News Line| Off Air
Generic placeholder image

Aug
29

ලොව පළමු වරට මොළයෙන් හමු වූ පණුවා

Generic placeholder image

ඕස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළයෙන් ජීවී පණුවෙකු හමු වී තිබෙනවා. 64 වයසැති එම කාන්තාවගේ මොළයේ සෙන්ටිමීටර 8ක පමණ පණුවෙකු සිටි බවයි වාර්තා වන්නේ. ඇයට අමතක වීම ඇතුළු රෝග ලක්ෂණ කිහිපයක් හේතුවෙනුයි වෛද්‍යවරයා හමුවී ඇත්තේ. ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල සිටින විෂ රහිත සර්පයන්ගේ ශරීර තුළ වැඩි වශයෙන් මෙම පණු වර්ගය සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ සහ […]


Aug
29

ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්

Generic placeholder image

ඉන්දුනීසියාවේ බාලි මුහුද අභ්‍යන්තරයේ ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙනවා. එය රික්ටර් පරිමාණ ඒකක 7ක් ලෙසයි සටහන්ව ඇත්තේ. එරට වේලාවෙන් අද අලුයම 4ට පමණ මෙම කම්පනය සිදු වී ඇති බවයි ඉන්දුනීසියානු භූ විද්‍යා ඒජන්සිය පවසන්නේ. කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බවයි එරට බලධාරීන් පෙන්වා දෙන්නේ.


Aug
28

හොරණ තරුණියක් අභිරහස් ලෙස මිය යයි

Generic placeholder image

හොරණ ප්‍රදේශයේ තරුණියක් ඊයේ අභිරහස් ලෙස මිය ගොස් තිබුණා. ඇගේ මරණයට හේතුව මේ වන විට අනාවරණය වී තිබෙනවා. මේ අතර කරාපිටියේ දී මිය ගිය බිළිඳාගේ ආශ්‍රිතයින්ට සෞඛ්‍ය අංශ විශේෂ දැනුම් දීමක් සිදු කර ඇති බව වාර්තා වනවා. සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය අද එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් භාර දුන්නා. වන විට රෝහල්වල සිදු […]


Aug
28

ප්‍රංශයේ පාසල්වල අබායා ඇඳීම තහනම් වෙයි

Generic placeholder image

ප්‍රංශයේ රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන මුස්ලිම් සිසුවියන්ට අබායා ඇඳීම තහනම් කර තිබෙනවා. මෙම පියවර ගෙන ඇත්තේ ප්‍රංශ පාසල්වල අබායා පැළදීම සම්බන්ධයෙන් මාස ගණනාවක් සිදුකළ විවාදයකින් අනතුරුවයි. අබායා යනු මුස්ලිම් කාන්තාවන් අඳින දිග ගවුමයි. සැප්තැම්බර් 04 වන දා ආරම්භ වන නව පාසල් වරායත් සමඟ වහාම මෙම නීතිය ක්‍රියාත්මක කරන බව එරට අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. […]


Aug
25

ඇන්ටාටික් සාගරයේ පෙන්ගුයින් පැටවුන් දහස් ගණනක් මිය යයි

Generic placeholder image

ඇන්ටාටික් සාගර කලාපයේ පෙන්ගුයින් පැටවුන් දහස් ගණනක් මියයාමේ පුවතක් වාර්තා වනවා. එම කලාපයේ ඇතිව තිබෙන දේශගුණික විපර්යාස හේතුවෙන් අයිස් දියවී යාම නිසා මෙම මියයාම් සිදුවන බවයි වාර්තා වන්නේ. සාගරයේ පිහිනීමට අවශ්‍ය පිහාටු වර්ධනය වීමටත් පෙර මසුන් දියේ ගිලී මියයාමේ තර්ජනයකට ලක්ව තිබෙනවා. මෙලෙස ගෝලීය උණුසුමත් සමග අයිස් දියවීම වැඩි වුවහොත් පෙන්ගුයින් කුරුල්ලන් මෙම සියවස තුළ […]


Aug
25

ට්‍රම්ප්ගේ මග් ෂොට් එක ඉතිහාස ගතවෙයි

Generic placeholder image

අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇට්ලන්ටාහි පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගනු ලැබූ ට්‍රම්ප් ඩොලර් ලක්ෂ 2 ක (200,000) ඇප බැදුම්කරයක් මත නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ. 2020 වසරේ මැතිවරණ ප්‍රතිඵලයන් වෙනස් කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුලු තවත් 18 දෙනෙකුට වෝදනා එල්ල වී තිබුණා. ඇට්ලන්ටාහි ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් විනාඩි […]


