News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
17

හිටපු ජනපතිගේ එතෙර වියදම් රජයේ මුදලින් නොවන බව පවසයි

Generic placeholder image

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශයන් හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජය පවසයි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එබඳු සියලු වියදම් හිටපු ජනාධිපතිතුමාගේ පෞද්ගලික මුදලින් දරනු ලබන බවයි. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (16) පැවති මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපතිවරයාගේ එතෙර […]


Aug
17

පළාත් කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි

Generic placeholder image

මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට […]


Aug
16

නව ඖෂධ 03 ක් දේශීයව වෙළඳපළට

Generic placeholder image

මෙරටට අවශ්‍ය ඖෂධවලින් 40% ක් දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක කෙරෙන බවත් ඉන් 20% ක ඉලක්කය අද වනවිට සපුරා ගැනීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වාදෙයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නව ඖෂධ තුනක් වෙළඳපොළට නිකුත් කිරීම නිමිත්තෙන් රත්මලාන පිහිටි එම සංස්ථා පරිශ්‍රයේ පැවැති වැඩසටහනක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.


Aug
16

අද විදුලි කප්පාදුව සිදුවන හැටි

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 1 යි […]


Aug
16

පළාත් කිහිපයකට තැනින් තැන වැසි

Generic placeholder image

මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස […]


Aug
15

දුම්රිය පීලි පැනීමක්

Generic placeholder image

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇත. බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වන රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය බුස්ස ප්‍රදේශයේදී දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත.


Aug
15

තැපැල් ගාස්තු සංශෝධනය අද සිට

Generic placeholder image

සංශෝධනය කරන ලද තැපැල් ගාස්තු අද (15) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. ඒ අනුව රුපියල් 15ක් වන සාමාන්‍ය ලිපියක් සඳහා වන තැපැල් ගාස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට නියමිතයි. එමෙන්ම ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 60ක් දක්වා ඉහළ දමනු ලබයි.


Aug
15

අද පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි.


Aug
8

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩිවිය හැක.


Aug
8

අද විදුලිය කැපෙන හැටි

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි. P Q R S T U V W කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි.


Jul
19

පළාත් කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දකුණු පළාතේ විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද […]


Jul
12

ඉන්දියාවෙන් ආනයනය කළ යූරියා පොහොර අද සිට ගොවීන්ට

Generic placeholder image

ඉන්දීය රජය විසින් මෙරටට ලබාදුන් යුරියා පොහොර තොගය බෙදාහැරීම් කටයුතු අද (12) දිනයේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. පසුගිය 9 වනදා මෙරටට ළඟා වූ පොහොර නෞකාවේ පොහොර ගොඩබෑමේ කටයුතු අවසන් කර ඇති බවත් ඒවා බෙදාහැරීම් කටයුතු දින 10ක් තුළ අවසන් කිරීමට නියමිත බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. කිලෝ ග්‍රෑම් 50ක යූරියා මිටියක් රුපියල් […]


News Articles
Latest Videos
Most Popular Post