ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට ගත් පිරිස 17717ක් බවට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එහිදී වාහන 4586 ක් ද අත්අඩංගුවට ගත් බවයි. ඊයේ(07) උදෑසන 6 සිට අද(08) උදෑසන 6 දක්වා වු ගත පැය 24 ක කාලය තුළ පමණක් පුද්ගලයින් 1815 ක් අත්අඩංගුවට පත්ව ඇත. එහිදී අත්අඩංගුවට පත් වාහන සංඛ්‍යාව 595ක්.
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති වැඩපිළිවෙල ඉදිරියට ද පවත්වාගෙන යාම මගින් වෛරස ව්‍යාප්තිය මෙරටින් තුරන් කළ හැකි බව පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය පවසයි. හලාවත ඉරණවිල පිහිටි “අමෙරිකන් හඞ” සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය කොරෝනා ආසාදිත රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය මෙම අදහස් පල කළේය.
අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බලකායේ විශේෂ රැස්වීමක් එහි ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(07) දින සෞඛ්‍ය අමාත්‍යවරියගේ ද සහභාගීත්වයෙන් පැවැත්විය. එහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පහත සඳහන් තීරණ ගෙන තිබේ. ඒ අනුව එළැඹෙන බ්‍රහස්පතින්දා උදෑසන 9 සිට සවස 5 දක්වා දිවයින පුරා සියලු ඖෂධ අලෙවිසැල් විවෘත කර තැබිය යුතු බවට එහිදී තීරණය වී […]
ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මේ වන විට ලක්වැසි ජනයා දැඩි බලපෑමකට ලක්ව තිබෙන පසුබිමක විශේෂයෙන්ම එදා වේල හරි හම්බ කරන් ජිවත් වූ මිනිසුන්ගේ ජිවිත දැඩි අපහසුතාවයකට ලක්ව තිබෙන මොහොතක Voice of Asia මාධ්‍ය ජාලයේ ගරු සභාපති රොෂාන්ත කාරියප්පෙරුම මහතාගේ මග පෙන්වීම යටතේ Dialog ආයතනය සමග අත්වැල් බැද ගනිමින් එම පිහිටක් […]
කොරෝනා වෛරසයේ තිඹිරිගෙය ලෙස සැලකෙන චීනයේ වුහාන් නගරයේ ගමනාගමන කටයුතු යළි ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවා. කොවිඩ් 19 වෛරසය සීඝ‍්‍ර ලෙස පැතිරයාමත් සමග මාස තුනකට අධික කාලයක් වූහාන් නගරය සමග ඇති සියළු භාහිර සබදතා වළක්වමින් හුදෙකලා කරනු ලැබුවා.
අණදෙන නිළධාරී විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ දිවයින පුරා පිහිටි සියළුම විශේෂ කාර්ය බලකා කදවුරු මගින් එම කදවුරු පිහිටි ප‍්‍රදේශ වල ජීවත් වන දිළිදු ජනතාව වෙනුවෙන් ආහාර පාර්සල් බෙදාහැරීමේ වැඩසටහනක් අද කි‍්‍රයාත්මක කර තිබෙනවා. සෑම වෙසක් පොහෝ දිනකම සිදුකරනු ලබන ධර්මදේශනා කටයුතු සිදු කිරීමට නොහැකි වන හෙයින් ඒ […]
ලොව සියලු රටවල් ආර්ථික වශයෙන් දැඩි පසු බෑමකට ලක්ව ඇති අවස්ථාවක කිසිදු ආගමික, දේශපාලනික භේදයකින් තොරව සහන සැලසීමට රජය විසින් පියවර ගෙන ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට සුලු මොහොතකට පෙර විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රකාශ කළා. රටේ සියලුම දේශපාලන පක්ෂ භේදයකින් තොරව මේ අවස්ථාවේදී රජයට සහය දෙන බවත් අප සියලු දෙනාගේ එකම පොදු සතුරා […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.
මෙම වසරේ දිස්වන පුරහඳවලින් විශාලතම සහ දීප්තිමත්ම වූ “සුපිරි රෝස චන්ද්‍රයා” නමින් හදුන්වන පුරහඳ සමඟ බුද, සිකුරු, අඟහරු, බ්‍රස්පති සහ සෙනසුරු යන ග්‍රහයින් 5ක් ද දිස්වන අහස් සංදර්ශනයක් බක් පුර පොහෝ දින අද (07) රාත්‍රී අහසේ දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. පෘථිවිය වටා චන්ද්‍රයා […]
රටේ පවතින වර්තමාන තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලබන විශේෂ ප්‍රකාශය අද රාත්‍රී 7.45 ට සියත tv ඔස්සේ බලාපොරොත්තු වන්න.
මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම නිසා අත්අඩංගුවට පත් පිරිස 16124 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය මාර්තු 20 වන දින සිට අද (07) දහවල් 12.00 දක්වා මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇත. මෙම කාලය තුළ වාහන ද 4064ක් අත්අඩංගුවට පත්ව තිබේ. අද දහවල් 12.00 සිට ගතවු පැය 6 ට පමණක් පුද්ගලයින් 222ක් අත්අඩංගුවට පත්ව ඇති අතර වාහන […]