Aug
24

අක්කා තෑගි දුන් බලාපොරොත්තුව

Generic placeholder image

පෙරුම් පිරූ නමුත් සැබෑ කර ගැනීමට අපහසු වූ බලාපොරොත්තුවකට පණ දුන් පුවතක් එක්සත් රාජධානියෙන් වාර්තා වනවා. ඒ 34 හැවිරිදි දරු ඵල නොමැති කාන්තාවකට ඇයගේ වැඩිමල් සොයුරියගේ ගර්භාෂය පරිත්‍යාග කිරීමයි. පැය 9යි විනාඩි 20කට පසු ඇයගේ ගර්භාෂය බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව නිම කල බව වාර්තා වනවා. මෙම සැත්කම සදහා වෛද්‍යවරු හෙද හෙදියන් ඇතුලු 20 දෙනෙකුගෙන් පමණ […]


Aug
24

චන්ද්‍රයාන් 3 සාර්ථකව සඳ මතට

Generic placeholder image

ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 යානයේ වික්‍රම් ලෑන්ඩරය සැලසුම් කල පරිදි ඊයේ (23) සවස 6.4ට සාර්ථකව සඳට ගොඩබැසීම සිදුකළා. මේ වන විට එහි රෝවරය සඳ මත පළමු පියවර තබා ඇති අතර සඳ මත ඇවිද ගිය බවයි ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ. එසේම එය සඳේ ඇති පාෂාණ සහ ආවාට වටා සැරිසරමින් විශ්ලේෂණය සඳහා දත්ත සහ පින්තූර රැස් කරන බවද […]


Aug
15

වනිඳු හසරංග ටෙස්ට් පිටියට සමුදීමේ සූදානමක්

Generic placeholder image

ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. වනිඳු සිය තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් මඟින් දන්වා ඇති බවයි ක්‍රිකට් ආයතනය තහවුරු කළේ. අදාළ ලිපිය පහතින්,


Aug
10

ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂකයෙක්ව වෙඩි තබා ඝාතනය කෙරේ

Generic placeholder image

ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂක Fernando Villavicencio වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ ඔහු එරට අගනුවර පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගී වී සිටියදී. කෙසේ වෙතත් සැකකරු අල්ලා ගැනීමට සිදුකළ මෙහෙයුම්වල දී ඇතිවූ තුවාල හේතුවෙන් ඔහු ද මිය ගිය බව එරට බලධාරීන් පවසනවා. ඉක්වදෝරයේ ජනාධිපතිවරණයේ පළමු වටය අගෝස්තු 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.


Aug
10

එලොව ගිහින් පැය භාගයෙන් මෙලොව ආව දේශපාලඥයා

Generic placeholder image

භාරතීය ජනතා පක්ෂයේ නායක මහේෂ් බගේල් නම් දේශපාලඥයා මියගොස් විනාඩි 30කට පසු නැවත ජිවතුන් අතරට පැමිණ තිබෙනවා. ඇතිවූ ආසාධන තත්ත්වයක් හේතුවෙන් ඔහුව රෝහල් ගතකළ බවයි වාර්තා වන්නේ. රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමග ඉන්ද්‍රියන් අකර්මණ්‍ය වී තිබුණා. පසුවයි වෛද්‍යවරුන් මහේෂ් බගේල් මිය ගිය බවට තහවුරු කර ඇත්තේ. කෙසේ වෙතත් දේහය නිවසට රැගෙන විත් විනාඩි කිහිපයකට පසු […]


Aug
8

අමෙරිකාවේ ගිනි නිවීමක් අතරතුර හෙලිකොප්ටර් 2ක් එකිනෙක ගැටෙයි

Generic placeholder image

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දී ගිනි නිවන හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා. ඒ ගිනි නිවීමේ මෙහෙයුමක් අතරතුර දී. අනතුරින් පුද්ගලයින් තුන් දෙනෙක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අනතුර සිදුව ඇත්තේ හෙලිකොප්ටර් 2ක් එකිනෙක ගැටීමෙනුයි. නමුත් එක යානයක් නිරුපද්‍රිතව ගොඩබස්වා ඇති අතර කඩා වැටි ඇත්තේ අනෙක් යානයයි. සිද්ධිය සම්බන්ධයෙන් එරට ගමනාගමන ආරක්ෂක මණ්ඩලය පරීක්ෂණ ආරම්භ […]


News Articles
Latest Videos
Most Popular Post