අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙනවා. එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා අදාළ වාර්තාව පිළිබදව ද දින 03 ක විවාදයක් ඉල්ලා සිටියා.
කොරෝනා එන්නත් ලක්ෂ 05 ක් අද දිවයිනට ගෙන ඒමට කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. ඉන්දියාවෙන් තවත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රෝ සෙනෙකා එන්නත් ලක්ෂ 05 ඇණවුම් කර ඇති අතර එම එන්නත් අද දිවයිනට මෙරටට ගෙන එන බවයි පැවසෙන්නේ. මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 81, 467 දක්වා ඉහල ගොස් තිබෙනවා.
වැලිකඩ බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට පත් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ් අනුව වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙන ඒමට සැලසුම් කරඇති බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සදහන් කළේය. ගාල්ල, බූස්ස බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසුවේ බන්ධනාගාර තුළ පවතින තදබදය ද අඩු කර ගැනීමටත් මෙමගින් හැකියාව ලැබෙන බවයි. විපක්ෂනායක සජිත් […]
ඊයේ දිනය තුල මෙරටින් නව ආසාදිතයින් 458 ක් අලුතින් හදුනාගැනුණු අතර එමෙන්ම කොරෝනා මරණ 04 ක් ද වාර්තා වෙනවා. අද දිනයේ හඳුනාගත් සමස්ත කොරෝනා මරණ ගණන 457කි. මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 81,467ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
2021 වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 01 වැනි දා සිට ලබන මස 10 වැනි දා දක්වා දීප ව්‍යාප්ත මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර 2021 වර්ෂයේ පළමු පාසල් […]
වසර 70ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 20 නව කාසියක් නිකුත් කර තිබෙනවා. ඊයේ එම නව සමරු සංසරණ” කාසිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබෙන අතර කාසිය පැති 07ක් සහිත හැඩයකින් යුතුව නිකල් තවරා, වානේවලින් නිෂ්පාදනය කර තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
සබරගමුව පළාතේත් ගාල්ල, මාතරසහ කළුතර දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි දඇති විය හැක. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව,ඌවසහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් […]
රුසියාවේ ස්පුට්නික්-වී එන්නත ලබාගැනීම සඳහා මොස්කව් හි GUM සාප්පු සංකීර්ණය වෙත යන ජනතාවට එන්නත ලබා ගත් පසු චොක්ලට් තැවරූ ආවරණයක් සහිත වැනිලා අයිස්ක්‍රීම් එකක් නොමිලේ භුක්ති විඳීමට අවස්ථාවක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියාවේ මිලියන 12කට අධික ජනගහනයක් සිටින මොස්කව් හි මේ දක්වා එන්නත ලබා ගත් පිරිස ලක්ෂ 6කට අඩු පිරිසක් හේතුවෙන් […]
ජපානයේ සියදිවි නසාගැනීම් තව දුරටත් ඉහල යෑම හේතුවෙන් ප්‍රථම වතාවට තනිකමට ඇමතිවරයෙක් පත් කර තිබෙනවා. ඒ අනුව ජපානයේ පළමු තනිකම ඇමතිවරයා ලෙස ටෙට්සුෂි සකමොටෝ පත් වීම් ලබා ඇති අතර හුදෙකලා වීම සියදිවි නසා ගැනීම, දරිද්‍රතාවය සහ සමාජ හුදෙකලාව වැනි තත්වයන් සමාජය තුල වැඩි වීම නිසා මෙලස අමාත්‍යවරයෙකු පත් කල බවයි එරට අගමැතිවරයා අවදාරණ කරන්නේ. ඉකුත් […]
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස ඉන්දියාවේ මොටේරා ක්‍රීඩාංගණය අද නිල වශයෙන් ඉ න්දිය ජනාධිපති රාමනාත් කෝවින්ද් විසින් විවෘත කිරීමට නියමිත තිබෙන බව වාර්තා වෙනවා. එක් ලක්ෂ 10,000ක පිරිසකට මෙම ක්‍රීඩාංගනයේ අසුන් ගැනීමට හැකි ප්‍රේක්ෂකාගාරයකින් සමන්විත වන බවයි වැඩි දුරටත් පැවසෙන්නේ.
විවාහ දිවිය සමයේදී නිවසේ වැඩ කිරීම වෙනුවෙන් සිය දික්කසාද බිරිඳට වන්දි ගෙවන ලෙසට සැමියෙකුට චීනයේ “දික්කසාද අධිකරණයක්” නියෝග කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව අදාල කාන්තාවට ඩොලර් 7,700ක් වන්දියක් ගෙවන ලෙසටයි එම අධිකරණයෙන් සැමියාට නියෝග කර ඇත්තේ. 2015 වසරේදී ඔවුන් විවාහ වී ඇති අතර ඉකුත් වසරේදී අදාල සැමියා විසින් දික්කසාද නඩුවක් ගොනු කර තිබෙනවා. […]
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා පාතාල නායකයෙකු වන මිදිගම චින්තක නොහොත් “හරක්කටා” නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු STF අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලද තොරතුරක් මතයි. මේ අතර අත් අඩංගුවට ගත් සැකකරු ළග තිබී මිලි මීටර 0.22 උණ්ඩ යොදන පෙන් පිස්ටල් එකක්, ටී 56 මැගසින් එකක්, ටී 56 උණ්ඩ 22ක් , ටී 56 බයිනේත්තු එකක් සහ කඩු 3ක් සොයාගෙන තිබෙනවා.