ඊයේ දෙවන දිනටත් නිරෝධායන රීති කැඩු පිරිස දහස ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව එම ගණන 1038ක්. ඒ අතරින් වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන්.
බස්නාහිර, සබරගමුවසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.
වැලිකඩ බන්ධනාගාරයේ කාණුවකින් පාර්සලයක් සොයාගෙන ඇති අතර එම පාර්සලයේ තිබී ජංගම දුරකථන10 ක්, ජංගම දුරකථන බැටරි 14 ක්ජංගම දුරකථන සිම්පත් 11 ක්ජංගම දුරකථන චාජර් 01 ක් හමුව තිබෙනවා. ඒ පිලිබදව වැඩි දුර වීමර්ශන පොලිසිය සිදු කරනු ලබයි.
ලුණු කුඩු අඩු මිලට සතොසින් ලබා ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා. ඒ අනුව රුපියල් 60 ට අලෙවි කළ ලුණු කුඩු පැකට් එකක නව මිල වන්නේ රුපියල් 34කි.
ලෝකයේ ඇතැම් පිරිස් අභ්‍යවකාශ විද්‍යාව පිලිබදව උනන්දුවක් දක්වනවා. විශ්වයේ රහස් සෙවීමට මහත් කුතුහලයක් දක්වන ඔවුන් ගේ අරමුණද වන්නේ කෙසේ හෝ අභ්‍යවකාශ තරණය කිරීමටයි. අද කතා කරන්නේත් එවන් කාන්තාවක් ගැනයි….
ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුළු 7 දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ ලබා ගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව එම ලබාගත් කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එන්නත්කරණ වැඩසටහනක ට බාධා කිරීමේ චෝදනාව මත ඉකුත් දා බන්ධනාගාර ගත කළ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාගේ ඇප ඉල්ලීම මොරටුව අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අත්‍යවශ්‍ය සේවා සදහා අවම කාර්ය මණ්ඩලයක් කැදවන ලෙසට රාජ්‍ය සේවා අමාත්‍යාංශයෙන් සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් කාර්යාල විවෘත කර තබන ලෙසටයි වැඩි දුර දැනුම් දී ඇත්තේ.
සංචරණය සීමා පනවා තිබෙන කාල සිමාවේ දිවයිනේ සියලු මත්පැන් අලෙවි සැල් වලට මුද්‍රා තැබීමට තීරණය කර තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරනවා. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ.
මෙරට එන්නත්කරන වැඩසටහන යටතේ ඊයේ (31) දිනය තුළ කොවිඩ් මර්දනය එන්නත් මාත්‍රා 84,565ක් ලබා දී තිබෙනවා. ඒ මේ දක්වාදිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය වන බවයි විෂයභාර අමාත්‍යවරයා සදහන් කරන්නේ. සයිනොෆාම් එන්නත් පළමු මාත්‍රාව පුද්ගලයින් 72,887 දෙනෙකුට ලබා දී ඇති අතර ස්පුට්නික් v එන්නත් පළමු මාත්‍රාව පුද්ගලයින් 10,157 දෙනෙකු සඳහා ලබාදීමට ඊයේ කටයුතු කර තිබෙනවා.
නිරෝධායන නීති කැඩූ වැඩිම පිරිස ගෙවුණු පැය 24දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ගණන 1,047 ක්. ඉකුත් මාස 14ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කල සමස්ත පිරිස 19,102ක් බවයි පොලිසිය සදහන් කරන්නේ. ඒ අතරීන් එක් දිනකදී නිරෝධායන නීති උල්ලංඝනය වැඩිම පිරිස ඊයේ වාර්තා වුණා.
කොරෝනා වෛරසයේ ප්‍රභේද හැදින්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නව හදුන්වාදීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව එක්සත් රාජධානියෙන් මුල්වරට හඳුනාගත් වෛරස ප්‍රභේදය – “ඇල්ෆා” දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් වෛරස ප්‍රභේදය “බීටා” ඉන්දියාවෙන් මුල්වරට හඳුනාගත් ප්‍රභේදය “ඩෙල්ටා” ලෙස මෙලෙස අලුතින් හදුන්වා දීමට කටයුතු කර තිබෙනවා. ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ එක් එක් රටවල් වලින් හමු වූ වෛරස් ප්‍රභේද […]