සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේහය ඊයේ රාති‍්‍රයේ දිවයිනට රැගෙන එනු ලැබු අතර අද ඒ මහතාගේ දේහය රත්නපුර, ගොඩකවෙල ප්‍රදේශයට රැගෙන යාමට නියමිත තිබෙන බව වාර්තා වෙනවා. මිය යන විට ඒ මහතා 57 වන වියේ පසුවුණා.
ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එරට ඩිමෝකට්රීස් පක්ෂ කමිටුව දෝෂාභියෝගයක් ගෙන ඒම සදහා ප්‍රබල සාක්ෂි පවතින බව සදහන් කරනවා. අනුව ඔහුට එරහිව මෙම දෝෂාභියෝගය ගෙන එම කඩිනම් කරන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ තමාට එරහිව සිදු කරන මෙම ප්‍රකාශ තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, මෙය ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය හේතුවෙන් තමාට එරහිව […]
කරාපිටිය රෝහල් කමිටුවේ සභාපති පාලිත අමරවර්ධන සදහන් කරන්නේ සායනික අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 12 ක් මේ වන විටත් කරාපිටිය රෝහල් භූමියේ රඳවා ගෙන ඇති බවයි. විශේෂයෙන්ම මෙලෙස දින ගණනාවක සිට සායනික අපද්‍රව්‍ය සහිත කන්ටේනර් රදවා ගැනීම තුලින් රෝහල් පරිශ්‍රයේ සෞඛ්‍ය ගැටළු බොහොමයක් ඇතිව තිබෙන බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.
තෙදින නිල සංචාරයක් සඳහා මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ශහීඩ් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඒ මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබෙනවා.
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව සහ බණ්ඩාරවෙල අතරදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී බව දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
එක්සත් ජාතික පක්ෂයේ පක්ෂයේ නායකත්වය සහ විපක්ෂනායක ධුරය ගැන විශේෂ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පක්ෂ මූලස්ථානයේදී රැස්වීම පැවැත්වෙන අතර එමෙන්ම එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ද අද පෙරවරු පවත්වීමට නියමිත බවයි පැවසෙන්නේ.
දිවයින පුරා අදත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු ,ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය වර්ධනය විය හැකි බව එම දෙපාර්තුමේන්තුව පවසනවා. ඒ අනුව මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි සහ පැයට කිලෝමීටර 50-60 දක්වා තද සුළං ඇති විය හැකි බවත් දිවයිනේ ජලාශ කිහිපයක […]
සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ දේහය සිංගප්පුරුවේ සිට ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබෙනවා.
2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ මස 19 වැනිදා කොල්කටා හිදී පැවැත්වෙනවා. ඒ සඳහා ඉන්දීය ක්‍රීඩකයින් 713 දෙනෙක් සහ විදේශීය ක්‍රීඩකයින් 258 දෙනෙකු කණ්ඩායම් 8 පුරාවට ඉතිරිව පවතින අසුන් 73 ක් සඳහා සටන් වදිනු ඇති. මේ සඳහා ඉදිරිපත් වන ඉන්දීය ක්‍රීඩකයින් 713 දෙනා අතර දැනට ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩකයින් 19 […]
13 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තවත් රන් පදක්කම් දෙකක් හිමිකරගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ වූෂු පිරිමි ඉසව්ව සහ දුර පැනීම කාන්තා ඉසව්ව ජයගනිමින්. එහෙත් ඊයේ දිනයේදී සමස්ත පදක්කම් සටහනේ තුන්වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව මේ වන විට හතරවන ස්ථානය දක්වා පසුබැස තිඛෙනවා. පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවන්නේ සත්කාරක නේපාලයයි. ඒ රන් පදක්කම් 27 […]
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් වෙත අධ්‍යාපන අමාත්‍යංශය සහ ආපදා අංශ විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා. අද සහ හෙට මෙන්ම ඉදිරි දිනවලදී අනපේක්ෂිත වැසි සහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවත්, එම තත්ත්වය තුළ යම් අපහසුතාවක් සිදුවේ නම් ඒ පිළිබඳ වහාම දැනුම් දෙන ලෙසත්, එම නිවේදනයේ සඳහන්. ආපදා තත්ත්වයෙන් […]
ඉන්දුනීසියානු සම්භාව්‍ය ප්‍රාසාංගික කලා කණ්ඩායමක් ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේදී ප්‍රසංගයක් පවත්වා තිබෙනවා. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වර්ෂ 70ක් සම්පූර්ණවීම නිමිති කරගෙන මෙය පවත්වා ඇති බව සදහන්. ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ භුබනේෂ්වර් නගරයේදී මෙම විෂේශ ප්‍රසංගය පවත්වා ඇති අතර මෙම ප්‍රසංගයේ ඉදිරිපත්කිරීම් සිදුකළේ ඉන්දුනීසියාවේ සම්භාව්‍ය ප්‍රාසාංගික කලා කණ්ඩායමක් විසින්. ඔවුන් විසින් ඉදිරිපත් කළ ගීත නාටකයට රාමායණයේ එන […]