කොරෝනා වෛරසය හේතුවෙන් රාජ්‍ය සේවකයින් නව චක්‍රලේඛනයට අනුව සේවයට පැමිණිය යුතු වන්නේ සතියට දින 03ක් පමණක් වන අතර ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි සේවා මුර වලට අදාලව එය ක්‍රියාත්මක කල යුතු බවයි රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කරන්නේ.
කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා ජනතාව පිඩා විදින බව අමුතුවෙන් කිව යුතු නැත.. බොහෝ දෙනා මෙම වෛරසයෙන් මිය යන්නේ හුස්ම ගැනීමට අපහසු වීම ඔක්සිජන් මදි කම නිසයි. අපට ජිවත් වීම සදහා ඔක්සිජන් අතවශ්‍ය සාධකයක්.. අද කතා කරන්නේ ශරීරයේ තිබෙන ඔක්සිජන් ප්‍රතිශතය නංවාලීය හැකි ක්‍රමයක් ගැනයි…
2017 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T 10 තරඟාවලියකදී “ටීම් ශ්‍රී ලංකා” කණ්ඩායමේ පන්දුකරණ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදී අයි සී සී දූෂණ විරෝධී රීති උල්ලංඝනය කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවුණි. චෝදනාවන් වැරදිකරුවෙකු වූ නුවන් සොයිසා හට වසර 06ක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කර තිබෙනවා.
2020 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළ ප්‍රතිඵල දින 7ක් ඇතුළත නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් මහතා සදහන් කරනවා. එමෙන්ම දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල මැයි 10 වන සඳුදා විවෘත කිරීමට පියවර ගන්නා බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ. මේ අතර තාවකාලිකව වසා දැමුණු දිවයිනේ සියලු පාසල් යළි විවෘත කිරීමට අදාළ අවසන් තීරණය ලබන […]
චීන ආරක්ෂක අමාත්‍ය, ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙන බව වාර්තා වෙනවා. චීන ආරක්ෂක අමාත්‍යවරයා අගමැතිවරයා ද අද දිනයේ හමුවීමට නියමිත බවයි පැවසෙන්නේ. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි චීන ආරක්ෂ අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා හෙට පෙරවරුවේ මෙරටින් පිටත්ව යාමට නියමිතයි.
මේ වන විට කොරෝනා හමුවේ දැඩි පිඩාවට ලක්ව සිටින ඉන්දියාවේ අසල්වැසි නේපාලයේත් කොරෝනා රෝගීන් වැඩිවෙමින් පවතින බව නේපාල සෞඛ්‍ය අංශ සදහන් කරනවා. මේ වන විට එරටින් දෛනිකව හමුවන කොරෝනා ආසාදිතයින් ගණන 4000කට ආසන්න බවයි පැවසෙන්නේ. මේ හේතුවෙන් එරට ප්‍රධාන නගර රැසක්ම හුදකලා කිරීමට කටයුතු කර ඇති බව ද වැඩි දුරටත් සදහන් වෙනවා. එවරස්ට් කදුකරේ සිටින […]
මෙරට මේ වන විට ව්‍යාප්ත වන්නේ බ්‍රිතාන්‍යයේ පැතිර යන වෛරස් ප්‍රභේදය බව තහවුරු වී තිබෙනවා. ඒ මෙරට කොළඹ බොරලැස්ගමුව , කුරුණෑගල යන ප්‍රදේශ වලින් ලබාගත් සාම්පල අනුව සිදු කරනු ලැබූ පරීක්ෂණ වලින් ඒ බව තහවුරු වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා […]
ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණනක් මෙරටින් වාර්තා වූ අතර එම ගණන 1111ක්. ඒ අතරින් වැඩිම ගණනක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. එම ගණන 200ක්. දෙවැනියට වැඩිම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 198 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව බියගම 22ක්, වත්තල 17ක්, ආඬිඅම්බලම සහ කටාන […]
මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් දැඩි ලෙස අසරණ භාවයට පත්ව සිටින ඉන්දියාවේ භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. එම භූ කම්පනය ඇසෑම් ප්‍රාන්තයේ හටගෙන ඇති අතර එය මැග්නිටියුඩ් ඒකක 6. 7 අගයක් වාර්තා කර තිබෙනවා.
පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත විශේෂ පණිවුඩයක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඒ අනුව එහි සදහන් වන්නේ යම් පොලිස් නිලධාරියෙක් හෝ නිලධාරින් පිරිසක් හුදකලා කරන ලද ප්‍රදේශයක පදිංචිකරුවන් නම් ඔවුන්ට රාජකාරී වාර්තා කිරීමකින් තොරව අදාළ හුදකලා කාලය අවසන් වනතුරු එම පරිශ්‍රයන්ට වී රැඳීසිටින ලෙසය. එමෙන්ම […]
මෙරටින් දිනක් තුළ හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වුණා. එම ආසාදිතයින් ගණන 1111ක්. මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 103,487 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7984 ක් වන අතර මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 94,856ක්. ඒ, ඊයේ තවත් මරණ […]
අධිවේගී මාර්ගයේ කොට්ටාව හුවමාරුව නැවත දැනුම් දෙනතුරු වසා දමන බව මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරනවා. ඒ එම පිවිසුමේ සේවය කරන සේවකයින් තිදෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති බව හදුනා ගැනීමත් සමගයි. කෙසේ වෙතත් එම පිවිසුම ගිලන් රථ හා බස් රථ සදහා විවෘත ව පවතින අතර අනෙකුත් පිරිස අධිවේගී මාර්ගයෙන් පිටවීමේදී කොට්ටාව හුවමාරුව භාවිතා නොකොට අතුරුගිරිය හා […]