News Line| Off Air
Generic placeholder image

Feb
24

ජනපති හා පාකිස්තාන අගමැති හමුවෙයි

Generic placeholder image

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සහ මෙරට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද පැවැත්වුණු අතර එහිදි කෘෂි, වෙළද, සංචාරක සහ තාක්ෂණ ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබෙන බව රජයේ ප්‍රෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. සාකච්ඡාවලින් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති වෙළඳ හා අයෝජන සමුළුකට ද පකිස්ථාන අගමැතිවරයා එක් වුණා.


Feb
24

STF යැයි කියා පිරිසක් විසින් නිවසක් කොල්ල කා පළායයි

Generic placeholder image

බියගම ප්‍රදේශයේ නිවසකට පැමිණි කණ්ඩායමක් විසින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බව සදහන් කරමින් එම නිවසේ මුදල් සහ භාණ්ඩ කොල්ල කා තිබෙන බව වාර්තා වෙනවා. එම කණ්ඩායම විසින් රුපියල් 58,000ක මුදලක් සහ ජංගම දුරකථන 4ක් මෙලෙස කොල්ලකා ඇති බව වාර්තා වන අතර මේ වන විට සැකකරුවන් 05 දෙනකු ඒ සිද්ධිය පිලිබදව පොලිසිය විසින් අත් අඩංගුවට […]


Feb
24

46 වැනි ජගත් මානව හිමිකම් සැසිවාරයේ ලංකාව ගැන විවාදය අද

Generic placeholder image

46 වැනි ජගත් මානව හිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාව පිලිබදව විවාදය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී අටට පමණ එම විවාදය ඇරඹීමට නියමිතව ඇති අතර මේ පිලිබදව අදහස් දැක්වීමට ද රටවල් සහ සංවිධාන 40ක් පමණ මේ වනවිට ලියාපදිංචි වී තිබෙන බව වාර්තා වෙනවා.


Feb
24

පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන් වෙයි

Generic placeholder image

2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර ‍හෙටින් (25) අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා. මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මස 01වන දින සිට මාර්තු 10වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ මාර්තු මස 15වන සඳුදායි.


Feb
24

ඊයේ දිනයේ හමු වූ කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 492 දෙනෙකු මෙරටින් අලුතින් හදුනා ගත් අතර ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් ඊයෙත් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 103 . මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 88 ක් සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 ක් වාර්තා වුණා. ඊයේ දිනය තුළ අලුතින් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ නම්,


Feb
24

ඊයේ දිනයේදී පමණක් රිය අනතුරුවලින් 12 දෙනෙක් මහමගට බිලි

Generic placeholder image

ඊයේ දිනයේදී සිදු වූ රිය අනතුරු11 කින් පුද්ගලයින් 12 දෙනකු මියගොස් තිබෙන බව වාර්තා වෙනවා. මියගිය අය අතර අතර යතුරු පැදි කරුවන් 08 දෙනකු හා පදිකයින් දෙනෙක් ද මගින් දෙදෙනෙක් ද වනවා.


Feb
24

මහා වංශය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට තීරණයක්

Generic placeholder image

මහා වංශය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර තිබෙනවා. ඒ අනුව මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලයේ තබා ඇති මහා වංශය පුස්කොළ පොත ලෝක උරුමයක් ලෙස නම් කෙරෙන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


Feb
24

උසස් වීම් නැති නිසා පොලිසියේ 235 ක් අධිකරණයට යයි

Generic placeholder image

උසස් වීම නොමැති වීම නිසා පොලිසියේ පොලිස් රියදුරන් හා සැරයන්වරුන් 235 දෙනකු අධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති, පොලිස් කොමිසම හා එහි සභපති, ඇතුළු සාමාජිකයින් 11 දෙනකු නම් කර තිබෙනවා.


Feb
24

පාකිස්ථාන අගමැති අද ජනපති හමුවෙයි

Generic placeholder image

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබෙනවා. ඉන් අනතුරුව ජනපතිවරයා සහ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශවික සාකච්ඡා ආරම්භ කිරීමට ද නියමිත අතර පකිස්ථාන ආග්‍රාමාත්‍යවරයා කොළඹදී පැවැත්වෙන වෙළෙඳ හා අයෝජන සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා.


Feb
24

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 03ක් – සමස්ත ආසාදිතයින් ගණන 81,000 ඉක්මවයි

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 492 දෙදෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 81,000 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම ඊයේ දිනය තුල ආසාදිතයින් 732 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 75,842 ක් ලෙසයි. මේ අතර ඊයේ දිනය තුල කොරෝනා මරණ තුනක් වාර්තා වී ඇති අතර […]


Feb
24

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව පළාතෙත්කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසිද ඇති විය හැක. මධ්‍යම, සබරගමුව,ඌවසහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත […]


Feb
23

වාස්ගේ ඉල්ලා අස්වීම ගැන ක්‍රීඩා ඇමති නාමල්ගෙන් පාර්ලිමේන්තුවේදී සැර ප්‍රකාශයක්

Generic placeholder image

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පිටත්ව යෑමට පැය කිහිපයක් තිබියදී පුහුණුකාරධුරයෙන් චමින්ද වාස් මහතා ඉල්ලා අස්වීම පිලිබදව තමන් පෞද්ගලිකවම කණගාටුවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කරනවා. ක්‍රීඩකයින්ගේ මෙන්ම පාලක මණ්ඩලයේ, පරිපාලනයේ මෙන්ම පුහුණුකරුවන් ද විනය පිලිබදව සැලකිලිමත් විය යුතු බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post