ස්වර්ණමහල් ජුවලර්ස් පෞද්ගලික ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබ තිබෙනවා. ඒ, වලංගු බලපත්‍රයක් නොමැතිව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම හේතුවෙන්.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂෙලේ මහත්මිය ශ්‍රී ලංකාවේ මානව හිමකම් කඩ වී ඇති බවට ඉරිපත්කර ඇති වාර්තාව මෙරට රජය ප්‍රතික්ෂේප කළ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව දන්වා යවා ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස් පහතින් : “එහි අන්තර්ගතය […]
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු තිදෙනා ලබන 17 වැනිදා දක්වා යළිත් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ගිනි අවි සම්බන්ධ සිද්ධියකට සාක්ෂි වසන්කර අධිකරණය නොමඟ යැවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ඔහු සහ අනෙක් දෙදෙනා මෙලෙස බන්ධනාගාරගත කෙරුණා.
හෙට පැවැත්වෙන 73 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය හේතුවෙන් කොළඹ නිදහස් චතුරස්‍රය අවට වාහන ධාවනය සඳහා විශේෂ සැළැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, හෙට උදෑසන 4 සිට දහවල් 1 දක්වා කාලය තුළ නිදහස් චතුරශ්‍රය අවට වාහන ධාවනය සම්පූර්ණයෙන්ම සීමා කෙරෙන බවයි. ඒ අනුව නෙළුම් පොකුණ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්නට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ අතර ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට ද වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඊයේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණවලින් ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි. ඒ අනුව එළඹෙන ශ්‍රී ලංකා – බටහිර […]
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි රෝගීන් 840 දෙනෙකු සුවය ලබා අද දිනයේ රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මේ දක්වා මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 59,883ක් ලෙසයි.
කොරෝනා මර්දන එන්නත මේ වන විට ලක්ෂය ඉක්මවූ පිරිසකට ලබාදී ඇතත් මේ වන තෙක් එම එන්නතෙන් කිසිදු බරපතල අතුරු ආබාධ හෝ ආසාත්මිකතා වාර්තා නොවූ බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා. පළමු අදියරේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ට සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට එන්නත ලබාදුන් අතර ඊළග අදියර වශයෙන් 60ට වැඩි ජනගහනයට මාර්තු පළමු වෙනිදා සිට මෙම […]
ශ්‍රී ලංකාවේ නිදහස් සැමරුමේ 73 වන සංවත්සරය නිමිත්තෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර තිබෙනවා. කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබෙන අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙරටේ පවතින භාෂාමය, ආගමික හා සංස්කෘතික සම්ප්‍රදායන් මත පදනම්ව හුවමාරු කර ගත් […]
කොරෝනා වෛරසය මේ වන විට ආදිවාසීන් අතරත් කොරෝනා පැතිරීමේ අවදානමක් මතුව තිබෙන බවත් ඒ පිලිබදව බලධාරීන් අවදානය යොමු කල යුතු බවයි ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සදහන් කරන්නේ. ඊයේ දිනය තුල පමණක් මහියංගනයෙන් ආසාදිතයින් 33 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
මේ දක්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා ආසාදිත බිළිදුන් 150ක් හදුනාගෙන තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.
බුත්තල ප්‍රදේශයේ පාසලක 06 ශ්‍රේණියේ ඉගෙනුම් ලැබූ දැරියක් දහවල් ආහාර ගැනීමෛන් පසු ක්ලාන්තය ගතියක් ඇති ව තිබෙන අතර මේ සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කර ඉන් පසු ගුරුවරු විසින් එම දරුවාගේ මවට ද කතා කර 1990 ගිලන් රථ සේවයට ඇමතුම් ලබා දීමේදී එය ප්‍රමාද වීම නිසා මව විසින් ගුරුවරියක් ද සමග ත්‍රිරෝද රථයෙන් දැරීය බුත්තල රෝහලට ඇතුලත් […]
තවත් ශ්‍රී ලාංකිකයින් 289 දෙනෙකු අද කටුනායක ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණ තිබෙනවා. මේ අනුව ඔවුන් සියලු දෙනා නිරෝධායනය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.