වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද උදෑසන නව රාජ්‍ය අමාත්‍ය ධුරයක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. චමල් රාජපක්ෂ මහතා එලෙස දිවුරුම් දුන්නේ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරයේයි. ඒ අනුව වත්මන් රජයේ නව කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 369 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 15,816 දක්වා ඉහළ ගියා.
පවතින වසංගත තත්ත්වය හමුවේ කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට සිට වසා දැමීමට තීරණයකර ඇති බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය පවසනවා. ඒ සතියක කාලයක් සඳහායි. විවෘත කිරීමේ නිශ්චිත දිනය පිළිබඳ පසුව දැනුම් දෙන බවයි නිවේදනය කෙරුණේ. මේ අතර මහනුවර නගර සීමාවේ පාසල් 45ක් ද අද සිට එළැඹෙන දෙසැම්බර් 4 වැනිදා දක්වා වසා දැමීමට තීරණය කළ බව […]
හලාවත වැල්ල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 04ක් අද දහවල් සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ මෙම ප්‍රදේශ ආශ්‍රිතව කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමයි. ඒ අනුව මෙලෙස හුදකලා කරන ප්‍රදේශ වන්නේ උතුරු වෙරළබඩ, දකුණු වෙරළබඩ, කුරුසපාඩුව සහ එගොඩවත්ත යන ග්‍රාමසේවා වසම් වනවා.
මේ වන විට නිවාර් සුළි කුණාටුව ඉන්දියාවේ තමිල්නාඩුවේ මරක්කානාම් ප්‍රදේශ හරහා ඉන්දියාවට ඇතුළු වී තිබෙනවා. පැයට කිලෝමීටර් 145ක වේගයෙන් හමන මෙම සුළි කුණාටුවෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එරට බලධාරීන් මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
රාජ්‍ය අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේ දීය.
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය අද ආරම්භවීමට නියමිත ව තිබෙනවා. සමාරම්භක උත්සවය හෙට පස්වරු 3.30ට පැවැත්වීමට නියමිතව තිබෙන අතර අද සිට ලබන දෙසැම්බර් 16 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. කණ්ඩායම් 05ක් තරගවැදීමට නියමිත අතර එම කණ්ඩායම් නම් , කලම්බෝ කින්ග්ස්, ගොල් ග්ලැඩියේටර්ස් , ජැෆ්නා ස්ටැලියොන්ස්, දඹුල්ල වයිකින්ස්, කැන්ඩි ටස්කර්ස්. තරගාවලියේ පළමු තරගය […]
මෙරට ඊයේ දිනයේ හමු වූ කොරෝනා ආසාදිතයින් අතර වැඩිම ආසාදිතයින් ගණනක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම ගණන 262 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 90 ක් සහ 46 ක් කළුතර දිස්ත්‍රික්ක යෙන් වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කය තුල නව ආසාදිතයින් වර්ධනයක් පෙන්නුම් කරන අතර කටුනායකින් හා වත්තල ප්‍රදේශ වලින් ආසාදිතයින් වැඩි ගණනක් වාර්තා වී තිබෙනවා. ඊයේ දිනයේ […]
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවන ගෝලීය කොරෝනා මරණ ගණන මේ දක්වා අඛන්ඩව ඉහල යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය කරනවා. පසු ගිය සතිය තුල කොරෝනා මරණ 67,000 ක් ලොව පුරා වාර්තා වී ඇති බවත් මේ අතරින් යුරෝපය තුල පමණක් නව මරණ 32 684 ක් වාර්තා වී ඇති බවයි එම සංවිධානය වැඩි දුරටත් සදහන් කරන්නේ. ඉතාලිය […]
කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේ මියගොස් තිබෙනවා. අද උදෑසන ව්‍යායාමවල නිරත වී සිටින අතර තුර ඇති වූ අසනීපයක් හේතුවෙන් මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
හුදකලා කල ප්‍රදේශ වල PCR පරීක්ෂණ සදහා ඇතැම් පුද්ගලයින් ට දැනුම් දී තිබුනද යම් පිරිස ඊට සහභාගී නොවන බවට තොරතුරු වාර්තා වන බව පැවසෙනවා. ඒ අනුව එසේ කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. මේ වන විට දිවයින පුරා ග්‍රාම නිලධාරි වසම් 29ක් මේ වනවිට හුදකලා ප්‍රදේශ ලෙස […]
කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඒමට නොහැකිව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 116 ක් අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 42 දෙනෙක් හා කටාර් හි සිට 39 ක් ද , ඕමානයේ සිට 35 ක් ද මෙලෙස පැමිණ ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. මොවුන් සියලු දෙනා නිරෝධායනය සදහා කිරීමට පියවර […]