මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 476 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. මේ අනුව මොවුන් සියලු දෙනා pcr පරීක්ෂණ සිදු කොට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.
බණ්ඩාරගම,අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු රැගෙන යාම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගැසීමේ සිද්ධියට සම්බන්ධ කොරෝනා ආසාදිත පුද්ගලයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මේ ආකාරයට අටලුගම ප්‍රදේශයේ ජනතාව අත්තනෝමතික ලෙස හැසිරෙන්නේ නම් එම ප්‍රදේශයේ සෞඛ්‍ය රාජකාරිවලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත්වීමේ අවධානමක් මතුව ඇති බව බවයි වාර්තා වන්නේ.
කොරෝනා රෝගීන් ප්‍රවාහනය කල බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් වැලිකන්ද, අසේලපුර ප්‍රදේශයේ දී මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙහිදී බස් රථ දෙකෙහිම රියදුරන් බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. පුනානි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත කොරෝනා රෝගීන් රැගත් යුද හමුදා බස් රථයක් හා පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. බස් […]
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ අටලුගම ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය අංශ වෙත සහයෝගය නොදක්වන්නේ නම් සැලකිය යුතු කාලයක් එම ප්‍රදේශය හුදකලා කිරීමට ලක් විය හැකි බවයි. එක ගම්මානයක යම් පිරිසක් මෙලෙස අත්තනෝමතික ලෙස හැසිරීම මත කළුතර දිස්ත්‍රික්කයටම එය තර්ජනයක් වීමට කිසිසේත් අවස්ථාවක් නොදෙන බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (LPL) තරගාවලියේ ඊයේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම හා දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 5ක තියුණු ජයක් හිමිකර ගැනීමට දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම සමත් වුණා. වාසිය දිනු කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් බිඳ වැටී ඔවුන් ලබා ගත්තේ ලකුණු 156 ක් පමණි. පිළිතුරු […]
ඊයේ දිනය තුල ,මෙරටින් කොරෝනා ආසාදිතයින් 628 දෙනෙකු හඳුනාගැණුනු අතර ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹින්. එම ගණන 402ක්. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 66ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු ද වාර්තා වෙනවා.ඒ අනුව මේ වනවිට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 26,038ක්. කොළඹ දිස්ත්‍රික්කය – 402ගම්පහ දිස්ත්‍රික්කය – 66රත්නපුර දිස්ත්‍රික්කය – […]
“බුරවි” සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින අතර එය අද (දෙසැම්බර් 04 ) පෙ.ව 02.30 වන විට මන්නාරමට කි.මී. 143 ක් බටහිරට බරව වයඹ දෙසින් ස්ථානගතව පැවතුනි. මෙම පද්ධතියේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. උතුරු, උතුරු මැද සහ වයඹපළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු […]
කොරෝනා ආසාදිතයින් 627 දෙනෙකු අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තා වුණා. අද රාත්‍රී වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 277ක් වන අතර පස්වරුවේ 350 දෙනෙකු හඳුනා ගැනුණු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවා. එම මධ්‍යස්ථානය පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව එම […]
තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. කොළොන්නාව, කොළඹ 12, කොළඹ 10 සහ කොළඹ 2 යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු පස් දෙනෙකු එලෙස මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 129ක් දක්වා ඉහළ ගියා. අද වාර්තා වූ මරණ පිළිබඳ තොරතුරු පහතින් :
ඊයේ රාත්‍රී දිවයිනට ඇතුළු වූ බුරවි සුළි කුණාටුව හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක පුද්ගලයින් 44,848 දෙනෙකු ආපදාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා. එම මධ්‍යස්ථානය පැවසුවේ, මේ හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකුට තුවාල සිදුව ඇති බවයි. එමෙන්ම නිවාස 50කට පූර්ණ හානි සිදු වී ඇති අතර තවත් නිවාස 2,148ට අර්ධ වශයෙන් හානි සිදුව තිබෙනවා. මේ අතර බුරවි සුළි කුණාටුව […]
මානසික රෝග සඳහා භාවිත කරන ඖෂධ ගැනීම මගින් කලහකාරී හැසිරීමක් ඇති නොවන බව ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, මහර රැඳවියන්ගේ කලහකාරී හැසිරීමට එම ඖෂධ භාවිත කරේ යැයි පැවසෙන ප්‍රකාශය වැරදි සහගත බවයි. එවැනි ප්‍රකාශයක් කිරීම මගින් මානසික රෝග සහ ඒ සඳහා ගන්නා ඖෂධ පිළිඳ වැරදි මතයක් ජනතාව […]
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 728 දෙනෙක් අද දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 19,032 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.