News Line| Off Air
Generic placeholder image

Nov
13

මොරටුව ප්‍රදේශයේ නිවසක නිරෝධායනය වෙමින් සිටි අයෙක් හදිස්සියේ මිය යයි

Generic placeholder image

මොරටුව ප්‍රදේශයේ නිවසේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙක් මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කලක පටන් අදාල මියගිය පුද්ගලයා අසනීප තත්වයකින් පසු වූ බවයි සදහන් වන්නේ. වයස අවුරුදු 68 ක පමණ පුද්ගලයෙක් මෙලෙස මිය ගොස් තිබෙන අතර එම පවුලේ එක් අයෙකුට කොරෝනා අසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබුණ බවත් […]


Nov
13

සති අන්තයේ රටටම ඇඳිරි නීතිය පනවනව ද?

Generic placeholder image

හෙට සහ අනිද්දා දෙදින තුළ රටටම හෝ ප්‍රදේශ වශයෙන් හෝ ඇඳිරිය නීතිය පැනවීමේ කිසිඳු සූදානමක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු පැවසුවේ, වෛරස් ව්‍යාප්තිය පාලනයට යම් යම් පියවර ගත්ත ද රටටම ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවක් පැන නැගී නොමැති බවයි. සති අන්තයේ රට තුළ ඇඳිරි නීතිය පනවන්නේ යැයි පැතිර යන ප්‍රචාර […]


Nov
13

බස්නාහිරින් යන එන අය සොයන්න පොලිසීය සීරුවෙන්

Generic placeholder image

නිරෝධායන නීති කඩ කරමින් බස්නාහිරින් යන එන අය පුද්ගලයින් සෙවීම සදහා විශේෂ මෙහෙයුමක් පොලිසීය විසින් ආරම්භ කර තිබෙනවා. යම් පුද්ගලයෙක් මෙලෙස බස්නාහිරෙන් පිටව ගොස් තිබෙනනම් ඔහු හෝ ඇය පිලිබදව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩි දුරටත් සදහන් කරනවා. අත්‍යාවශ්‍ය සේවාවල සාමාජික සාමාජිකාවන්ට මෙලෙස මෙම පළාතෙන් පිටව යෑමට හෝ ඒමට හැකි වන […]


Nov
13

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ආසාදිතයින් 12ක් හඳුනා ගනියි

Generic placeholder image

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ කොරෝනා ආසාදනය වූ රැඳවියන් 12 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අතර ඊයේ බූස්ස බන්ධනාගාරයෙන් ද රැඳවියන් 3 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා. ඒ අනුව මේ වනවිට බන්ධනාගාරවලින් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 172ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Nov
13

ගත වූ පැය විසි හතරේ කොරෝනා වාර්තාව

Generic placeholder image

අද උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 373දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය පවසන්නේ, දේශීයව පුද්ගලයින් 369දෙනෙක් සහ විදෙස්ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු වශයෙන් එලෙස හඳුනාගත් බවයි. කුරුණෑගල ප්‍රදේශයෙන් ආසාදිතයින් 226 දෙනෙක්, ත්‍රිකුණාමලයෙන් ආසාදිතයින් 10ක් සහ මොණරාගලින් ආසාදිතයින් 8ක් එම ආසාදිතයින් අතරට […]


Nov
13

කොළඹ බන්ධනාගාර නිලධාරීන්ට නිල නිවාසවල රැඳී සිටින්නැයි දැනුම්දීමක්

Generic placeholder image

කොළඹ බන්ධනාගාර නිලධාරීන්ට සති දෙකක කාලයක් සිය නිල නිවාසවල රැඳි සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ඒ අනුව වැලිකඩ, කොළඹ රීමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාරවල කිසිදු නිලධාරියෙකුට බන්ධනාගාරයෙන් පිටතට යාමට අවසර හිමි නොවේ. බන්ධනාගාර ආශ්‍රයෙන් කොරෝනා ආසාදිතයින් 159 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබෙනවා.


Nov
12

තවත් ආසාදිතයින් 92ක්

Generic placeholder image

පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 92දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. යුද හමුදාපතිවරයා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර පැලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 369ක්. එමෙන්ම දිවලුපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 12,227ක් ලෙසයි.


Nov
12

ඩ්‍රෝන තාක්ෂණයෙන් නිරීක්ෂණය වූ නිරෝධායන නීති උල්ලංඝණය කළ 15 දෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

හුදෙකලාකර ඇති කොළඹ, මෝදර ප්‍රදේශයේ නිරෝධායන නීති උල්ලංඝණය කළ 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, ඩ්‍රෝන කැමරා භාවිතයෙන් එම පුද්ගලයින් හඳුනාගත් බවයි. හුදෙකලාකර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩකරමින් හැසිරෙන පුද්ගලයින් ඩ්‍රෝන තාක්ෂණය මඟින් නිරීක්ෂණය කර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මුල්වරට දැනුම් දුන්නේ අද දහවල් පැවැති මාධ්‍ය හමුවකදීයි. අද පස්වරුවේ […]


Nov
12

තවත් ආසාදිතයින් 277ක් හඳුනා ගැනේ

Generic placeholder image

නව කොරෝනා ආසාදිතයින් 277 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් පෑලිගොඩ කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 12,135ක් ලෙසයි.


Nov
12

සති අන්තයේ සියලු දුම්රිය ගමන් අත්හිටුවයි

Generic placeholder image

මෙම සති අන්තයේ ධාවනයට නියමිතව තිබූ සියලුම මගී දුම්රිය අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී ප්‍රනාන්දු මහතා පැවසුවේ, නොවැම්බර් මස 16 වැනි සඳුදා සුපුරුදු පරිදි දුම්රිය ධාවනය වන බවයි. සියලු කාර්යාල දුම්රිය හා ප්‍රාදේශීය වශයෙන් එදින දුම්රිය ධාවනය කරන බව ද ඔහු පැවසුවා.


Nov
12

බත්තරමුල්ලේ යාචකයෙකුට කොරෝනා

Generic placeholder image

බත්තරමුල්ල ප්‍රදේශයේ රැඳී සිටි යාචකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ, අහඹු ලෙස සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදීයි. ඒ අනුව ඔහු සමීපව ඇසුරු කළ තවත් යාචකයින් 8 දෙනෙකු නිට්ටඹුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.


Nov
12

තවත් කොරෝනා මරණ දෙකක් මුල්ලේරියාව මූලික රෝහලෙන් වාර්තා වෙයි

Generic placeholder image

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 48 දක්වා ඉහළ නංවමින් තවත් පුද්ගලයින් දෙදෙනෙක් මුල්ලේරියාව මූලික රෝහලේදී මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක් ජනරාල්වරයා තහවුරු කළා. ඔවුන් දෙදෙනා කොළඹ 12 සහ මීගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ එම මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post