ඊයේ (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 436ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 591,667ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දිවයිනට පැමිණි චීන විදේශ අමාත්‍ය වැන්ග් යි මහතා විසින් අද කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් දෙකක් විවෘත කළා. අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක් වුණා.
පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් ශ්‍රී ලංකාවට ගිනිකොණ දිශාවෙන් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද […]
රංගන ශිල්පී ගාමිණි අම්බලන්ගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 66 වන වියේ පසු වුණා.
ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට එතුමා 77 හැවිරිදි වියේ පසු වුණා. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් ඒ මහතා මියගොස් ඇති බව වාර්තා වනවා.
ඊයේ (08) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 580ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 591,231ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාව පවතිනවා. එම නිසා ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි. උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. බස්නාහිර […]
ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. සටන් නළුවෙකු හා සටන් අධ්‍යක්ෂවරයෙකු වූ ඔහු චිත්‍රපට විශාල සංඛ්‍යාවකට මෙන්ම ටෙලි නාට්‍ය කිහිපයකට ද රංගනයෙන් දායක වී තිබෙනවා. රොබින් ප්‍රනාන්දු මහතා මිය යන විට 84 වන වියේ පසු වුණා.
අද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේ දී වරින් වර විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. මිට හේතුව කැළණි තිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිද වැටීමයි.
සරු රටක් නිර්මාණය කිරීමට පැමිණි වත්මන් ආණ්ඩුව තිබුණු රටත් නිසරු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සේරුවිල පැවති වැඩසටහනකට එක්වෙමින්.
රට තුළ යළිත් ඩෙංගු රෝගීන් වැඩි වීමේ අවධානමක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. කොවිඩ් රෝගයට බයේ ගෙදර සිටියත් ඩෙංගුවලින් මරණය පවා අත්විය හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.
ඊයේ (06) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 584ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 590,063ක් දක්වා ඉහළ ගොස් තිබේ.