සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිර දඬුවම් විඳින රංජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ එම පෙත්සමේ තීන්දුව අද (31) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි. රන්ජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන්න තීන්දුව ප්‍රකාශකිරීම ලබන මස 05 වනදා දක්වා කල්තබන […]
බ්‍රසීල ජනාධිපති ජෙයා බෝල්සොනාරෝ විසින් සිය කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් 6 දෙනෙක් ඉවත්කර ඇති බව CNN වෙබ් අඩවිය වාර්තා කළේය. එය මීට වසර දෙකකට පෙර බලයට පැමිණි බ්‍රසීල ජනාධිපතිවරයා ඉන් අනතුරුව සිදුකළ විශාලතම කැබිනට් මණ්ඩල “වෙනස් කිරීම” මෙය ලෙස වාර්තා වෙයි.
පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්විටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි ජනාධිපතිවරයාට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමෙන් පසුව එලෙස වෛරසය ආසාදනය වී තිබේ. පළමු මාත්‍රාව ලබා ගත්ත ද දෙවන මාත්‍රාව ලබා ගන්නා තුරු කොරෝනා වෛරසයට එරෙහිව තම දේහය තුළ ප්‍රතිදේහ වර්ධනය නොවීම අපේක්ෂා කළ හැකි කරුණක් බව පාකිස්තාන ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් […]
ජනමාධ්‍යවේදීන් සඳහා වටිටම් සහිත කාඩ්පතක් ප්රදානය කිරිමේ උත්සවය ඊයේ (29) දිනයේ දි ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා පදනම් ආයතනයේ දි පැවැත්විය මේ සඳහා කොළඹ ව්‍යාපාරික සංගමය විසින් මේ සඳහා අනුග්‍රහය දක්වනු ලබයි.දේශිය ව්‍යාවසායකත්වය ශක්තිමති කිරිමේ අරමුණින් මේම වැඩසටහන ආරම්භ කළ අතර මේ අවස්ථාවට එක් වෙමින් ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ,සෞභාග්‍ය දැක්ම […]
අද සිට දින 4 ක යතුරුපැදි පරීක්ෂා කිරිමේ දීපව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. යතුරුපැදිවලින් සිදුවන අනතුරු අවම කිරීම සදහා මෙම පියවර ගෙන තිබේ
තැපැල් සේවකයින් බඳවා ගැනීමේ නව ක්‍රමවේදය ඇතුළු දෙපාර්තමේන්තු තීරණය කිහිපයකට විරෝධය පල කරමින් තැපැල් සේවකයින් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද මධ්‍යම රාත්‍රිය දක්වා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිපව්‍යාප්තව ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි.
ඊයේ දිනයේ මෙරටින් කොවිඩි රෝගීන් 139ක් වාර්තා විය. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඒ අතරින් ආසාදිතයින් 14 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් අතරින් හඳුනා ගෙන ඇති බවත් ඉතිරි 125 දෙනා දේශීයව හඳුනා ගෙන ඇති බවත් ය. දේශීයව හඳුනා ගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 39කි. ඊට […]
පිළියන්දල, ගල්කිස්ස, අඟුලාන යන ප්‍රදේශවල සිදු කළ වැටලීම් 4දී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9ක් සොයාගෙන තිබේ. එම මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් ඒ අතර කාන්තාවක්ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය. එමෙන්ම කතරගම ප්‍රදේශයේදී ගංජා කිලෝ ග්‍රෑම් 6ක් සන්තකයේ තබා ගත් 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
චීන රජය සතු සීනෝෆාර්ම් ආයතනය විසින් දියුණු කරන ලද කොරෝනා සීනෝෆාර්ම් එන්නත් මාත්‍රා 600,000 ක් අද (31) උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා මෙරටට ලැබීමට නියමිතව තිබේ මෙම එන්නත් තොගය පසුගිය 28 වනදා සවස බීජිං කැපිටල් ගුවන්තොටුපළ වෙත ලබා දී තිබු බව වාර්තා වෙයි. අදාල එන්නත පළමුවෙන්ම මෙරට සිටිනා චීන ජාතිකයන් වෙත ලබා දීමට නියම්ත බව […]
බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක. ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසුප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. උතුරු සහ උතුරුමැද පළාත්වල විටින් විට පැ.කි.මි. 40 පමණ දක්වා වන තරමක් තදසුළං ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක
කොළඹ නගරයේ කණු මතින් ඉදිවෙන නව දුම්රිය මාර්ග පද්ධතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, එම දුම්රිය මාර්ග රක්ත, හරිත, නීල සහ දම් යනුවෙන් හඳුන්වා ඇති බවයි රක්ත දුම්රිය මාර්ගය රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වා දිවෙන අතර කිලෝමීටර් 42ක දුරක් ආවරණය කෙරෙනු […]
විස රසායනික අඩංගු පොල් තෙල් ලංකාවට ආනයනය කර තිබීම සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. එහිදී අමාත්‍යවරයා පැවසූවේ, ශ්‍රී ලංකාවට […]