නව ආසාදිතයින් 343 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවලින් හඳුනාගත් ආසාදිතයින් ගණන 64,192 දක්වා ඉහළ ගියා.
කසක්ස්තානයේ සිට පැමිණි පළමු සංචාරක කණ්ඩායම අද දිවයිනට පැමිණ තිබෙනවා. ඒ කසක්ස්තානයේ අල්මාටි සිට මත්තල දක්වායි. එලෙස පැමිණි සංචාරකයින් පිරිස 164 ක්.
2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 15 වැනිදා සිට පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව එම සම්මුඛ පරීක්ෂණ දිවයිනපුරා පිහිටි සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලදී පැවැත්වෙන බවත් සුදුසුකම් ලැබූ අයැදුම්කරුවන්ගේ කැඳවීම් ලිපි අදාල විද්‍යාපීඨ මගින් තැපැල් කර ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඇය 82 වැනි වියේ පසුවුවා.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මියගිය විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ බිරිඳටත් වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. ප්‍රතිකාර සඳහා මේ වනවිට ඇය අයි.ඩී.එච්. රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තා වන්නේ. කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය මෙරට දෙවැනි වෛද්‍යවරයා වන්නේ විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතායි. ඔහු මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින […]
අද දිනය තුළ 9,983 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව එන්නත්කරණය ආරම්භ කළ ඉකුත් 29 වැනිදා සිට මේ දක්වා කාලය තුළ 156,310 දෙනෙකුට එම එන්නත ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ. අදාළ දත්ත ඇතුළත් කරමින් වසංගත රෝග විද්‍යා ඒකකය සකස් කළ වාර්තාව පහතින් […]
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 393 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන 729ක්. එමෙන්ම වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිට සුවය ලබා අද දහවල් පුද්ගලයින් 894 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 61,000 සීමාව ඉක්මවා ගියා. […]
කොවිඩ් 19 වෛරසය වැළඳී මිය ගිය තවත් සිව් දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. එම තොරතුරුවලට අනුව මිය ගොස් ඇත්තේ කොළඹ 3, නාවල, බගවන්තලාව සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක්. ඔවුන් අවුරුදු 63ත් 89ත් අතර වයස් සීමාවන්වල පසු වූවන් බවයි රජයේ ප්‍රවෘත්ති […]
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් 336 දෙනෙකු අද පස්වරුවේ හඳුනා ගැනුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ එලෙස හඳුනා ගත් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 63,456ක් ලෙසයි.
හෙට උදෑසන 6 සිට පැය 36ක කාලයක් කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මීගමුව, ගල්කන්ද මංසන්ධිය වසා තබන බව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ, දුම්රිය හරස් මාර්ගයේ අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අදාළ කොටස වසා තැබෙන බවයි. එම කාල සීමාව තුළ දුම්රිය ධාවනය සිදු කෙරෙන්නේ ද කටුනායක දක්වා පමණක් බවත් පොලිසිය දැනුම් දෙනවා.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි තවත් 894 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දහවල් රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේ එලෙස රෝහල්වලින් පිටව ගිය පිරිස සමග මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 61,461 දක්වා ඉහළ ගිය බවයි.
හිටපු අමාත්‍ය රවි කරුණානායක සහ අර්ජුන් ඇලෝෂියස් යන අය ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. රවි කරුණානායක මහතාට අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්ෂක ධූරය දරන සමාගමක් නිකුත් කළ මුදල්වලින් නිවසක් මිල දී ගැනීමේ සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුව අද කැඳවූවා. එහිදී මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විත්තිකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 5 බැගින් […]