News Line| Off Air
Generic placeholder image

Feb
23

පාස්කු කොමිසමේ වාර්තාව කථානායකට

Generic placeholder image

පාස්කු ඉරුදින ප්‍රහාර මලාව පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව මේ වනවිට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබෙනවා.


Feb
23

ජනපති සහ අගමැතිටත් කොවිඩ් එන්නත ලබාදෙයි

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොවිඩ් එන්නත ලබා ගත් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කරනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබෙනවා.


Feb
23

ටවුන් හෝල් ප්‍රදේශයේ රථවාහන තදබදයක්

Generic placeholder image

ටවුන් හෝල් ප්‍රදේශයේ විරෝධතාවයක් හේතුවෙන් රථවාහන තදබදයක් ඇති ව තිබෙන බව වාර්තා වෙනවා.


Feb
23

14 හැවිරිදි පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනය කළ 50 හැවිරිදි පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

වයස අවුරදු 14 පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කල බව කියන 50 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ මාර්තු මස තුන්වෙනි දින දක්වායි. සිය දරුවාට ලිංගික අපයෝජනය කර ඇති බවට දරුවාගේ දෙමව්පියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙලෙස ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ. අපයෝජනයට ලක්ව ඇති දරුවා වෛද්‍ය පරීක්ෂනයක් ලබා […]


Feb
23

කොදෙව් සංචාරය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලිය සඳහා අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපොළින් පිටත්ව ගොස් තිබෙනවා. .කටාර් රාජ්‍යයේ දෝහා වෙතගොස් ඉන් පසු වෙනත් ගුවන් යානයකින් බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත ළඟාවීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එම තරග සංචාරයේ තරග 3කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා […]


Feb
23

පොලිසීයට ත්‍රිරෝද රථ 2000ක්

Generic placeholder image

ශ්‍රී ලංකා පොලිසිය සඳහා ඔවුන්ගේ රාජකාරි කටයුතු සිදුකරගෙන යාමට අවශ්‍ය වාහන නොමැති වීම නිසා මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් ත්‍රිරෝද රථ 2000ක් මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.


Feb
23

ඉම්රාන් ඛාන් පැමිණෙන ගුවන්යානයට ඉන්දීය ගුවන් අවකාශය භාවිත කිරීමට එරටින් අවසර

Generic placeholder image

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට අද දිනයේ පැමිණෙන පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රැගත් ගුවන් යානයට ඉන්දීය ගුවන් අවකාශය භාවිත කිරීම සඳහා එරටින් අවසර ලබා දී තිබෙනවා.


Feb
23

TikTok හරහා ත්‍රස්ත සංවිධානයක් ප්‍රවර්ධනය කළ අයෙකු අල්ලයි

Generic placeholder image

අන්තර්ජාලය ඔස්සේ LTTE සංවිධානය පිළිබඳ සහ ප්‍රභාකරන්ගේ ඡායාරූප ඇතුළත් විවිධ කරුණු පළ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු පොලිස් ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු 25 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ටික්ටොක් නැමැති සමාජ මාධ්‍ය යෙදවුම හරහා LTTE සංවිධානය ප්‍රවර්ධනය කරන ප්‍රවෘත්ති පළකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සදහන් […]


Feb
23

පාකිස්තාන අගමැති අද දිවයිනට

Generic placeholder image

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. මෙහිදී නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙන අතර ඉන් අනතුරුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා හෙට (24) මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.


Feb
23

ඊයේ දිනයේත් කොවිඩ් මරණ 5ක් – සමස්ත කොරෝනා මරණ ගණන 450 දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 450 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මේ අතර ඊයේ දිනයේ හමු වූ නව ආසාදිතයින් 518 ත් සමගින් මේරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 80,000 ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ 80, 571 ක් ලෙසයි.


Feb
23

ව්‍යාජ වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් මහනුවර පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල කාන්තාව මහනුවර ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කළ ලියාපදිංචි අංකය භාවිත කරමින්වෛද්‍යවරියක් ලෙස පෙනි සිට ඇති අතර ඇය පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන 3ක් පවත්වාගෙන ගොස් තිබෙනවා. එම කාන්තාව මීගමුව, මිනුවන්ගොඩ සහ නැදගමුව යන ප්‍රදේශ […]


Feb
23

දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව නවතී

Generic placeholder image

ඊයේ මැදියම් රැයේ සිට පැවැත්වීමට නියමිතව තිබු දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරීමට තීරණය කල බව දුම්රිය එන්ජිම් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සදහන් කරනවා. ඒ අද දිනයේ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සමග සාකච්ජාවක් ලබා දීම හේතුවෙන්. කෙසේ වෙතත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ අද පැවැත්වෙන මෙම සාකච්ජාවෙන් ස්ථිර විසදුමක් නොලැබුනොත් වර්ජනයට […]


News Articles
Latest Videos
Most Popular Post