News Line| Off Air
Generic placeholder image

Dec
18

සති අන්තයේ සංචරණය සීමා කරන්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි

Generic placeholder image

රට පුරා පවතින කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ රෙගුලාසි සති අන්තයේත් අකුරටම පිළිපදින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. සංචරණය සීමා කිරීමෙන් රෝග ව්‍යාප්තිය පාලනය කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කළේ.


Dec
18

සවස් කාලයේ වැසි

Generic placeholder image

දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැක. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. සෙසු […]


Dec
17

තවත් ආසාදිතයින් 338ක් හඳුනා ගැනේ

Generic placeholder image

තවත් ආසාදිතයින් 338 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත ම්‍යස්ථානය පවසනවා. ඔවුන් සියලු පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන 650ක් වන අතර එම පොකුරුවල සමස්තය දැක්වෙන්නේ 31,720ක් ලෙසයි.


Dec
17

මහනුවර දිස්ත්‍රික් ප්‍රකාශන කාර්යාංශය විවෘත කෙරේ

Generic placeholder image

රජයේ ප්‍රකාශන කාර්යාංශයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය අද විවෘත කෙරුණා. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී එය සිදු කෙරුණේ, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මහනුවර දිස්ත්‍රික්කය තුළ රජයේ ප්‍රකාශන කාර්යාංශයක් විවෘත කිරීම මගින් එම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය රජයේ අණ පනත් මිල දී ගැනීමට මෙන්ම රජයේ තොරතුරු දැන ගැනීමට ඇති […]


Dec
17

මැතිවරණ කොමිෂන් සභාව රැස් වෙයි – තීරණ කිහිපයක්

Generic placeholder image

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අද රැස් වුණා. එහිදී පළාත් පාලන ආයතනවල සභික ධූර පුරප්පාඩු පිරවීම සම්බන්ධව පනතේ පවතින අවහිරතා ඇතුළු වෙනත් නීතිමය ගැටළු සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත දැනුම්දීම ඇතුළු තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. එම තීරණ ඇතුළත් නිවේදනය පහතින් :


Dec
17

ප්‍රංශ ජනපතිටත් කොරෝනා

Generic placeholder image

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එරට ජනාධිපති කාර්යාලය අද නිවේදනය කළා. ජනාධිපතිවරයාටවෛරසය ආසාදනය වූයේ කෙසේ ද යන්න පිළිබඳ තවමත් පැහැදිලි තොරතුරක් අනාවරණ වී නොමැති බවයි ප්‍රංශ ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේ. රෝග ලක්ෂණ මතු වූ පළමු අවස්ථාවේදීම ජනාධිපතිවරයාට පී.සී.ආර්. පරීක්ෂණයක් කළ බවත් ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරි දින හතක කාලයේදී ස්වයං නිරෝධායනයට යොමු […]


Dec
17

නව ආසාදිතයින් 312 දෙනෙකු හඳුනා ගනියි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 312 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එලෙස හඳුනා ගත් ආසාදිතයින් අතරින් 300 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බවයි. සෙසු 12 දෙනා වාර්තා වී ඇත්තේ බන්ධනාගාර පොකුර ආශ්‍රයෙන්. ඒ අනුව එම පොකුරුවලින් මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 31,382ක් දක්වා ඉහළ ගියා.


Dec
17

තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

Generic placeholder image

වැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.


Dec
17

ආගමික පිළිවෙත්වලට පමණක් මුල්තැන දෙමින් නත්තල සමරන්නැයි කාදිනල් හිමි කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලයි

Generic placeholder image

ආගමික පිළිවෙත්වලට පමණක් මුල්තැන දෙමින් මෙවර නත්තල් උත්සවය සැමරීමට පියවර ගන්නා ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයේ අවධානම හේතුවෙන් මෙවර නත්තල නිවසේ සාමාජිකයින් සමග සැමරීමට පියවර ගතයුතු බවයි උන්වහන්සේ ‌කියා සිටින්නේ. අද (17) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ බව පැවසීය.


Dec
17

විද්‍යාපීඨ ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ප්‍රදානයට තොරතුරු රැස් කරයි

Generic placeholder image

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2016 – 2018 වර්ෂයන්හි පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම සඳහා මාර්ගගත ක්‍රමයට තොරතුරු රැස් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ් අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ https;//ncoe.moe.gov.lk වෙත පිවිස තොරතුරු ඇතුළත් කළ හැකි අතර ඒ අනුව එම ශික්ෂණලාභීන්ට මේ සඳහා අයදුම් කළ හැකි දිනය 2020.12.20 දින දක්වා දීර්ඝ කර තිබේ.


Dec
17

කොරෝනා ආසාදිතව සිටි මවක් සිව් නිවුන් දරුවන් බිහිකරයි

Generic placeholder image

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි මවක් ද සොයිසා’ කාන්තා රෝහලේදී සිව් නිවුන් දරුවන් බිහිකර තිබෙනවා. කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව මීට සති දෙකකට පමණ පෙර දරු ප්‍රසූතිය සඳහා ‘ද සොයිසා’ රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහිදී සිදුකල pcr පරීක්ෂණයේදී එම මව කොරෝනා ආසාදිත බව හදුනා ගැනුණා. 29 හැවිරිදි අදාල මව අද පිරිමි දරුවන් දෙදෙනෙකු සහ […]


Dec
17

කොරෝනා වෛරසයේ ආරම්භය සොයන්න ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් චීනයට

Generic placeholder image

මේ වන විට ලොව පුරා මාරාන්තික වසංගතයක් ලෙස පැතිර ගොස් තිබෙන කොරෝනා වෛරසයේ ආරම්භය පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර විද්‍යාඥයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලබන මාසයේ චීනයට පිටත්ව යෑමට සුදානමින් සිටින බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ එම කණ්ඩායම චීනයේ වූහාන් නගරයේ සති කිහිපයක් විමර්ශන සිදු කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post