News Line| Off Air
Generic placeholder image

Mar
24

ව්‍යාජ පොල්තෙල් සොයා දිවයින පුරා අද සිට මෙහෙයුම්

Generic placeholder image

ආනයනය කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල්සොයා දිවයින පුරා අද සිට විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කරනවා. මේ අතර ආනයනය කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් තොගයක් ප්‍රතිඅපනයනය කිරීමට ද උපදෙස් දී ඇති බවයි පැවසෙන්නේ.


Mar
24

කළුතරට පැය 18ක් වතුර නෑ

Generic placeholder image

කළුතර ප්‍රදේශ කිහිපයකට අද පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.


Mar
24

සංඝරාජ මාවතේ වෙළෙඳ සැලක් ගින්නක්

Generic placeholder image

කොළඹ, සංඝරාජ මාවතේ වෙළෙඳසැලක ඇති වූ ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. අද උදෑසන මෙම ගින්න හටගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Mar
24

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

සබරගමුව, බස්නාහිර,වයඹ, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, බස්නාහිරසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ගිගුරුම් සහිත […]


Mar
23

ගාලු මුවදොර පාර ලෝටස් වටරවුමෙන් වැසෙයි

Generic placeholder image

ගාලු මුවදොර පිවිසුම් මාර්ගය, ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙයි. ඒ වෘත්තිය සමිති කිහිපයක් එක්ව සිදුකරනු ලබන විරෝධතාවක් හේතුවෙන්.


Mar
23

වසරේ ගත වූ දින 81 තුළදී රිය අනතුරු වලින් පුද්ගලයින් 508ක් මිය යයි

Generic placeholder image

වසරේ ගත වූ දින 81 තුළදී රිය අනතුරු වලින් පමණක් පුද්ගලයින් 508 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය සදහන් කරනවා. මාරක රිය අනතුරු 483 ක් මේ වන විට සිදුව ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.


Mar
23

ටවුන් හෝල් ප්‍රදේශයේ රථවාහන තදබදයක්

Generic placeholder image

වෘත්තීය සමිති උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ, ටවුන් හෝල් ප්‍රදේශයේ රථවාහන තදබදයක් හටගෙන තිබෙන බව වාර්තා වෙනවා.


Mar
23

කොරෝනා වෛරසයට එරෙහිව තායිලන්තයෙන් නව එන්නතක්

Generic placeholder image

ලෝකයේ විවිධ රටවල් කොරෝනා මර්දන එන්නත් නිෂ්පාදනය කරන පසුබිමක තායිලන්තය ද ඒ සදහා නව එන්න්නතක් නිපදවා තිබෙනවා. ඒ අනුව නව එන්නතක් අත්හදා බැලීමට එරට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. 2022 වසර වන විට එය භාවිතය සදහා යොදාගත හැකි වනු ඇතැයි එරට බලධාරීන් සදහන් කරන්නේ. තායිලන්තයෙන් කොරෝනා ආසාදිතයින් 27876 දෙනෙකු හමුවී ඇති අතර එරට සිදුව ඇති […]


Mar
23

පොඩි දරුවෙකුගේ කලිසම ඔළුවේ එතූ වංශාධිපති පුතා

Generic placeholder image

සමාජයේ අද බොහෝ විට කතා බහට ලක්වන කාරණයක් තමයි දරුවන් පිලිබදව.. දරුවන් යහපත් ලෙස ගොඩනගන සමාජය සදාචර සම්පන්න සමාජයකට මුලාරම්භය එක් කරනවා. ඊට හේතු වන්නේ සමාජයේ ජිවත් වන්නා වූ බොහෝ බිදුණු මිනිස්සුන් හැඩගැස්වීමට වඩා ශක්තිමත් දරුවෝ ගොඩනගන එක පහසු වීමයි…අද කතාවත් ඒ පිලිබදවයි.


Mar
23

පස්සර මාරක බස් රථය ත්‍රීරෝද රියකින් ලුහුබැද ගොස් නැග්ග යුවළකුත් ජිවිතක්ෂයට

Generic placeholder image

ලුණුගල – කොළඹ පෞද්ගලික බස් රථයක් ඉකුත් දා පස්සර ප්‍රදේශයේ දී අනතුරට ලක්ව එහි ගමන් ගත් මගින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා. එම මිය ගිය පිරිස අතර පස්සර මාරක බස් රථය ත්‍රීරෝද රියකින් ලුහුබැද ගොස් නැග්ග යුවළක් ද සිටිනවා. ලුණුගල අඩාවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම යුවළට දරුවන් තිදෙනෙකු සිටින අතර එම දරුවන් තිදෙනා මිත්තණිය භාරයේ තබා […]


Mar
23

කොලරාඩෝ ප්‍රාන්තයේ වෙළෙඳ සංකීර්ණයක දී සිදු වූ වෙඩි තැබීමකින් 10 දෙනෙක් මිය යයි

Generic placeholder image

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් 10 දෙනෙක් මරණයට පත්වී තිබෙන බව වාර්තා වෙනවා. මෙම වෙඩි තැබීම වෙළෙඳ සංකීර්ණයක් තුල සිදුව තිබෙන අතර ඉන් පොලිස් නිලධාරියෙක් ඇතුළු දස දෙනෙක් මිය ගොස් ඇති බව ව එරට මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම මෙම කුරිරු වෙඩි තැබීම යුටියුබ් ඔස්සේ සජීවීව විකාශය කර තිබෙන අතර එම වෙඩි තැබීමට ද සම්බන්ධ අදාල […]


Mar
23

මාවනැල්ල බුදු පිළිම කැඩීමට අසාද් සාලි අනුබල දි ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි

Generic placeholder image

රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිට එම ත්‍රස්ත ක්‍රියා සඳහා ආධාර අනුබල දී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාට කරුණු වාර්තා කර […]


News Articles
Latest Videos
Most Popular Post