News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
30

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය දින 100ක් වසයි

Generic placeholder image

වාර්ෂිකව සිදුකෙරෙන අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු විදුලි ජනන යන්ත්‍රයේ කටයුතු දින 100ක කාලයක් සඳහා වසා දැමෙන බව එම බලාගාරයේ පරිපාලන අංශ පවසනවා. මේ නිසා මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික විදුලිබල සැපයුමට අහිමි වනු ඇති බව සදහන්. කෙසේ වෙතත්, නොරොච්චෝලේ බලාගාරයේ සෙසු ජනන යන්ත්‍ර දෙක තවදුරටත් ක්‍රියාත්මක වන බව එහි පරිපාලනය සඳහන් කළා.


Sep
30

ශ්‍රී ලංකා – පාකිස්ථාන තරගයට කරච්චි නුවර සියල්ල සුදානම්න්

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා – පකිස්ථාන තරග ආරම්භයට සියලු කටයුතු මේ වන විට සුදානම් බව වාර්තා වෙනවා. පකිස්ථානයට අවුරුදු 10 කට පසු ක්‍රිකට් වසන්තය අද උදා වී තිබෙනවා. ඒ නිසාවෙන් පාකිස්තාන ක්‍රීඩා ලෝලීන් මහත් උද්යෝගයෙන් මෙම තරගය බැලීමට ක්‍රීඩාගාරය වෙත පැමිණෙන බව වාර්තා වෙන අතර එමෙන්ම තරගය සජීවීව නැරඹිමට ප්‍රේක්ෂකයින් උනන්දුවෙන් බලා සිටිනවා. ශ්‍රී ලංකාවේ වේලාවෙන් […]


Sep
30

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරු මයිකල්ද සොයිසා මහතා මෙලොවින් සමුගනී

Generic placeholder image

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරුවෙක් වෙන මයිකල්ද සොයිසා මහතා අභාවප්‍රපාත්ත වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සමාජිකයෙක් ඇතුළු විවිධ තනතුරු ඔහු දරා ඇති අතර ඔහුගේ අභාවය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර අද පැවැත්වෙන එක්දින තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කලු පටි පැළඳ ක්‍රීඩා කිරීමට නියමිතයි.


Sep
30

ලෝක ඉන්ධන මිල ඉහළ යයිද? සෞදියේ කුමරුගෙන් දැඩි ප්‍රකාශයක්

Generic placeholder image

පසුගියදා ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ගුවන් ප‍්‍රහාර හේතුවෙන් ලෝක බොර තෙල් මිල ගණන් ඉහල ගිය අතර මෙම ප්‍රහාර පිළිබද ඉරානය සහ සෞදි රජය අතර මතභ්දයකට හේතු වුණා. මේ හේතුවෙන් සෞදියේ ඔටුන්න හිමි කුමරු ප්‍රකාශ කලේ ඉරානය සම්බන්දයෙන් ගෝලීය ප්‍රජාව යම් ප්‍රතිචාරයක් දැක්විය යුතු බවයි. එමෙන්ම ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේ […]


Sep
30

ආබාධිත රණවිරුවන් ක්‍රියාත්මක කළ සත්‍යග්‍රහය අවසන් කරයි

Generic placeholder image

ආබාධිත රණවිරුවන් ක්‍රියාත්මක කළ සත්‍යග්‍රහය මීට සුලු වේලාවකට පෙර අවසන් කළ අතර ඔවුන් දින 20 ක් පුරා මෙලෙස සත්‍යග්‍රහයේ නිරත වුයේ කොටුව දුම්රියපළ ඉදිරිපිටදීයි. පසුව ඔවුන් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී උපවාසයක් ද ආරම්භ කළා.


