කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 353 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඔවුන්ගෙන් ආසාදිතයින් 9 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති අතර සෙසු 344 දෙනා පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස වාර්තා වී ඇති බවයි. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරු […]
CNN නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ප්‍රකටව සිටි ලැරී කිං කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉකුත් දෙසැම්බර් මස ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හි පිහිටි රෝහලකට ඔහුව ඇතුළත් කළ අතර එහිදී සිදු කළ පී.සී.ආර්. පරික්ෂණයකින් තහවුරු වී තිබුණේ ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවටයි. විදෙස් මාධ්‍ය පැවසුවේ, ලැරී කිං දියවැඩියාව, හෘද මෙන්ම […]
අනුරාධපුර, දේවානම්පියතිස්සපුරට අයත් ග්‍රාම නිලධාරී වසමක් හුදෙකලා තත්ත්වයට පත්කර තිබෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, දේවානම්පියතිස්සපුර (තිසාවැව 01 කොටස) 295 ඒ ග්‍රාම නිලධාරී වසම අද දහවල් සිට එලෙස හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බවයි.
මොරගොඩ, මහදිවුල්වැව ප්‍රදේශයේදී මවක්, සිය මාස 9ක් වයසැති බිළිඳා සමග අත් ට්‍රැක්ටරයක ගමන් ගනිමින් සිටියදී බිළිඳා මවගේ දෑතින් ගිලිහී ගොස් ට්‍රැක්ටරයට යට වී තිබෙනවා. අදාළ මව සිය බිළිඳා සමග අත් ට්‍රැක්ටරයේ පිටුපස ගමන් කරමින් සිට තිබෙනවා. අත් ට්‍රැක්ටරය වැව් බැම්මක් මතින් ධාවනය කිරීමේදී එය එක්වරම පසුපසට යෑම හේතුවෙන් මව අතින් ගිලිහිණු බිළිඳා බිමට වැටී අත්ට්‍රැක්ටරයට […]
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් ඒ බව තහවුරු වී ඇති අතර වැඩිදුරටත් සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයෙහි ප්‍රතිඵල ලැබෙන තෙක් අමාත්‍යවරිය නිවසේ නිරෝධායනය වීමට තීරණයකර ඇති බව නිවේදනය කෙරුණා. කෙසේ වෙතත් මේ වනවිට ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි […]
පළමු කොවිඩ් එන්නත් තොගය ලෙස එන්නත් එය ලක්ෂයක් එළැඹෙන 27 වැනිදා මෙරටට ඉන්දියාවෙන් ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කළුතර වලල්ලාවිට පැවැත්වෙන ගම සමග පිළිසඳර වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ඒ අනුව එම එන්නත් ප්‍රථමයෙන් සෞඛ්‍ය සේවාවන්වල මෙන්ම ආරක්ෂක අංශවල සේවයේ නියුතු පිරිසටත් අනතුරුව වෛරසය ආසාදනය වීමේ වැඩි ඉඩකඩක් ඇති වයෝවෘද්ධ පිරිසටත් […]
කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක අද දිනයේ පැය 24ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනු ලබනවා. ඒ, අද උදෑසන 9.00 සිට කොළඹ 01, කොළඹ 02, කොළඹ 03 සහ කොළඹ 07 සිට කොළඹ 12 දක්වා ප්‍රදේශවල ට මෙලෙස ජල සැපයුම අත් හිටුවනු ඇති.
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා. බස්නාහිර, මධ්‍යම සහ […]
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 438 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයින් ගණන 784ක්.
කොරෝනා වෛරසය වැළඳී මියගිය තවත් පුද්ගලයින් දෙදෙනෙක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. කොළඹ 8 සහ හෝමාගම යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් එලෙස මරණයට පත්ව තිබෙනවා. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :
ඉන්දියාවේ නිෂ්පාදනය කළ “කොවිෂීල්ඩ්” එන්නත හදිසි භාවිතයට ශ්‍රී ලංකා රජය අනුමැතිය දී තිබෙනවා. කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඒ බව නිවේදනය කළා. එම කාර්යාලය පැවසුවේ අදාළ එන්නත ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා දෙරටේ බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි.
පුත්තලම ප්‍රදේශයේ ආගමික ස්ථානයක් තුළට පැමිණ සිරුරට ගිනි තබා ගත් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ, නිවසේ නිරන්තරයෙන් ඇති වන ගැටුම් නිසා කලකිරීමට පත් වූ අදාළ පුද්ගලයා මෙලෙස ආගමික ස්ථානයක් තුළට පැමිණ පෙට්‍රල් සහ භූමිතෙල් වත්කර, ගිනි තබාගෙන ඇති බවයි. එමෙන්ම එම පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවට තොරතුරු අනාවරණ වී ඇතැයි ද පොලිසිය […]