ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල අද (19) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතෙත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ […]
කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 133 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 568,506ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදු වූ භූ කම්පනයකින් පුද්ගලයින් 26 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. බඩ්ගිස් ප්‍රාන්තයේ ක්යාඩ්ස් ප්‍රදේශයේ නිවාස රැසකට ද හානි සිදු වී ඇතැයි වාර්තා වනවා. මියගිය පුද්ගලයින් අතර ළමුන් සිව් දෙනෙකු සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. අමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ වාර්තා අනුව මෙම භූ කම්පනය රික්ටර් මාපක 5.3 ක ප්‍රබලතාවකින් යුක්ත බවයි එරට මාධ්‍ය […]
දීර්ඝ සති අන්තයේ විවිධ සංචාරවල හා පුද්ගලයින් වැඩි වශයෙන් එක් රැස්වන ස්ථානවල රැඳී සිටි පුද්ගලයින්ට උණ හෝ ශ්වසන රෝගී තත්ත්වයන් නිරීක්ෂණය වන්නේ, නම් කඩිනමින් පරීක්ෂණ සඳහා යොමුවීම වැදගත් බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද (18) උත්සවාකාරයෙන් විවෘත කිරීම අද පෙ.ව. 10.00 ට ආරම්භ වුවා. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙවත් රාජාසන කතාව සිදුකිරීමෙන් පසු සභාව කල්තැබීම සිදුකෙරෙන බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.
අසනීප නිවාඩු වාර්තා කිරිමේ දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියමාර්ගයක අද (18) නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. විදුලි බල මණ්ඩලයට පත් කළ නව සාමාන්‍යාධිකාරිවරයාට විරෝධතාව පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව එහි විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා ප්‍රකාශ කළා.
ඊයේ(17) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 688ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඉන් 07 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසනවා. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 597,035ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 71 වැනි වියේ පසු වුණා. මාස්ටර් සර්, රන්ටිකිරි සිනා, පුංචි සිතේ පුංචි සීනා වැනි ජනප්‍රිය ගීත රැසක් නීලා වික්‍රමසිංහ මහත්මිය විසින් ගායනා කර තිබෙනවා. ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය ලෙස ද ඇය කටයුතු කර තිබෙනවා.
සබරගමුව පළාතෙත් ගාල්ල, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. ගිගුරුම් […]
ඊයේ (16) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 690ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඉන් 03 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසනවා. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 596,347ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අදට (17) නව වසරේ මුල්ම පොහෝ දිනය වන දුරුතු පොහෝ දිනය යෙදී තිබෙනවා. ලක්වාසී බෞද්ධයන් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදු වු පොහෝ දිනය ලෙස දුරුතු පොහෝ දිනය සැලකෙනවා. සුමන සමන් දෙවියන්ගේ ආරාධනයකට අනුව බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කොට ඇති අතර නැවත දඹදිවට වැඩ කිරීමට ප්‍රථම ලක්වාසී බෞද්ධයන්ට වන්දනා කිරීම […]
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් අද (17) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. සබරගමුව පළාතෙත් නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර […]