ඊයේ මෙරට හදුනා ගත් කොරෝනා ආසාදිතයින් ගණන 337 ක් වන අතර එයින් වැඩිම ගණනක් වාර්තා වුයේ කොළඹින්. එම ගණන 189 ක් ලෙස සදහන් වෙනවා. මෙරට දෙවන කොරෝනා රැල්ලේ මේ දක්වා හදුනාගත් ආසාදිතයින් ගණන 16 , 978 ක් වන අතර මෙරට පළමු කොරෝනා අසදිතයා හදුනාගත් දින සිට මේ දක්වා සමස්ත මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 20, 508 […]
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබෙනවා. ඒ අද පෙරවරුවේ ය.
හෙට දිනයේ සිට මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 188 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව කටාර් රාජ්‍යයේ රැඳී සිටි 138 දෙනකු හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 50 දෙනෙකු මෙලෙස අද දිවයිනට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
කොරෝනා ආසාදිත පොලිසියේ නිලධාරීන් ගණන 1039 ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා. ඒ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 238 දෙනෙකු ද වනවා.
ගත වූ පැය 24 කාලය තුළදී මුහුණ ආවරණ නොපැළදි 62ක් පොලිස් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරනවා. ඉකුත් දා 30 දින සිට අත්අඩංගුවට පත් සමස්ත ගණන 527ක් වන අතර මේ සියලු දෙනාට නිරෝධායන රීතීන් ට අනුව කටයුතු කරන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.
ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වැයශීර්ෂ සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 1.8 අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ලංකාවේ ත්‍රිකුණාමලය වෙරළට කි.මී.280 දුරින් (10.0N, 83.3E) මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතී. ඉදිරි පැය 12ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වාත් ඊළඟ පැය 12 තුල චන්ඩ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය විය හැක. මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුල දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් […]
මෙරටින් තවත් කොරෝනා මරණ තුනක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළා. හෙයියන්තුඩුව, කොළඹ 15 සහ කොළඹ 14 යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු එලෙස මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහළ ගියා. අද වාර්තා වූ මරණ පිළිබඳ තොරතුරු […]
කොරෝනා ආසාදනය වූ තවත් 131 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව අද දිනයේ මේ දක්වා ආසාදිතයින් 335 දෙනෙක් හඳුනාගෙන ඇති අතර දිවලුපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 16,978ක්. එමෙන්ම මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 20,508ක් ලෙසයි.
වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයට පත් කිරීමේ නිර්දේශය පාර්ලිමේන්තු සභාව අද තහවුරු කළා. ඒ සඳහා සී.ඩී වික්‍රමරත්න මහතාගේ නම නිර්දේශකර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 204 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එලෙස හඳුනාගත් ආසාදිතයින් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කළේ.