Sep
30

දුම්රිය ධාවනයට විශ්‍රාමිකයින් කැදවයි

Generic placeholder image

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සිදු කරනු ලබන දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු සඳහා දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ හේතුවෙන් විශ‍්‍රාමික නිලධාරීන්ගේ සේවය අද සිට ලබා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. දින ගණනාවක් පුරා පවතින මෙම වර්ජනය නිසාවෙන් මගින් දැඩි අපහසුතාවකට පත්ව තිබෙනවා. වර්ජනය පැවතියද අද දුම්රිය 10 […]


Sep
30

ලොවම බලා සිටින ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයට රාජ්‍ය ආරක්ෂාවක්

Generic placeholder image

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය අද කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිත අතර දෙරට අතර පලමු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ නිසා විනිසුරුවන් විසින් තරගය නවතා දැමීමට තීරණය කෙරුණා. කෙසේ වෙතත් අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල නොවන බවට එරට කාලගුණ අංශ නිවේදනය කර තිබෙනවා. අද තරගය මෙරට වේලාවෙන් […]


Sep
30

TNA සහාය කාට දෙයිද?

Generic placeholder image

දෙමල ජාතික සන්ධානය මෙවර ජනපතිවරණයේදී සහය ලබා දෙන පක්ෂය පිළිබද බොහෝ දෙන අවධානයෙන් පසුවෙනවා. ගෙවීගිය කාලය තුල සිය සන්ධනයේ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කරන බවට යම් මතයන් පල කර තිබුනද සන්ධානයක් වශයෙන් මෙවර ජනපතිවරණයේදී පුර්ණ සහය දෙන පක්ෂය හෝ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අවසන් තීරණයකට එළබ නොමැති බව දෙමළ […]


Sep
30

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තවත් කොටසක් නුදුරේදීම ජනතා ගමනට

Generic placeholder image

දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තෙට හා මත්තල දිගුව නුදුරේදීම ජනතා අයිතියට පත්කිරීම හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. මේ නිසා කොට්ටාව සිට මත්තල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් වනවා. එතැන් පටන් දක්ෂිණ අධිවෙගී මාර්ගයේ සිවුවැනි අදියර වන අන්දරවැව – හම්බන්තොට දක්වා ලෙස මෙම අධිවේගි මාර්ග ඉදිකර තිබෙනවා. මේ සදහා අයෝජනය කර ඇති මුදල රුපියල් බිලියන […]


Sep
30

ගෝඨාභයට තවත් සහයක්

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කිරීම සදහා ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේද සහය හිමිවන බව ඊයේ ප්‍රකාශ කෙරුණා. ඒ ඊයේ පැවති ලංකා සමසමාජ පක්ෂයේ ජාතික සම්මේලනයෙදී. ඒ අනුව අවස්ථාවට විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.


Sep
30

සන්ධාගතවීම ගැන ජනපති පහදයි

Generic placeholder image

පොහොට්ටුව සළතුණ යටතේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාගතවීමට නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ශ‍්‍රී ලංකා නිදස් පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් සමුලූවට ඊයේ පස්වරුවේ එක්වෙමින්. ” 1818 පළමු නිදහස් සටන හා අස්ගිරි මහා විහාරය” ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථය එළිදැක්වීම අද පස්වරුවේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් මහනුවර අස්ගිරිය පිරිවෙන් විහාරස්ථානයේ දී […]


Sep
30

ගිනියා උප ජනපතිගේ මෝටර් රථ වෙන්දේසියකට

Generic placeholder image

ගිනියා රාජ්‍යයේ ජනාධිපති පුත‍්‍රයාට අයත්ව තිබූ අති සුඛෝපභෝගී ස්පෝට් මාදිලියේ මෝටර රථ පෙළක් ස්විට්සර්ලන්තයේදී වෙන්දේසි කර තිබෙනවා. මෙම මෝටර් රථ ස්විට්සර්ලන්ත බලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබුණේ ඔහු සම්බන්ධයෙන් සිදු කරන දූෂණ චෝදනා පරීක්ෂණ වල ප‍්‍රතිඵලයක් ලෙසයි. ඒ අනුව ගිනියා ජනපති පුත‍්‍රයාට අයත් මෝටර් රථ 25ක් මෙම වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණා. ඒවායේ සම්පූර්ණ වටිනාකම යූරෝ […]


News Articles
Latest Videos
Most Popular Post