News Line| Off Air
Generic placeholder image

Apr
30

2020 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

Generic placeholder image

2020 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා. එම ප්‍රතිඵල www.doenets.lk නිල වෙබ් අඩවිය වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.


Apr
30

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ මෙරටින් හමු වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වූ අතර එම ගණන සටහන් වුයේ 1531ක් ලෙසයි.එම ආසාදිතයින් දිවයිනේ දිස්ත්‍රික්ක 24කින් ම වාර්තා වූනා. එයින් වැඩිම ආසාදිතයින් ගණනක් හමු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 533 ක්. මේ අතර ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 145 දෙනා බැගින් ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 107ක් […]


Apr
30

ගත වූ පැය 24 ක කාලය තුල ඉන්දියාවෙන් වාර්තාගත කොරෝනා ආසාදිතයින් හා මරණ ගණනක්

Generic placeholder image

ගත වූ පැය 24 ක කාලය තුල ඉන්දියාවෙන් වාර්තාගත කොරෝනා ආසාදිතයින් හා මරණ ගණනක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ පමණක් එරටින් කොරෝනා මරණ 3501ක් සහ නව ආසාදිතයින් 386,809ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව එරට සමස්ත මරණ ගණන 208,313 ක් සහ ආසාදිතයින් ගණන 18,754, 984 ක් වන අතර මේ වන විට එරට අගමැති නරේන්ද්‍ර […]


Apr
30

කොරෝනා වාර්තා අලුත් කරමින් අඛන්ඩව මෙරටින් තෙවන දිනටත් දහස ඉක්ම වූ කොරෝනා ආසාදිතයින්

Generic placeholder image

ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයින් 1531 දෙනෙකු වාර්තා වුණා. අඛන්ඩව මෙරටින් තෙවන දිනටත් දහස ඉක්මවමින් වූ කොරෝනා ආසාදිතයින් මේ දක්වා දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වේ. තවදුරටත් ආසාදිතයින් 10 ,372 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන එක්ලක්ෂ 6484ක්. ඊයේ දිනය තුල මෙරටින් කොවිඩ් මරණ 06 ක් අද […]


Apr
30

විශ්වවිද්‍යාල සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සැකසීමට කමිටුවක් පත් කෙරේ

Generic placeholder image

විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සදහා අවශ්‍ය නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. ඒ කමිටුව සදහා සෑම විශ්වවිද්‍යාලයකින්ම නියෝජිතයෙකු පත් කර ඇති බවත් නියෝජිතයින් 16 කින් සමන්විත මෙම කමිටුවට කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.


Apr
30

චීන ආරක්ෂක ඇමතිගේ රථපෙළකොළඹට පැමිණෙන විට පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අල්ලයි

Generic placeholder image

ඉකුත් දා මෙරටට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථපෙළ කොළඹට පැමිණෙන අවස්ථාවේ පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල පුද්ගලයා නීතිවිරෝධී රැස්වීමක් සංවිධාන කිරීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා මත ඔහුව බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Apr
30

තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Generic placeholder image

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාඋල යන පොලිස් වසම් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් වසමත් උඩුබද්දාව, ගල්අමුණ සහ මොනරාගල දිස්ත්‍රික්කයේ හෙලමුල්ල යන ග්‍රාම නිලධාරී වසම් ද මේ මොහොතේ සිට හුදකලා කළ ප්‍රදේශ ලෙස නම් කල බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.


Apr
30

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]


Apr
29

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කෙරේ

Generic placeholder image

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලබනවා. අදාල නිවේදනය පහතින් ,


Apr
29

ආරක්ෂිතව වහාම ඉන්දියාවෙන් පිටවන්නැයි ඇමෙරිකානුවන්ට විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

මේ වන විට ඉන්දියාවේ පවතින කොරෝනා වසංගත තත්වයේ දැඩි අවදානම හේතුවෙන් සිව් වැනි අදියරේ සංචාරක සෞඛ්‍ය නිවේදනයක්” නිකුත් කිරීමට අමෙරිකාව විසින් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ සිටින සියලුම ඇමෙරිකානුවන්ට වහාම ආරක්ෂිතව පිටවන්නැයි ඇමෙරිකානු රජය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටිනවා. ඉන්දියාවෙන් පිටවීම සදහා මේ වනවිට ක්‍රියාත්මක ඉන්දීය – අමෙරිකා ඝෘජු ගුවන්ගමන් පහසුකම් යොදාගන්නා බවද […]


Apr
29

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සේවාවන් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන WWW.doenets.lk වෙත පිවිස ලබාගත හැකි බවය. තොරතුරු විමසීම සඳහා දුරකථන අංක 0112 788 137 හෝ 0112 784 323 භාවිත කළ හැකිය. මාර්ගගත ක්‍රමය ඔස්සේ සහතික […]


Apr
29

කොවිඩ් අස්සේ ඉන්දියාවේ මැතිවරණයක්

Generic placeholder image

කොවිඩ් වෛරසය මේ වනවිට ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ඛේදවාචකයක් ඇතිකර තිබෙන අතරතුර බටහිර බෙංගාල බලධාරීන් මැතිවරණය පැවැත්වීමට ක්‍රියාකර තිබෙනවා. එම ප්‍රදේශයේ ඡන්දදායකයින් විශාල වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය පවසන අතර මේ හේතුව නිසා බටහිර බෙංගාලය කොවිඩ් වෛරසයේ අවදානමක සිටින බව වෛද්‍යවරු අනතුරු අඟවයි.


News Articles
Latest Videos
Most Popular Post