News Line| Off Air
Generic placeholder image

Jan
6

නීති විරෝධීව ගෙන ආ තවත් කහ තොගයක් වටලයි

Generic placeholder image

නීති විරෝධීව මෙරටට රැගෙනවිත් තිබූ කහ කිලෝ 1,128 ක් මෝදර ප්‍රදේශයේදී පොලිසිය භාරයට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ කහ තොගය මුහුදු මාර්ගයෙන් දිවයිනට රැගෙනවිත් තිබූ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ලොරියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ අතර එලෙස නීති විරෝධී අයුරින් මෙරටට ගෙන්වන ලද කහ තොග ගණනින් පසුගිය කාලයේදී රේගු භාරයට […]


Jan
6

සල්ලි ගන්න කොඩිකන්ද හිමිනම පැහැරගෙන ගොස් නිවසක රඳවා, අමානුෂික ලෙස පහර දීලා – ඝාතනයේ සුළ මුල හෙළි වෙයි

Generic placeholder image

පසුගියදා පැහැර ගැනීමට ලක් වූ තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ හිමිනමගේ ඝාතනයට හේතු වූ කරුණු රැසක් අනාවරණ වී තිබෙනවා. පොලිසිය පැවසුවේ, එම ආරණ්‍යයේ වැඩ වාසය කළ කුඩා හිමිනමකට සිදු වූවේ යැයි පැවසෙන අතවර සිද්ධි කිහිපයකට අදාළ වීඩියෝ පට මුදා හරින බව පවසමින් ඝාතනයට ලක් වූ හිමිනමගෙන් මුදල් කොල්ල කෑමට අපරාධ කල්ලිය උත්සාහකර ඇති බවයි. එම අපරාධය […]


Jan
6

කොග්ගල ලෝන්ග් බීච් හෝටලය කොවිඩ් ප්‍රතිකාර රෝහලක් බවට පත්කරයි

Generic placeholder image

කොග්ගල ලෝන්ග් බීච් හෝටලය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන රෝහලක් බවට පත්කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව හෙට සිට කොරෝනා රෝගීන්ට මෙම රෝහලෙන් මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් සලසා දී තිබෙනවා.


Jan
6

Harry Potter සිනමා සිත්තමේ Jessige මාස තුනක් වයසැති බිලිදාටත් කොරෝනා

Generic placeholder image

ලොවේ ආදරය දිනා ගත් Harry potter සිනමා සිත්තමට සිය රංගනයෙන් දායක වන Jsessige මාස තුනේ පුතාටත් කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව ඇය සිය instragram පිටුවේ සටහනක් තබමින් සදහන් කර තිබෙනවා. ” මාගේ දරුවාට ඉක්මනින් සුව වෙන්න වෙන්න කියා ප්‍රර්ථනා කරන්න ” යැයි ඇය සිය රසිකයින්ගෙන් වැඩි දුරටත් ඉල්ලීමක් කර තිබෙනවා.


Jan
6

ඉවතලන මුහුණු ආවරණ බිලියන එක හමාරක් මුහුදට

Generic placeholder image

කොරෝනා වසාගත තත්වය හේතුවෙන් ජනතාවට නිරන්තරෙයෙන් මුහුණු ආවරණ පැළදීමට සිදු වෙනවා.කෙසේ වෙතත් මේ පරිහරණය කර ඉවතලන මුහුණු ආවරණ බිලියන 1.5 ක් පමණ ගිය වසරේ සමුද්‍රයට එක් කර තිබෙන බව වාර්තා වෙනවා.


Jan
6

ෆයිසර් එන්නත ලබාගෙන පැය 48කට පසු හදිස්සියේ පෘතුගාලයේ සෞඛ්‍ය සේවිකාවක් මිය යයි

Generic placeholder image

දෙදරු මවක් වන පෘතුගාලයේ සෞඛ්‍ය සේවිකාවක වූ සෝනියා ඇක්සිවෝ කොරෝනා මර්දනය සදහා නිපද වූ ෆයිසර් එන්නත ලබා ගෙන දින දෙකකට පසු හදිස්සියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් මිය ගොස් තිබෙන බව එරට වාර්තා සදහන් කරනවා. ඇයගේ මරණය පිලිබදව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එරට බලධාරීන් විසින් මේ වන තෙක් නිකුත් කර නොමැති බවද සදහන්.


Jan
6

බස්නාහිර පළාතේ මුඛ ආවරණ නොමැතිව සිටි පිරිසකට PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ

Generic placeholder image

ඊයේ දිනය තුල බස්නාහිර පළාත තුළ මුහුණු ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 1060 ක් පමණ PCR සහ ඇන්ටිජන් පරීක්ෂණවලට ලක් කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, අජිත් රෝහණ මහතා සදහන් කරනවා. එහි දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර 550 දෙනකු අතරින් කොරෝනා ආසාදිතයින් 14 දෙනකු හදුනාගෙන තිබෙනවා. pcr සිදු කල 510 දෙනාගේ ප්‍රතිපල වාර්තා මේ වන […]


Jan
6

තවත් කොරෝනා මරණ දෙකක් – සමස්ත මරණ ගණන 217 දක්වා ඉහළට

Generic placeholder image

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ඊයේ රාත්‍රී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මාතලේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවක් සහ කළුතර පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මරණ ගණන 217 දක්වා ඉහළ ගියා. අදාළ මරණ පිළිබද තොරතුරු පහතින් :


Jan
6

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Generic placeholder image

අද (06) අලුයම 5.00 සිට ක්‍රියාත්මක වනපරිදි තවත් ප්‍රදේශ කිහිපයක් අලුතින් හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.


Jan
6

අදත් තරමක තද වැසි

Generic placeholder image

ඌව පළාතේත්, හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්ක වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. . සෙසුප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුවතැනින් තැනින් වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇති වේ. ඇතැම්ස්ථානවලටමි.මී. 75 ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය […]


Jan
5

අල්ලස් ගත් මහනුවර නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට වැඩ වරදියි

Generic placeholder image

අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් මත මහනුවර මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් අද පස්වරුවේ කළ වැටලීමකදීයි. මහනුවර, කටුගස්තොට පාලම අසල ඩිජිටල් පුවරුවක් සවිකිරීම සඳහා මහනුවර මහනගර සභාව මූලික අනුමැතියක් ලබා දී තිබුණා. එම කටයුතු කඩිනම් කිරීම සඳහා අදාළ මන්ත්‍රීවරුන් පැමිණීලිකරුගෙන් රුපියල් […]


Jan
5

වික්ටෝරියා ජලාශ වේල්ලේ සිට මීටර 100ක් ඇතුළත හුණුගල් කැනීම තහනම් වෙයි

Generic placeholder image

මහනුවර, වික්ටෝරියා ජලාශය අවටින් වාර්තා වූ භූ චලන සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීම සදහා පත් කළ කමිටුවේ වාර්තාව අද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාර දුන්නා. මේ වනවිට සිදුව ඇති සියලු භූ චලන රික්ටර් මාපකයේ දෙකකට අඩු අගයකින් වාර්තා වී ඇති බවත් ඒවා ජලාශයට ජලය පිරී යන අවස්ථාවලදී සිදු වන ස්වභාවික කම්පන බවත් අදාළ […]


News Articles
Latest Videos
Most Popular Post