

අගමැති මහින්ද පාර්ලිමේන්තු එයි අගමැති පුටුවත් හිමිවෙයි

Generic placeholder image

පාර්ලිමේන්තුවේ අගමැති පුටුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඔහු මේ වන විටත් පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. ජනපති නිකුත් කළ නිවේදනය ගැසට් නිවේදනයට අනුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති පුටුවේ වාඩි වීමට නියමිතය.හිටපු අමාත්‍ය රවුෆ් හකීම් සඳහන් කලේ විශ්වාසභංග යෝජනාව ගෙනෙන තෙක් ඔුහුට අගමැති පුටුවේ වාඩිවීමට අවස්ථාව තිබෙන බවයි.


Nov
14

නව රජයට විශ්වාසභංගයක් අද, පාර්ලිමේන්තුව රැස්වීමට පෙර විජිත හේරත් සියත 24 වෙත කියයි – වීඩියෝ සහිතයි | Exclusive Siyatha 24

Generic placeholder image

නව රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අද ඉදිරිපත් කරන බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සියත 24 වෙත අදහස් දක්වමින් කියා සිටියා. ඒ පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම අවසානයේදීයි. විජිත හේරත්ගේ අදහස් දැක්වීම පහතින්…


Nov
14

ජනපති අද පාර්ලිමේන්තු එන්නේ නැහැ…?

Generic placeholder image

අද පැවැත්වෙන පාර්ලිමේන්තුව ආරම්භ කිරීමේ සැසිවාරයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් නොවීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙනවා.නව සැසිවාරයක් ආරම්භ කිරීම ජනපතිවරයගේ ප්‍රධානත්වයෙන් සිදුවිය යුතු වුවත් ජනපතිවරයාගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇත.සැසිවාරය ආරම්භ කරන අවස්ථාවේදී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ජනපතිවරයා රාජාසන කතාව සිදුකළ යුතුවෙනවා.


Nov
14

කතානායකගේ විශේෂ නිවේදනය මෙන්න

Generic placeholder image

දින ගණනාවක් තිස්සේ පැවති දේශපාලන අස්ථාවරභාවය අවසන් කරමින් මෙම කරුණෙහි පවත්නා ජාතික වගකීම සලකා අප්‍රමාදව ඊට සිය අවධානය යොමු කරමින් සුදුසු තීරණයක් ලබා දීමෙන් උත්තරීතර අධිකරණය කළ කැප කිරීම පිළිබඳව සතුටුවීමේ අවස්ථාව මෙරට ජනතාවට ලැබී තිබෙන බව කතානායක කරු ජයසුරිය මහතා නිව්දනයක් නිකුත් කරමින් කියා තිබෙනවා.රජයේ නිත්‍යානුකුල භාවය පෙන්වා දීම සදහා ජනතා නියෝජිතයින්ට අවස්ථාව සැලසීමේ […]


Nov
13

අගමැති මහින්ද ඉල්ලා අස්විය යුතුයි මංගල කියයි

Generic placeholder image

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවයක් තිබේ නම් ඔහු දැන් සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය ට්විටර් ගිණුම හරහා කියා සිටියා.


Nov
13

හෙට පාර්ලිමේන්තු බහුතරය අපි පෙන්නනවා, 15 වෙනිදා දැවැන්ත විරෝධතාවයකුත් තියනවා

Generic placeholder image

හෙට දිනයේදි පාර්ලිමේන්තුව රැස්වන බවත් එහිදී බහුතර පෙන්වීමට අවස්ථාව තිබෙන බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අරලිය ගහ මන්දිරයේදි විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම සියලුම රජයේ සේවයකන්ට ව්‍යවස්ථාව අනුගමනය කරන ලෙසත් ඔහු සඳහන් කලා. එසේම 15 දා ලිප්ටන් වටරවුමේදී නැවත වරක් දැවැන්ත විරෝධයක් පවත්වන බවත් ඔහු සඳහන් කලා.


Nov
13

ජනතාව පළමු ජයග්‍රහණය ලැබුවා – රනිල් කියයි

Generic placeholder image

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව ට්විටර් පණිවිඩයක් නිකුත් කළ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනතාව පළමු ජයග්‍රහණය ලැබූ බවයි. එක්ව ඉදිරියට ගමන් කරමින් ජනතාවගේ ‌සෛවරීත්වය නැවත පිහිටවමු ලෙසත් ඔහු සිය නිවේදනයේ වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post