News Line| Off Air
Generic placeholder image

Nov
26

ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනපති යටතට

Generic placeholder image

නොවැම්බර් 20 වැනිදා සිදු කළ අමාත්‍යාංශ විෂයය සංශෝධනයට අනුව ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට ගැනුණා. අද උදෑසන එම අමාත්‍යාංශ දෙකෙහි නව අමාත්‍යවරුන් දෙදෙනෙකු දිවුරුම් දුන් අතර මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාත් රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතාත් එලෙස දිවුරුම් […]


Nov
26

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ගොනු කළ රිට් අයදුම්පත නිශ්ප්‍රභ කෙරේ

Generic placeholder image

2015 වර්ෂයේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබූ රිට් අයදුම්පත අභියාචනාධිකරණය ඊයේ නිෂ්ප්‍රභ කළා. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රජය විසින් මෙම ව්‍යාපෘතිය සකස් කිරීම පාරිසරික නීති උල්ලංඝණය කිරීමක් වන අතර නිසි ක්‍රියා පටිපාටීන් අනුගමනය නොකිරීමට එරෙහිව අදාළ රිට් අයදුම්පත ඉදිරිපත්කර […]


Nov
26

නව ආසාදිතයින් 342ක් හඳුනා ගනියි

Generic placeholder image

තවත් ආසාදිතයින් 342දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. මේ වනවිට දිවුලපිටිය හා පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 18,000 ඉක්ම වූ අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ, 18,280ක් ලෙසයි.


Nov
26

කොරෝනා සිරුරු අනිවාර්ය ආදාහනයට එරෙහි පෙත්සම සළකා බැලීම 30වැනිදා

Generic placeholder image

කොරෝනා වෛරසය වැළඳී මියයන පුද්ගලයන්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කළ යුතු බවට පනවා ඇති නියමයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබා දෙන්නැයි ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 30 වැනිදා සළකා බැලීමට අද නියම කළා. ඒ, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ සහ ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්. මෙම පෙත්සම ගොනුකර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී […]


Nov
26

කළුතර හා බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවයෙන් ඉවත් වෙයි – පී.සී.ආර්. කටයුතුවලටත් බාධා

Generic placeholder image

ස්ථාන මාරු කළ වෛද්‍යවරයෙකු යළිත් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අනුයුක්ත කිරීමට විරෝය පළ කරමින් කළුතර සහ බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. ඒ සිය රාජකාරී කටයුතුවලින් ඉවත් වීමෙන්. කළුතර සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට අනුයුක්ත සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එලෙස සිය රාජකාරීවලින් ඉවත් වී ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් […]


Nov
26

පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් හය දෙනෙකුට කොරෝනා බව තහවුරු වෙයි

Generic placeholder image

නවසීලන්තයේ සංචාරයක නිරත පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 6 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ, ආසාදිත ක්‍රීඩකයින් 6 දෙනාම නිරෝධායනය සඳහා යොමුකර කණ්ඩායමට පුහුණුවීම් සඳහා ලබා දී තිබූ අවසරය ද අත්හිටුවා ඇති බවයි. නවසීලන්තයට පැමිණි පකිස්තාන සංචිතයේ සාමාජිකයින් 53 දෙනා කොවිඩ් පරීක්ෂාවට ලක් කිරීමේදී අදාළ ක්‍රීඩකයින් ආසාදිතයින් බව හඳුනා […]


Nov
26

උතුරේ වසාදැමූ කර්මාන්තශාලා යළි විවෘත කිරීමට තීරණයක්

Generic placeholder image

මේ වන විට උතුරු පළාතේ වසාදමා ඇති කර්මාන්තශාලා රැසක් ඉදිරියේදී යළි විවෘත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කරනවා. ඒ තුලින් උතුරේ විරැකියාවෙන් පෙලෙන බොහෝ පිරිසකට රැකියා අවස්ථා ලැබෙන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


Nov
26

ඉන්දියාවේ උපදේශකවරයෙක් හෙට දිවයිනට

Generic placeholder image

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් මහතා හෙට මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාව ඉන්දියාව හා මාලදිවයින යන රටවල් අතර තෛපාර්ශ්වික සාකච්ඡාවලට සහභාගී වීම සඳහා බවයි වාර්තා වන්නේ.


Nov
26

සුඩානයේ හිටපු අගමැතිවරයෙකු කොරෝනා වැළඳී මරුට

Generic placeholder image

සුඩානයේ හිටපු අගමැතිවරයෙකු වූ සදික් අල් මහඩි කොරෝනා වෛරසය වැළඳී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා. මියයන විට අගමැතිවරයාගේ වයස අවුරුදු 84ක්. විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෝහලක සති තුනක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර එහිදී ඔහු මිය ගොස් ඇති බවයි. සුඩාන හිටපු අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයින් සහ ඥාතින් 21දෙනෙකු කොරෝනා […]


Nov
26

කොරෝනා මඩින එන්නත් අතර Spray එකකුත් අත්හදා බලයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා ලොව පුරා රටවල් වඩා තරගකාරීව එන්නත් නිෂ්පාදනය කරන තත්වයක ඔස්ට්‍රියානු විද්‍යාඥයින් පිරිසක් විසින් කොරෝනා මර්දනය කිරීම සදහා නාසයට ඉසිය හැකි වන පරිදි Spray එකක් නිපදවීමට උත්සුක වන බවක් වාර්තා වෙනවා. මැරිනොමෙඩ් බයෝටෙක් නමැති ඖෂධ සමාගමක් විසින් මෙම ඖෂධ දියරය අත්හදා බලමින් තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Nov
26

සාමාන්‍ය පෙළ විභාගය කවදා ද?

Generic placeholder image

පවතින තත්ත්වය හමුවේ සැළසුම් කළ දිනට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දිනයකදී දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ඉදිරි දින 10 තුළ ගැනීමට බලාපොරොත්තු වන බවයි.


Nov
26

වටවල ප්‍රදේශයේ පාසලක සිසුවෙකුටත් කොරෝනා

Generic placeholder image

වටවල ප්‍රදේශයේ පාසලක 12වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. අහඹු ලෙස සිදු කල PCR පරීක්ෂාවක් තුලින් මේ බව හදුනාගෙන තිබෙනවා. ඉකුත් දා සිදු කල pcr වාර්තාවේ ප්‍රතිපල ලැබීමට පෙර අදාල සිසුවා පාසලට පැමිණ ඇතත් එහිදී පාසල් ගුරුවරුන් ඇතුළු පිරිස ඔහුව යළි නිවෙස වෙත පිටත්කර යවා තිබෙනවා. පාසල් භූමියද […]


News Articles
Latest Videos
Most Popular Post