News Line| Off Air
Generic placeholder image

Nov
26

LTTE සැමරුම් උත්සව තහනම් කරමින් යාපනය අධිකරණයෙන් තහනම් නියෝගයක්

Generic placeholder image

LTTE සැමරුම් උත්සව තහනම් කරම්න් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ලබන 29 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම තහනම් නියෝගය නිකුත් කර තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Nov
26

නිවාර් සුළි කුණාටුවේ බලපෑම ක්‍රමයෙන් දුර්වල වෙයි

Generic placeholder image

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර එය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී. මෙම පද්ධති මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම මේ සමගම අඩු වී යයි. වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් යාපනය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් […]


Nov
25

තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වෙයි

Generic placeholder image

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 96 දක්වා ඉහළ නංවමින් තවත් මරණ දෙකක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. කොළඹ 12 සහ පන්නිපිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවක් සහ 80 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මිය ගොස් තිබෙනවා. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :


Nov
25

පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා මියයයි

Generic placeholder image

ආර්ජන්ටිනාවේ හිටපු පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 60ක්. 1970 දශකයේ අග භාගයේදී ජාත්‍යන්තර පාපන්දු පිටියට පිවිසි දියාගෝ මැරඩෝනා 1986 වසරේ දී සිය උපන් බිමට ලෝක පාපන්දු ශූරතාවය දිනා දීමට සමත් වුණා.


Nov
25

තවත් ආසාදිතයින් 208 දෙනෙක් හඳුනා ගැනේ

Generic placeholder image

පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 17,938 දක්වා ඉහළ නංවමින් තවත් නව ආසාදිතයින් 208 දෙනෙකු හඳුනා ගැනුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එලෙස හඳුනාගත් ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩින් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ එම පොකුර ආශ්‍රයෙන් වාර්තා වූ සමස්තය 502 ක්. එම නව ආසාදිතයින්ගේ වාර්තා වීමත් සමග මෙරටින් හඳුනාගෙන […]


Nov
25

තමන් වරදකරු නම් නෛතික ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණ නොවන බව හිටපු ජනපති පාස්කු කොමිසම හමුවේ කියයි

Generic placeholder image

පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන කිසියම් විමර්ශනයකින් තමන් වරදකරුවෙකු වුවහොත් තමන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණ නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්. කෙසේ වෙතත් ඊයේ සහ අද යන දෙදින තුළ ජනාධිපති කොමිසම […]


Nov
25

විදේශ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශවල වැය ශීර්ෂ සම්මතයි

Generic placeholder image

2021 අයවැයට අදාළව කාරක සභා අවස්ථාවේ තුන්වැනි විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී විදේශ සහ ජනමාධ්‍ය යන අමාත්‍යාංශ දෙකට අදාළ වැය ශීර්ෂ විවාදයට ගැනුණු අතර එම වැය ශීර්ෂ සංශෝධන සහිතව සම්මත වී තිබෙනවා.


Nov
25

කිරිමන්තුඩාව හුදෙකලා තත්ත්වයෙන් ඉවතට

Generic placeholder image

බණ්ඩාරගම පොලිස් වසමේ හුදෙකලාකර ඇති එක් ග්‍රාම නිලධාරී වසමක් එම තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණයකර තිබෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, ඒ අනුව බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩාව ග්‍රාම නිලධාරී වසම මේ මොහොතේ සිට යළි විවෘත කෙරෙන බවයි.


Nov
25

බණ්ඩාරගම සහ මහනුවර ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කෙරේ

Generic placeholder image

බණ්ඩාරගම පොලිස් වසමේ සහ මහනුවර – අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කිරීමට තීරණයකර ඇති බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා. ඒ අනුව, බණ්ඩාරගම පොලිස් වසමේ අටලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙනු ඇති. එමෙන්ම මහනුවර, අලවතුගොඩ […]


Nov
25

ලංගම බස් රථයක ගමන් කර කොරෝනා වැළඳුණොත් ලැබෙන සහනය

Generic placeholder image

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල ගමන් කර කොරෝනා වෛරසය ආසාදනය වන මගීන්ට දීමනා මුදලක් පිරිනැමීමට එම මණ්ඩලය තීරණයකර තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ, සිය මණ්ඩලයට අයත් බස් රථයක ගමන් ගැනීමේදී කොරෝනා ආසාදනය වන පුද්ගලයෙකුට රුපියල් 10,000 මුදලක් ද මිය යන පුද්ගලයෙකුට රුපියල් 50,000 මුදලක් ද දීමනා වශයෙන් ලබා දීමට තීරණයකර ඇති බවයි. මගීන්ගේ […]


Nov
25

සනීපාරක්ෂක තුවාවල පවතින මිලෙහි කිසිඳු වෙනසක් නැති බව එම නිෂ්පාදකයින් කියයි

Generic placeholder image

සනීපාරක්ෂක තුවාවල පවතින මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයින්, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හමුවේ කියා සිටියා. ඒ, අමාත්‍යවරයා සහ දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයින් අතර අද පැවැති සාකච්ඡාකදීයි. එම තුවා සඳහා පසුගිය රජය මගින් පනවනු ලැබූ සියයට 30ක බද්දෙන් සියයට 15ක ප්‍රමාණයක් මෙවර අයවැයේදී අඩු කළ අතර ඉතිරි ප්‍රමාණය සෙස් […]


Nov
25

යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයෙක් ඇද වැටී හදිසියේ මියයයි

Generic placeholder image

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉන් ඇද වැටී හදිසියේ මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ, ගාලු පාරේ සිට වෙරළ දෙසට ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස යතුරුපැදියෙන් ඇද වැටී මියගොස් ඇති බවට අනාවරණ වී ඇති බවයි. මෘත දේහය පානදුර මූලික රෝහල වෙත යොමුකර ඇති අතර එය පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා භාජනය කිරීමට පියවර ගෙන ඇති බව පානදුර නගර සභාවේ මහජන […]


News Articles
Latest Videos
Most Popular Post