වයස අවුරුදු 17 ක පමණ පාසල් සිසුවියක් උපකාර පන්තිවලට සහභාගී වීම සදහා මාතර ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිට ඇති අතර 27 වනදා සිය නිවස පිහිටි දෙණියාය ප්‍රදේශයෙන් නැවත උපකාර පන්තියට සහභගි වී සදහා අදාල නේවාසිකාගාරයට ගොස් තිබෙනවා. එහිදී මෙම දැරිය මෙම අතුරුදන් වී ඇති බවයි එම දෙමව්පියන් සදහන් කරන්නේ.. ඇයගේ ජංගම දුරකතනයද විසන්ධි තත්වයක පවතින […]
වාහන ආනයනය කිරීම අත්හිටුවීමට ගෙන තිබෙන තීරණය නිසා මෙරට වාහන හිගයක් සහ පවතින වාහන වල මිල ගණන් අසීමාන්තික ලෙස ඉහල ගොස් ඇති බවට පසුගියදා කතා බහට ලක් වුණා. කෙසේ වෙතත් විෂයභාර අමාත්‍ය දිලූම් අමුණුගම මහතා සදහන් කරන්නේ ආනයනික වාහන මිල ගණන් අඩු කිරීමට ආණ්ඩුව කටයුතු නොකරනු ඇති බවයි. ඒ රට තුළ වාහන එකලස් කිරීම දිරිගැන්වීම […]
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම හා දකුණු පළාත්වලත් තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල ඌව පළාතේත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. ගිගුරුම් සහිත වැසි සමග සිදුවිය හැකි අකුණු අනතුරු අවම කර […]
2004 වර්ෂයේදී සුනාමියෙන් අතුරුදන් වූ බව කියන වයස අවුරුදු 05 ක් පමණ වයසැති දරුවෙකු පිලිබදව සොයමින් සිටි දෙමව්පියන්ට ඔවුන්ව සොයගෙනම එම දරුවා පැමිණ ඇති පුවතක් සමන්තුරේ, කාර්තිව් ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස සොයාගෙන ආ දරුවා මේ වන විට වයස අවුරුදු 21 ක් පමණ වනවා. මෙම දරුවාගේ මව ලෙස සැලකෙන අබුසාලි සිත්ති කමාලියා මව සදහන් කරන්නේ මේ […]
ඊයේ රාත්‍රියේ 10 ට පමණ නින්දටගොස් සිටිය 15 හැවිරිදි දැරියක් අවදි වී බලන විට ඇද මත නොසිටිම නිසා පවුලේ පිරිස අසල්වාසීන් විසින් අදාල දැරිය සොයා මෙහෙයුම් දියත් කර සිටියදී අද කොත්මලාඔයට ජලය ගලා බසිනා නානුඔය ඩෙස්පොඩ් ඇළේ තිබියදී එම දැරියගේ සිරුර හමුව ඇති බව නානුඔය පොලිසිය සදහන් කරනවා. මහේන්ද්‍රන් යෂෝධා නම් වූ 15 හැවිරිදි පාසල් […]
ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කිරී අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා.
කණ්ඩායම් සංගීතයේ ජනප්‍රිය සංගීත කණ්ඩයමක් වන මේරියන්ස් සංගීත කණ්ඩායම පසුගියදා (26) වනදා සිය 32 වන සංවත්සරය සමරනු ලැබුවා. ඒ අවස්ථාවට සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා ඇතුළු කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් එක්ව සිටියා.
නිවාස ගැටලුවට විසදුමක් වශයෙන් සෑම මැතිවරණ කොට්ඨාශයකම නිවාස 100 කින් යුත් මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරිමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා.
ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමේදී ලබන වසරේ සිට යලිත් පාසල් ළමුන්ට වවුචර්පත් වෙනුවට රෙදි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා මේ අනුව නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි වැඩි ප්‍රතිශතයක් දේශීය නිෂ්පාදකයින්ට හරහා ලබා ගැනීමටයි අවදානය යොමු කර ඇත්තේ.
ලෝක හදවත් දිනය අදට යෙදී තිබෙනවා. මෙවර හදවත් දිනයේ තේමාව නම් “හෘද රෝග පරාජය කිරීම සඳහා හදවත භාවිත කරන්න“ යන්නයි. අද දිනට දී ඇති ලෝක හදවත් දිනය නිමිති කොටගෙන දිවයින පුර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව වාර්තා වෙනවා.