News Line| Off Air
Generic placeholder image

Feb
5

කොළඹ – පුත්තලම A-03 මාර්ගය හෙට තාවකාලිකව වැසෙයි

Generic placeholder image

මීගමුව, ගල්කන්ද හන්දිය දුම්රිය හරස් මාර්ගයේ සිදු කරන අලුත්වැඩියාවක් හේතුවෙන් කොළඹ – පුත්තලම A-03 ප්‍රධාන මාර්ගය හෙට(06) උදෑසන 6.00 සිට අනිද්දා(07) සවස 6.00 දක්වා වසා තැබෙන බව පොලිසිය පවසනවා. ඒ අනුව ජනතාව විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලිසිය දැනුම් දීමක් සිදු කරනු ලබනවා.


Feb
5

වතු කම්කරුවන් වැඩ වර්ජනයක් අරඹයි

Generic placeholder image

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කරන ලෙස වතු සමාගම් වෙත බලකරමින් වතු කම්කරු වෘත්තීය සමිති අද වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. ඒ අනුව ඔවුන් අද දිනයේ එක්දින වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙන අතර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය පළ කරමින් නුවරඑළිය, හැටන්, නෝර්වුඩ් ඇතුළු නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ද ආරම්භ තිබෙනවා.


Feb
5

මියන්මාරයේ Facebook තහනමක්

Generic placeholder image

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව බිද දමා හමුදා පාලකයින් අතට ගත් මියන්මාරය තුල Facebook සමාජ මාධ්‍යට ප්‍රවේශවීම අවහිර කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. එරට බොහෝ පිරිසක් Facebook සමාජ මාධ්‍යට ඔස්සේ තොරතුරු ලබා ගන්නා අතර මේ වන විට එය තහමකට ලක්ව තිබෙන හෙයින් එරට ජනතාව විකල්ප මාර්ග ඔස්සේ පවතින තත්වය පිලිබදවා දැනුවත් වීමට උනන්දුවක් දක්වනවා. කෙසේ වෙතත් […]


Feb
5

මෙරට කොරෝනා මරණ ගණන 339ක් දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 7ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් දසිදුව තිබෙන මරණ ගණන 339 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා..


Feb
5

අද කාලගුණය

Generic placeholder image

ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට, මාතලේ සහනුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න්පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 50 පමණ තරමක් තද වැසිද ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. […]


Feb
4

අභිමානවත් 73 වැනි ජාතික නිදහස් දිනය අදයි

Generic placeholder image

15 වැනි සියවසේ සිදු වූ යුරෝපා ජාතීන්ගේ ආක්‍රමණයත් සමඟ වසර 153ක කාලයක් ඔවුන්ගේ පාලනයට නතුව සිටි අප රට බටහිර යටත් විජිතකරණයෙන් නිල වශයෙන් නිදහස් වන්නේ 1948 වසරේ පෙබරවාරි මස 4 වැනිදා, එනම් අද වන් දිනකදීයි. සියවස් ගණනාවක් මෙරට රාජ්‍යත්වය කේන්ද්‍රකර ගනිමින් සුසැඳි පාලන තන්ත්‍රයකින් හෙබි ශ්‍රී ලංකාව බටහිර යටත්විජිතකරණයෙන් පසු දැවැන්ත පරිවර්තනීය වෙනසකට භාජනය වුණා. […]


Feb
3

අද 21,147 දෙනෙකුට කොවිඩ් එන්නත් ලබා දෙයි

Generic placeholder image

අද දිනය තුළ 21,147 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ඉකුත් 29 වැනිදා සිට මේ දක්වා එම එන්නත ලබා දුන් මෙරට සමස්ත සංඛ්‍යාව 139,914ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ. ඒ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකය සකස් කළ ප්‍රගති වාර්තාව පහතින් :


Feb
3

දෛනික ආසාදිතයින් ගණන 711ක්

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 357 දෙනෙකු හඳුනා ගැනීමත් සමග දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 711 දක්වා ඉහළ ගියා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ එලෙස හඳුනා ගත් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් මේ දක්වා හඳුනාගෙන ඇති මුළු ආසාදිත සංඛ්‍යාව […]


Feb
3

තවත් කොවිඩ් මරණ 4ක් – සමස්ත මරණ ගණන 332 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට සිදු වූ කොවිඩ් මරණ ගණන 332 දක්වා ඉහළ නංවමින් තවත් මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. වල්ගම්මුල්ල, දේවාලපොල, මීගමුව සහ යටියන්තොට යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් තිදෙනෙක් ඇතුළු සිව් දෙනෙකු එලෙස මිය ගොස් තිබුණා. ඔවුන් අවුරුදු 66ත් 89ත් අතර වයස් සීමාවන්වල පසු වූවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය […]


Feb
3

හෙට රැඳවියන් 146කට ජනපති සමාව

Generic placeholder image

හෙටට යෙදෙන 73 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් පිරිනැමෙන විශේෂ ජනාධිපති සමාව යටතේ බන්ධනාගාර රැඳවියන් පිරිසකට නිදහස දීමට තීරණයකර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව රැඳවියන් 146 දෙනෙකු හෙට එලෙස නිදහස් කිරීමට නියමිත බවයි.


Feb
3

අවුරුදු 30ත් 60ත් අතර අයටත් කොවිඩ් එන්නත් ලබා දීමේ තීරණයක්

Generic placeholder image

වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන්ට මෙන්ම අවුරුදු 30ත් 60ත් අතර වයස් සීමාවන්වල පසු වන්නන්ට ද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා දීමට රජය තීරණයකර තිබෙනවා. කොවිඩ් ආසාදිතයින්ගේ දත්ත පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ වැඩි වශයෙන් රෝගී වී ඇත්තේ වයස අවුරුදු 30 සිට 60 දක්වා අතර පිරිසට බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු […]


Feb
3

කොවිඩ් ආසාදිතයින් 354 දෙනෙකු හඳුනා ගනියි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් 354 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන් ගණන 66,000 සීමාව ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 66,052ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post