ඉන්දියාවේ කුල සම්ප්‍රදයා අනුව කුලවතුන්ගේ ස්පර්ශයට නුසුදුසු යැයි සලකනු ලැබූ කුලහීන තරුණියෝ දෙදෙනෙක් කුලවතුන් යැයි සම්මත පුද්ගලයින් 04 දෙනෙකු විසින් දුෂණය කර ඇති බව ඉන්දීය වාර්තා සදහන් කරනවා. මෙම සිදුවීම් වාර්තා වී තිබෙන්නේ ඉන්දියාවේ හත්රාස් දිස්ත්‍රික්කයේ හා බාල්රාම්පුර් යන ප්‍රදේශ වලදීය. වයස අවුරුදු 19 ක් හා 22 වූ මෙම සමුහ දුෂණයට ලක් වුණු තරුණියන් දෙදෙනා […]
අගහරු ග්‍රහයා තුල සිදු කරනු ලැබූ නවතම පරීක්ෂණයකින් තහවුරු වී තිබෙන්නේ එම ග්‍රහයා අභ්‍යන්තරයෙන් ධ්‍රැව සහිත ජලාශයන් දක්නට ලැබෙන බවයි. චන්ද්‍රිකා රේඩාර් දත්ත අනුව ජීවයේ අතවශ්‍ය සාධකයක් ලෙස සැලකෙන ජලය අගහරු ග්‍රහයා මත තිබීම නිසා නැවත වරක් අගහරු මත ජීවයක් පවතින බවට තහවුරු වී තිබෙන බවයි විද්‍යාඥයින් මත පල කරන්නේ.
විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුල ඉඩම් ඇති බව පවසමින් මේ දිනවල බොහෝ දෙනා විල්පත්තුවට පැමිණෙමින් සිටින බව පැවසෙනවා. ඇතැම් පුද්ගලයෙක් තමාට විල්පත්තුව රක්ෂිතයෙන් අක්කර 115 ක ඉඩමක් ඇති බව ද පවසමින් අදාල බලපත්‍ර ද සහිතව බලධාරීන් හමුවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. අදාල පාලනාධිකාරිය සදහන් කරන්නේ ඉඩම් අයිතිය ගැන කියමින් එන පුද්ගලයින් මේ වන විට වැඩි […]
පසුගියදා ඇලහැර – බකමුණ පොල් අතුවාඩිය ප්‍රදේශයේදී පතලක හමු වූ කළු ගලක සැදුණු නිල් මැණික ස්වර්ණභරණ අධිකාරියේ පරික්ෂාවට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම කළු ගල තුලින් ආලෝකය විහිදුවීමේ සුවිශේෂීතාවය නිසා බලධාරීන් මෙම කළු ගල වැඩි දුර පරික්ෂාව සදහා යොමු කර තිබෙන බව වාර්තා වෙනවා.
මාරාන්තික කොරෝනා වෛරසයට මේ වන විට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ බිරිද මෙලනියා ට්‍රම්ප්ට ගොදුරු වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ජනපති ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ , තමා සහ බිරිඳ මේ වන විට අදාල ප්‍රතිකාර සදහා යොමු වී ඇති බවයි
අද(01) වප්පුර පසළොස්වක පොහොය දිනයයි. බුදුන් වහන්සේ තවුතිසා දෙව්ලොවින් දඹදිව සංකස්ස නුවරට වැඩමකරවීම සිදු වූයේ ද අද වැනි පොහොය දිනකයි
අද(01) ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනයයි. මෙවර ළමා දින ජාතික උත්සවය හෙට(02) දිනයේ “අප රට අපේ දෑතින්” යන තේමාව යටතේ පැවැත්විමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ළමා දින ජාතික උත්සවය පැවැත්විමට නියමිත අතර ලෝක ළමා දිනයට සමගාමීව ළමුන්ගේ ආරක්ෂාව උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක […]
ඊයේ සවස රාජකාරි නිමවා නිවාස බලා යමින් සිටි 49 හැවිරිදි රාජ්‍ය අංශයේ නිලධාරිනියක් කලුතර සිට අලුත්ගම දක්වා ධාවනය බස් රථයක ගමන් කරමින් සිටියදී පසු පස අසුනේ සිටි පුද්ගලයෙක් ශරීරය අවස්ථා කිහිපයකදී විටින් විට ස්පර්ශ කර තිබෙන බව පවසන ඇය එහිදී අදාල බස් රථයේ මගීන්ට හා කොන්දොස්තරවරයාට මේ පිලිබදව පවසා තිබෙනවා. එම අවස්ථාවේ අලුත්ගම බස් නැවතුමේ […]
මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වීමෙන් මේ වන විට ලෝකය පුරා විවිධ වයස් මට්ටමේ පුද්ගලයින් මිය ගොස් තිබෙනවා. ලොවම බලා සිටින්නේ මෙම වෛරසයට එරෙහිව සටන් කල හැකි එන්නතක් නිපදවන තුරුයි.. මෙවන් පසුබිමක අත්හදා බැලීම් ලොව පුරා ඒ හේතුවෙන් සිදු කරනු ලබන අතර චීනයෙන් සිදු කරනු ලබන නවතම පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ අලුත උපන් බිළිඳුන්ට කොරෝනා වෛරසයෙන් […]
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රත්මලාන කොතලවපුර ප්‍රදේශයේ ඊයේ පැවැති ජන හමුවක් අමතමින් සිටියදී ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම අවස්ථාවේදී ජන හමුව අමතමින් සිටි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කලේ ගල් ගැහුවට ” මම යන්නේ නෑ . ප්‍රශ්නයක් නෑ ..මම යන්නේ නෑ ” යනුවෙන්ය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. අධිකරණ කටයුතුවලට බාධා වන ආකාරය පුවතක් පළ කිරීම හේතුවෙන් ඉකුත් 01 වන දා මොහුව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.
ලෝකයේ බොහෝ රටවල ස්ත්‍රී දූෂණ සිදුවීම් දිනෙන් දින ඉහල යමින් තිබෙන බව වාර්තා වන පසුබිමක අසල්වැසි ඉන්දියාවේ ජාතික අපරාධ තොරතුරු කාර්යංශය කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙන්නේ එරට දෛනිකව ස්ත්‍රී දූෂණ 87 ක් පමණ සිදු වන බවයි. බොහෝ විට එරට කාන්තාවන්ට එරෙහිව සිදුවන අකටයුතු කම් හාර ලක්ෂයකට අධික ප්‍රමාණයක් පසු ගිය වසර තුල වාර්තා වී […]